ලාදුරු රෝගය නැවතත් පැතිර යාමේ අවදානමක්

දිවයින පුරා ලාදුරු රෝගීන් වසරකට 1700 – 2000ක් අතර ප්‍රමාණයක් වාර්ථා වීම හේතුවෙන් නැවතත් ලාදුරු පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස වාර්ථා වන රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්ථා වන්නේ බස්නාහිර දිස්ත්‍රික්කයෙන් බවද ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර මහතා සදහන් කරයි.

2018 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ මේ වන විට ප්‍රතිකාර ලබන ලාදුරු රෝගීන්ගෙන් 27 දෙනෙකු ළමුන් බවත්, ඒ අතර කාන්තාවන 9ක් සිටින බවත් වෛද්‍යවරයා පවසයි. ඔහුට අනුව පසුගිය වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වර්ථා වූ රෝගීන් ගණන 223කි.

රෝගීන් වාර්ථා වන ප්‍රදේශවල තවත් ලාදුරු රෝගීන් සිටීද යන්න හදුනාගැනීම සදහා ජංගම චර්ම රෝග සායන පැවැත්වීමටද සෞඛ්‍ය අංශ  තීරණය කර ඇත.

ලාදුරු රෝගය නිවැරදි ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව කල හැකි රෝගියක් වන අතර සමේ කැළල් 5කට වඩා අඩුවෙන් පවතින රෝගීන්ට මාස 6ක කාලයක් තුලද,කැළල් 5ට වඩා වැඩිනම් මාස 12ක කාලයක් තුලද රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගත හැකි බව වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර මහතා සදහන් කරයි.

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …