- ඉන්දියානු උප මහද්විපික රටවල්
- අග්නිදිග ආසියානු රටවල්
- දකුණු චීනය
- තායිවානය
- පැසිෆික් දූපත්
- මෙක්සිකෝව
- අප්‍රිකාව
- මධ්‍යම හා දකුණු ඇමරිකානු රටවල් ( චිලී රාජ්‍යය, පරගුවේ හා ආජන්ටිනාව හැර)
- එකවිට ඇති වන තද උණ
- ලද හිසේ කැක්කුම
- ඇස් කැක්කුම
- අස්ථි හා සන්ධි වේදනාව
- හතිය
- ඔක්කාරය
- වමනය
- නාසය,විදුරුමස වැනි ස්ථාන වලින් සුලු රුධිර වහනයන් ඇති වීම
ඇතැම් විට මෙම රෝග ලක්ෂණ ප්‍රබලත්වයෙන් අඩු වන්නට පුළුවන් අතර එවිට සාමාන්‍ය වෛරස් ආසාදනයක් වශයෙන් මෙම රෝගය පටලවා ගැනීමේ වැඩි අවස්ථාවක් පවති.
ඇතැම් අවස්ථාවන් වලදී ඩෙංගු රක්තපාත තත්වය දක්වා මෙම රෝගය බරපතල විය හැකි අතර එහිදී
- අධික උණ
- වසා පද්ධතියට හා රුධිර වාහිනී වෙත හානි සිදුවීම
- නාසය හා විදුරුමස් වලින් ලේ වහනය
- අක්මාව ඉදිමීම
- රුධිර සංසරණ පද්ධතියේ සංකූලතා ඇතිවීම වැනි සංකූලතාවයන් ඇති විය හැකිය.
මෙම සංකූලතාවයන්ගේ වර්ධනයක් සිදුවී රුධිර වහනය වැඩිවීම,කම්පන් තත්වයට පත්වීඹ හා පසුව මරණය පවා සිදුවිය හැකිය.ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන පුද්ගලයන්ට හා එක්වරකට වඩා ඩෙංගු රෝගය වැලදුන පුද්ගලයන්ට ඩෙංගු රක්තපාත තත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
ඩෙංගු රෝගය හදුනා ගැනීම
උණ තත්වයක් වැලදී දිගින් දිගටම තද උණ තත්වයක් ඇති වන්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් සදහා යොමු විය යුතු අතර එවිට වෛද්‍යවරයා විසින් රුධිර පරීක්ෂණ සදහා ඔබව යොමු කරනු ඇත.
ඒ හේතුවෙන් උණ තත්වයන් පවත්න්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් ජීවිතය අනතුරේ හෙලීම නොකල යුතුය.
ඩෙංගු සදහා ප්‍රතිකාර සිදුවන්නේ කෙසේද ?
- උණ වැලදුන විට උණ තත්වය පාලනය කිරීම සදහා පැරසිටමෝල් (acetaminophen )ඖෂධ හැරණ විට වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකල යුතුය. එයට හේතුවෙන් වන්නේ ඇස්ප්‍රීන් වැනි වෙනත් ප්‍රති ප්‍රදාහමය ඖෂධ ( NSAIDs) භාවිතා කල විට ඔබගේ රුධිර වහනය වීම් තවත් සංකූල තත්වයට පත්විමට ඇති හැකියාවයි.
- උණ තත්වය ඇතිව නිවසට වී හොදින් විවේක ගත යුතුය.
- රුධිර පරීක්ෂණ මගින් ඔබට ඩෙංගු රෝගය වැලදී ඇති බව තහවුරු වුවහොත් හැකි ඉක්මණින් ලගම රජයේ රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමු විය යුතු අතර එහිදී නිවැරදි ලෙස වෛද්‍ය උපදෙස් පිලිපැදීම අනිවාර්ය වේ.
ඩෙංගු වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?
- මදුරු විකර්ශක හො විකර්ශක ආලේපන වැනි දෑ භාවිතා කිරීම (ඔබ නිවස තුල සිටියත් නිවසින් පිටත සිටියත් මෙම ආලේපන භාවිතා කිරීම කල යුතුය)
- මදුරුවන් වැඩි වශයෙන් ගැවසෙන් වේලාවල් වලදී නිවසින් පිටතට යන්නේ නම් අත්දිග ඇදුම් වැනි සිරුර වැඩි වශයෙන් ආවරණය වන ඇදුම් අදින්න
- වායු සමීකරණ ඇතිනම් ඒවා භාවිතා කරන්න
- මදුරු දැල් භාවිතා කරන්න
ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන මෙවැනි කාල වලදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සදහා ජනතාවගේ හා වගකිව යුතු අයගේ අවධානය යොමු වූවත් වසරේ අනෙකුත් සියළු කාල වලදී මදුරුවන්ට බෝ වන්නට ස්ථාන මිනිසුන් විසින්ම සකස් කිරීම හේතුවෙන් වර්ෂා කාලය ආරම් වීමත් සමග සෑම වසරකම මේ ආකාරයෙන් ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම සිදුවේ.
ඔබගේ පවුලේ සාමාජිකයෙකුට ඩෙංගු වැලදුනහොත් පවුලේ සෙසු සාමාජිකයන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු අතර පවුලේ අනෙකුත් සාමාජිකයන්ට එය වැලදීමට වැඩි අවදානමක් ඇත.