වකුගඩු රෝගී වීමේ අවදානම අඩුකල හැකි ඖෂධයකට ඇමරිකාවෙන් අනුමැතිය

වකුගඩු අකර්මණ්‍ය වීමේ අවසන් අදියරය අවදානම අඩු කිරීමට මෙන්ම Type 2 දියවැඩියාව ඇති රෝගීන්ට හා වකුගඩු රෝග ඇති රෝගීන්ට පසු කාලීනව හදවත ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කිරීම සදහා ඇමරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිශ්පාදනය කරන ලද ඖෂධයක් අනුමත කිරීමට ඇමරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය හෙවත් U.S. Food and Drug Administration (FDA) කටයුතු කර ඇති බව වාර්ථා වෙයි. එම ඖෂධය Canagliflozin නම් වන අතර එයට නිශ්පාදිත සමාගම විසින් ලබාදී ඇති නාමය වන්නේ INVOKANA® ය.

U.S. Food and Drug Administration (FDA) මගින් දශක ගණනාවක් ඇතුලත දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු අකරණියේ අවදානම අඩුකිරීම සදහා ඖෂධයක් අනුමත කල ප්‍රථම අවස්ථාව මෙය වශයෙන් හැදින්විය හැකිය

INVOKANA® හි ක්‍රියාකාරීත්වය

වකුගඩු මගින් ග්ලූකෝස් ප්‍රතිශෝෂණය කිරීඹ සදහා වැදගත් වන ප්‍රෝටීනයක් වශයෙන් SGLT2 කම් ප්‍රෝටීනය පවතිනවා. INVOKANA® මගින් එම ප්‍රෝටීන වල ක්‍රියාකාරීත්වය නිෂේධනය කිරීම සිදුවන අතර එම නිසා වකුගඩු මගින් ග්ලූකෝස් ප්‍රතිශෝෂණය අඩු වීම සිදුවනවා. එමගින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය පාලනය සිදුවනවා.

එමෙන්ම මේ වන විට එම ඖෂධය මගින් දියවැඩියා රෝගීන්ට වකුගඩු ආබාධ හා හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුකල හැකි ඖෂධයක් බවටද හදුනාගෙන ඇත.

 මූලාශ්‍රය – www.kidney.org

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …