ඔබගේ දත් වනසන ආහාර පුරුදුවලින් දත් ආරක්ෂා කරගන්නේ කොහොමද?

අද ලෝකයේ ජීවත් වන සියළුම දෙනාටම පාහේ දන්ත රෝග විශේෂයෙන් විදුරුමස් රෝග ඇති වනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුල එක් වරක්වත් විදුරුමස් ආශ්‍රිත රෝගයකට හෝ දන්ත රෝගයකට ගොදුරු වී තිබෙනවා. අපි ඒ අතරින් විදුරුමස් රෝග වලට වැඩි අවදානය ලබා දුනහොත් සමහර විදුරුමස් රෝගනම් හානිකර නැහැ නමුත් Porphyromonas gingivalis වැනි තත්වයන් නම් විදුරුමස්වල ප්‍රදාහයන් ඇති කිරීම හේතු වනවා.

ඒ නිසා ඒ වගේ මුඛ රෝග වලක්වාගන්න නම් කරන්න ඕනේ මොනවද කියලයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ

දත් රැකගන්න දෛනික පුරුදු මොනවාද?

සාමාන්‍යයෙන් දත් ආරක්ෂා කරගන්න පුරුදු කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ දවසට දෙවරක් දත් මැදීම ගැන. උදෑසන දත් මැදීම ගැනක කලොත් සමහර අය උදෑසන අවදි වූ විට ආහාර ගන්න කලින් දත් මදිනවා. සමහර අය ආහාර ගැනීමෙන් පස්සේ දත් මදින්න පුරුදු වෙලා ඉන්නවා. ඔබ ආහාර ගැනීමෙන් පස්සේ දත් මදින්න පුරුදු වුණ කෙනෙක් නම් ආහාර ගැනීමෙන් පැය භායකින් පමණ පස්සේ දත් මදින්න පුරුදු වෙන එක හොදයි. ඒකට හේතුව තමය් ඔබ ආහාරයට ගත් ආහාර වේල සීනි අධික හෝ ආම්ලික බවින් යුතු ආහාර තිබුණානම් ඔබගේ එනමලය මෘදු වීම සිදුවනවා. ඒ නිසා තැවතත් එනමලය ශක්තිමත් වන්නට අවශ්‍ය කාලය ලබා දීමෙන් පස්සේ තමයි අපි දත් මදින්න ඕනේ.

රෑට දත් මදින් එක ගැන කථා කරොත් රාත්‍රීයේ ඔබ නින්දට යන්න පෙර අවසාන වශයෙන් ඔබගේ මුවට ඇතලත් කල යුත්තේ දත් බුරුසුව හා ටූත් පේස්ට් විතරයි. ඒ කියන්නේ රෑට දත් මැදීමෙන් පස්සේ නැවත ආහාර ගැනීම සිදු නොකල යුතුයි. ඒ වාගේමයි අපට floss සහ interdental brushes පාවිච්චි කරන්නත් පුළුවන්.

දත් ආරක්ෂා කරගන්න හොද ආහාර මොනවාද?

අපි හැම දෙනාම දන්න දෙයක් තමයි සීනි වැඩි ආහාර අපේ දත් වලට හොද නැහැ කියන එක. නමුත් අද අපි බලමු දත් ආරක්ෂා කරගන්න හොද විටමින් වර්ග මොනවද කියල.

විටමින් D දත්වල ශක්තිමත්භාවය හේතු වන අතර විටමින් C විදුරුමස් ආරක්ෂාව සදහා වැදගත් වනවා. ඒ වාගේම කැල්සියම් හා පොස්පරස් යන බනිජ වර්ගත් දන්ත සෞඛ්‍ය කෙරෙහි බලපානවා.

විටමින් C සෞඛ්‍ය සම්පන්න පටක ඇති කිරීම සදහා හේතු වන කොලජන් නිපදවීමට හේතු වන අතර විදුරුමස් වලින් ලේ ගැලීම් වැලැක්වීමටත් හේතු වනවා. විටමින් C අඩංගු ආහාර වශයෙන් පලතුරු,තකකාලි,බ්‍රොකෝලි හදුන්වනනට පුළුවන්.එම නිසා එවැනි ආහාර ලබාගැනීමෙන් ශරීරයට අවශ්‍ය විටමින් C ප්‍රමාණය ලබාගත හැකියි.

එලෙසම ශරීරය තුල අස්ථි හා දත් වලට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය පවත්වා ගැනීමටත් විටමින් D වැදගත් වනවා. ඒහේතුවෙන් මාළු,බිත්තර,මස් වර්ග ආහාරයට එක්කර ගැනීම වැදගත්.

දත් වලට අහිතකර ආහාර

දැන් අපි බලමු දත් වලට අහිතකර ආහාර මොනවද කියල. සීනි අධික ආහාර දත් වලට හොද නැති බවනම් අපි හැමෝම දන්නවා. දැන් අපි බලමු වනත් ආහාර මොනවද කියල.

  • උණු වතුර සමග දෙහි – දන්ත එනමලයට අහිතකරයි.
  • වියලි පලතුරු – දත් වල ඇලීම නිසා ඒවා දත්වලින් ඉවත් කිරීම අපහසුවීමත් සමග දත් නරක් වීමට එමගින් බලපෑමක් ඇති කරයි.
  • තේ වර්ග (විවිධ රස වලින් එන )
  • ආමිලික ආහාර – දත් ඛාදනය වීම කෙරෙහි බලපායි.

ඒ වගේ ආහාර දන්ත සෞඛ්‍ය කෙරෙහි ඇති කරන අහිතකර බලපෑම නැතිකර ගැනීම සදහා දත් මැදීමනම් අප අනිවාර්යයෙන් කල යුතුයි. ඊට අමතරව floss භාවිතා කිරීමත් හොදයි.

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …