ලාදුරු කියන්නේ මොකක්ද?
Mycobacterium leprae (M. leprae) ලෙස හදුන්වන බැක්ටීරියාවක් මගින් ඇති බව රෝගයක් තමයි ලාදුරු ලෙස හදුන්වන්නේ.
ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
ලාදුරු රෝගය බලපෑම සිදුවන්නේ සමට හා මොළයෙන් හා කශේරුකා ස්නායු වලින් පිටතට ඇති පර්යන්ත ස්නායු වලටයි. එමෙන්ම ඇස හා නහය ආශ්රිත ප්රදේශයටපත් මෙහි බලපෑමක් සිදුවනවා.මෙම රෝග තත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස සමේ තුවාල ඇති වීම,කුඩා ගැටිති ඇතිවීම වැනි තත්වයන් දක්වන්නට පුළුවන්.
එමෙන්ම අපි පෙර සදහන් කල ආකාරයට මෙම බැක්ටීරියාව මගින් ස්නායු වලට බලපෑම් ඇති කලහොත් අත් හා පාද වල සංවේදනය අහිමි වීම වැනි තත්වයන් පව ඇති වන්නට පුළුවන්.
සාමාන්‍යයෙන් ලාදුරු රෝගය ඇති කරන බැක්ටීරියාව අපගේ ශරීරයට ඇතුළු වීමෙන් වසර කිහිපයකට පසුව තමයි රෝග ලක්ෂණ මතුවීම ආරම්භ වන්නේ. සාමාන්‍යයෙන් මේ කාලය වසර 2 -5ත් අතර හෝ අවුරුදු 20ක් හෝ විය හැකියි. මේ ආකාරයට බැක්ටීරියාව ශරීර ගතවීමට හා රෝග ලක්ෂණ ඇතිවීම සදහා ගතවන කාලය “වර්ධන කාලය” හෙවත් incubation period ලෙස හදුන්වනවා. ලාදුරු රෝගයේදි මේ incubation period එක ගොඩක් වැඩි නිසාම රෝගය වැලදී ඇති ස්ථානය හෝ කාලය නිර්ණය කරගැනීමට වෛද්‍යවරුන්ට ඉතාමත් අපහසු කාර්යයක් වනවා.
ලාදුරු වර්ග
ලාදුරු වර්ග කිරීම සිදුවන්නේ ලාදුරු හේතුවෙන් සමේ ඇති වන තුවාලයේ තත්වය මතයි.
- Tuberculoid – මෙම තත්වය අනිත් ලාදුරු ආසාදනයන්ට සාපේක්ෂව දරුණු බවින් අඩු තත්වයක්. මෙම තත්වය වැලදුන රෝගියෙකුගේ ඇතිවන්නේ සම මතුපිට දැකිය හැකි අවපැහැයෙන් යුතු කුඩා ලප වැනි ආසාදන එක් හෝ කිහිපයක් පමණයි. එමෙන්ම එසේ ලප සහිත ප්‍රදේශයේ සම හිරිවැටී ඇති ආකාරයක් ඇතිවිය හැකියි. ඊට හේතුව වන්නේ ඊට යටින් ඇති ස්නායු ආසාදනය වී තිබීමයි.
- Lepromatous – මෙම තත්වය ඉහතින් සදහන් කල තත්වයට වඩා දරුණුයි. මෙහිදී සමේ වැඩි ප්‍රදේශය පැතිරෙන ලප දැක ගත හැකියි. එමෙන්ම එවැනි ස්ථාන හිරි වැටීම හා මාංශපේශී දුර්වලතාවයන්ද ඇති විය හැකියි. මෙහි තවත් සැලකිය යුතු තත්වයක් වන්නේ රෝගියාගේ නාසය,වකුගඩුු හා පුරුෂ ප්‍රජනක අවයව පවා මෙහිදී ආසාදනයට ලක්විය හැකියි.
- Borderline – ඉහත සදහන් කර දෙආකාරයේම රෝග ලක්ෂණ ඇතිවීම මේ අවස්ථාවේදී සිදුවනවා.
ලාදුරු හදුනාගන්නේ කොහොමද?
ලාදුරු සදහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
ලාදුරු කියන්නේ සම්පූර්ණයෙන්ම සුව කල හැකි රෝගයක්. සමාන්‍යයෙන් රෝගයේ තත්වය මත මාස 6ක් හෝ අවුරුද්දක් වැනි කාලයක් තුල ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කල හැකියි.
මේ සදහා ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කෙරෙනවා. එමෙන්ම මෙහිදී ඇති වන වේදනාව මැඩලීම සදහා ප්‍රතිප්‍රදාහමය ඖෂධ (Anti-inflammatory drugs ) භාවිතයට ගැනෙනවා. නමුත් මෙහිදී ඇති වන ස්නායු හානිය සදහානම් ඉහල සදහන් ඖෂධ දෙවර්ගයෙන් සුවයක් ඇති වන්නේ නැහැ.
ඇතැම් විට සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධත් භාවිතයට ගැෙනනවා.(Thalidomide – වඩාත් සැලකිලිමත් විය යුතු අතුරු ආබාධ ඇති ඖෂධයකි)
ලදුරු රෝගයේ සංකූලතා මොනවාද?
ලාදුරු රෝගය සම්පූර්ණයෙන්ම සුව කල හැකි ආකාරයේ රෝගයක් වන නමුත් ඒ සදහා නිවැරදි ප්‍රතිකාර සිදු නොකරන්නේ නම් රෝගියාගේ සමට,ස්නායු වලට,අත්වලට,පාද වලට හා ඇසි වලට පවා ස්ථීර හානියක් මේ රෝගයෙන් සිදුවෙන්න පුළුවන්.
- ග්ලූකෝමා ( මේ තත්වය මත අන්ධභාවයද ඇති විය හැක)
- මුනේ ඇති වන වෙනස්කම් ( මුහුණ ඉදිමීම,ගැටිති හෝ ලප ඇති වීම)
- පුරුෂයන් වදභාවය පත්වීම
- වකුගඩු අක්‍රීය වීම
- මාංශපේෂීන් දුර්වල වීම. ( මෙවැනි අවස්ථාවල අත් එල්ලා වැටීම හා පාද නැමීමට නොහැකි වීම වැනි තත්වයන් ඇති වේ)
- නාසයේ ඇතුලතට ස්ථීර ලෙස හානි සිදුවීම ( මෙම තත්වය තුල නාසයෙන් දිගින්දිගටම ලේ වහනය වීම වනි තත්වයන් ඇති වියහැක.)
- අත,පාද, යටිපතුල් වැනි ස්ථාන වෙත පැමිණෙන ස්ණායු වලට හානි සිදුවීම.( මෙවැනි තත්වයක් ඇතිවූ විට අත් හා පාද වල සංවේදනය ඉවත් වන අතර එම රෝගින්ට අත් හෝ පාද වල කිසිදු සංවේදනයක් ඇති නොවේ.)
නමුත් මෙම සංකූලතාවයන් පිලිබදව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන අතර නිවැරදි ලෙස ප්‍රතිකාර සිදුකිරීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කල හැකියි. අවශ්‍ය වන්නේ ඉහතින් සදහන් කල රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීමයි.