කිලෝ 7.4 ක් බර වකුගඩුවක් ඉන්දියාවෙන්

ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් විසින් කිලෝග්‍රෑම් 7.4ක් බරැති වකුගඩුවක් රෝගියෙකුගෙන් ඉවත් කර තිබෙනවා.එය දල වශයෙන් එය අලුත උපන් දරුවන් දෙදෙනකුගේ බරට සමාන බරක්. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ එක් වකුගඩුවක බර ග්‍රෑම් 120 -150ත් අතර වන අතර මෙසේ ඉවත් කල වකුගඩුව මිනිසෙකුගෙන් ඉවත් කල විශාලතම වකුගඩුව ලෙස වාර්ථා අතරට එක්වනවා.

මෙම රෝගියා Autosomal Dominant Polycystic Kidney Disease නැමැති රෝගයෙන් දීර්ඝ කාලයක් තිස්සේ රෝගීව සිට ඇති අතර එම රෝගය මගින් වකුගඩුව තුල කුඩා ප්‍රමාණයේ ගැටිති / ගෙඩි හටගැනීම සිදුවනවා.

සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේදී අවයවයක් මිනිස් සිරුරෙන් ඉවත් කිරීම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. විශේෂයෙන් එසේ අවයවයක් සිරුරෙන් ඉවත් කිරීමට නම් බරපතල ආසාදනයක් හෝ රුධිර වහනයක් වැනි රෝගියාගේ ජීවිතයට බලපෑම් අැතිකරණ තත්වයක් එම අවයවය හේතුවෙන් ඇති විය යුතුයි.එසේ නොමැතිනම් අවයවයක් සිරුරෙන් ඉවත් කිරීමක් සිදුවන්නේ නැහැ.

මේ රෝගියාගේ සිදුවීමේදී මෙම රෝගියාට බරපතල ආසාදන තත්වයක් ඇතිව ඇති අතර ඒ සදහා ප්‍රතිකාර කල ප්‍රතිජීවක ඖෂධ වලට ආසාදනය සුව කිරීමේ හැකියාවක් ලැබී නැහැ.එසේම වකුගඩුවේ ප්‍රමාණය විශාල වීම හේතුවෙන් රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතාවයන්ද ඇතිව තිබෙනවා. ඒ සියළුම හේතු සලකා බැලූ වෛද්‍යවරුන් අවසානයේදී වෙන විකල්පයක් නොමැති වීමෙ හේතුවෙන් මෙම අවයවය රෝගියාගෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ගිනස් ලෝක වාර්ථාවන්ට අනුව මිනිසෙකුගෙන් ඉවත් කර ඇති විශාලතම වකුගඩුවේ බර කිලෝග්‍රෑම් 4.5ක්. නමුත් ගිනස් ලෝක වාර්ථාවන් වල සටහන් නොවුනත් මෞත්‍රක රෝග චිකිත්සාවට (urology)අදාල සගරාවල කිලෝග්‍රෑම් 9ක් හා කිලෝග්‍රෑම් 8.7ක් වන ප්‍රමාණයේ වකුගඩු ඉවත් කල බවට සදහන් වනවා. ඒ පිලිවෙලින් ඇමරිකා එක්සත් ජනපදයෙන් හා නෙදර්ලන්තයෙනුයි.

කෙසේ වෙතත් ඉන්දීය වෛද්‍යවරුන් විසින් තමන් සිදුකල ශල්‍ය්‍යකර්මයෙන් ඉවත් කලවකුගඩුව ගිනස් වාර්ථා පොතට ඇතුලත් කිරීම පිලිබදව මේවන වනතෙක් රණය කර නැතත් ඒ පිලිබදව ඉදිරියේදී සලකා බලන බව වෛද්‍යවරුන් පවසනවා.

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …