මේ ලිපිය ඇතැම් කෙනෙක්ට හාස්‍යජනක මෙන්ම ඇතැම් විට ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කරන්නක් වන්නට පුළුවන්. නමුත් මේ කථාව සංඛ්‍යාත්මකව තහවුරු කරන්න අපිට පුළුවන්.
මේ වන විට පිළිකාව කියන්නේ ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් වල ප්‍රධාන ආදායම් මාර්ගය වී අවසන් කිව්වොත් ඔබ පිළිගන්නවාද? නමුත් ඇත්ත ඒකයි.
මේ වන විට පිළිකා සුව කිරීම සදහා භාවිතා කරන දේශීය වෛද්‍යක්‍රම හා වෙනත් ක්‍රම මගින් පිළිකා සුව වන බව තහවුරු වන්නේ නම් ලොව පුරා කෝටි ප්‍රකෝටි ගණන් ආදායම් ලබන ඖෂධ සමාගම් වල ප්‍රධානතම ආදායම් මාර්ගය මාස කිහිපයක් තුල අතුරුදන් වන බව සහතිකයි. ඒ නිසාම මෙම ඖෂධ සමාගම් කිසි විටක පිළිකා සුව කිරීම සදහා දේශීය හෝ පාරම්පරික වෛද්‍ය ක්රමයන්ට හැකි බව ඔප්පු කරන්නට අවස්ථාවක් ලබා නොදෙන බවනම් සහතිකයි.
පිළිකාව ව්‍යාපාරයක් වීම
වර්ෂ 1940 ඒ කියන්නේ මේ විද්‍යාව හා තාක්ෂණ දියුණුව ඇති වෙන්නටත් පෙර 16 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණයි පිළිකාවක් වැලදීමේ සම්භාවිතාවක් පැවතියේ. 1970 පමණ වන විට එම සම්භාවිතාව සෑම 10 දෙනෙකුගෙන්ම එක් අයක් බවට පත්වනවා. නමුත් වර්තමානය වන විට පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙකුට පිළිකාවක් වැලදීමේ සම්භාවිතාවක් ඇති අතර කාන්තාවන් අතර එය සෑම තිදෙනෙකුගෙන්ම එක් අයෙකු බවට පත්වී තිබෙනවා.
පිළිකාව කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම ව්‍යාපාර කිව්වොත් ඇතැම් විට නිවැරදි වන්නට පුළුවන්. වර්ෂ 2014 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් අළුත් පිළිකා රෝගීන් 1,665,540 වාර්තා වූ අතර පිළිකා හේතුවෙන් සිදුවන මරණ 585,720 වාර්ථා වී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් බදු ගෙවන ජනතාවගේ මුදලින් ඩොලර් බිලියන 60ක පමණ මුදලක් පිළිකාවට පිලියමක් සෙවීම සදහා වන පර්යේෂණ සදහා වැය කරන අතර පිළිකා ප්‍රතිකාර සදහා මේ වන විට ඩොලර් බිලියන 125ක් පමණ වැය වන අතර 2020 වසර වන විට එය 39%ක ප්‍රතිශතයකින් වැඩිවී ඩොලර් බිලියන 173ක් බවට පත්වනු ඇතැයි මේ වන විට ගණනය කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඇත්ත වශයෙන්ම පිළිකා සුව කිරීම සදහා ඖෂධයක් නිර්මාණය වුවහොත් ඖෂධ සමාගම් හිමිකරුවන්ට අහිමි වන්නේ ඩොල්ර් බිලියන ගණනක් ලාභයක්. ඒ වාගේම තමයි එවැනි ඖෂධ සමාගම් වල සේවය කරන දහස් ගණන් පිරිස් වෙත රැකියාවත් අහිමි වනවා. ඉතින් ඔබ විශ්වාස කරනවාද ඇත්තවශයෙන්ම ඖෂධ සමාගම් විසින් කිසිදු අවස්ථාවක පිලිකාව නිසැකවම සුව කල හැකි ඖෂධයක් රෝගින් වෙත හදුන්වා දේවි කියල. නැහැ ඔහුන් කිසි විටක තමන්ගේ හොදම ආදායම් මාර්ගය නැති කරගන්නේ නැහැ.
වෙයින් චෙල්සර් (Wayne Chesler) නම් චිත්‍රපට අධ්යක්ෂකයෙකු විසින් 2010 වසරේදී නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයක් මගින් සැත්කම්, විකිරණ ප්‍රතිකාර හා රසායනික චිකිත්සාව (surgery, chemotherapy and radiation) මගින් ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා ඖෂධ ක්ෂේත්රයේ සිදුවන දූෂණ පිළිබදව වන කරුණු රාශියක් අනාවරණය කිරීම සිදුවිය. එම චිත්‍රපටය විසින් හෙලි කල කරුණු කිහිපයක් පහත දැකවේ.
- 1920 සිට මේ දක්වා සලකා විද්‍යාව හා තාක්ෂණය කෙතරම් දියුණු වුවද පුරස්ථි ග්‍රන්ථි පිළිකා හා පියයුරු පිළිකා සදහා ප්‍රතිකාර කිරීම් සැලකීමේදී සැලකිය යුතු වෙනසක් සිදුව නොමැත. (– Charles B. Simone, M.MS., M.D., Founder, Simone Protective Cancer Center)
- පිළිකාව යන නම ඇසූ පමණින් මිනිසුන් බිය වන්නේ මේ වන විට ක්‍රියාත්මක වන පිළිකා නාශක ප්‍රතිකාර මගින් පිළිකා සුව නොවන බව ඔවුන් දන්නා නිසාවෙනි. (– Dr. Julian Whitaker, M.D. Founder, Whitaker Wellness Institute)
- සෑම කෙනෙක්ම පිළිගත යුතුයි හා දැනගත යුතුයි පිළිකා පර්යේෂණ බොහෝමයක් බොරුවක් බව .( – Dr. Linus Pauling 1986, Nobel Laureate)
ඇමරිකා එක්සත් ජනපදය විසින් පිළිකා සුවකිරීම සදහා යම් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රමයක් සදහා පේටන්ට බලපත්‍ර ලබාදෙීමේදී ,දැනට ක්‍රියාත්මක කරන පිළිකා ප්‍රතිකාර ක්‍රම “පිළිකාකාරක”බව පිළිගැනීමද විශේෂ කරුණකි.
ඒ අනුව මේ සියලු කරනු සැලකීමේදී පිළිකාව කියන්නේ සුව කරන්න බැරි රෝගයක් නෙවෙයි. ඖෂධ සමාගම් ඒකාධිකාරය හා බලය විසින් සුව කරන්නනට ඉඩ දෙන්නේ නැති රෝගයක්. ඒ හේතුවෙන් ඖෂධ සමාගම් වලට ඩොලර් බිලියන ගණන් උපයා දෙමින් සෑම තත්පරයකම අහිංසක ජීවිතවලට මේ ලෝකෙන් සමුගන්න වෙලා තියෙනවා.
(www.naturalnews.com වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරින් සකසා ඇත.)