ක්ෂණික තේ පැකට්ටුවකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් අපගේ තේ කෝප්පයට එක්වන බව කැනේඩියානු පර්යේෂකයින් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී හෙලි වී ඇත.
මෙම පර්යේෂකයන්ගේ පරීක්ෂණ සදහා බදුන් වූ ක්ෂණික තේ පැකට් බොහෝමයක් කඩදාසි මිශ්‍රණයකින් නිපදවා තිබූ නමුත් මිල අධික සන්නාම සහිත තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් දැල් විශේෂයක් යොදාගෙන තිබී ඇත. එසේ ප්ලාස්ටික් යොදා ගත් තේ පැකැට්ටු මගින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් බිලියන 11.6ක් ද ඊට වඩා කුඩා නැනෝ ප්ලාස්ටික් කොටස් බිලියන 3.1ක් ද තේ කෝප්පයක් වෙත නිදහස්ව තිබෙන බව ඔවුන්ට දක්නට ලැබී ඇත. මේවා කිසිසේත්ම පියවි ඇසට නොපෙනෙන කොටස් වන අතර මෙම ප්‍රමාණයන් සම්බන්ධව තමන් පුදුමයට පත්වූ බවද පර්යේෂකයෝ පවසති.
සමහර ආහාරවල, බෝතල් කළ ජලයේ සහ ටැප් වතුරේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් බොහෝ සෙයින් හමුවන බව ඔවුහු සඳහන් කරති.