රුධිර කාන්දුකරණය ගැන මිත්‍යා මත

01. රුධිර කාන්දුරණය (ඩයලයිසිස් ) කරගැනීම සදහා ඇති එකම ක්‍රමය වන්නේ සතියට දවස් දෙකක් වත් රෝහල් වෙත යෑමයි. ඒ සදහා පැය 4ක කාලයක් ගතවේ.

පැහැදිලි කිරීම – රුධිර කාන්දුකරණය එහෙමත් නැතිනම් ඩයලයිසිස් ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ ක්‍රම රෝහලක් තුල හෝ නිවසේදීම සිදුකර ගත හැකියි. ශ්‍රී ලංකාවේදීනම් රක්තකාන්දුකරණය (Hemodialysis) පහසකම් පවතින්නේ නම් රෝහල් තුල පමණයි. ඒ සදහා සාමාන්‍යයෙන් සතියට දවස් 2 – 3 පැය 4ක කාලයක් රුධිර කාන්දුකරණය සිදුකරනවා.

නමුත් පරිථාන කාන්දුකරණය හෙවත් peritoneal dialysis ක්‍රමයනම් නිවසේදීම අපට කරගන්න පුළුවන්. ඒ නිසා ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීඹ මගින් ඔබට ගැලපෙන ආකාරයේ ක්‍රමයක් තෝරා ගැනීමේ හැකියව පවතිනවා

02. ඩයලයිසිස් කරනකොට රිදෙනවා

පැහැදිලි කිරීම – ඩයලයිසිස් ප්‍රතිකාර ක්‍රමයේදී කිසිදු වේදානාවක් ඇති වන්නේ නැහැ. එසේ ඩයලයිසිස් වාරයක් අතර ඔබට යම් වේදනාවක් ඇති වන්නේ නම් ඔබ ඒ සම්බන්දයෙන් වෛද්‍යවරුන් හා හෙදියන් දැනුවත් කල යුතුයි. hemodialysis ක්‍රමයේදීනම් ඔබගේ fistula වෙත කටු ඇතුල් කිරීමේදී යම් වේදනාවක් ඇති වනවා. ඒ හැරෙන්නට වෙනත් වේදනාවක් ඇති වන්නේ නැහැ.

03. ඩයලයිසිස් කරනවා කියන්නේ මරණ සහතිකේ හම්බුණා වගේ තමා.

පැහැදිලි කිරීම – ඩයලයිිසිස් කියන්නේ මරණ සහතියක් නෙවේ. ඩයලයිසිස් වලින් කරන්නේ ඔබට ජීවත් වෙන්න අවස්ථාව ලබාදෙන එක. ඒ සදහා ඔබගේ වකුගඩු වලින් නොකෙරෙන කාර්යය කෘතිමව කිරීම තමයි ඩයලයිසිස් ප්‍රතිකාරයේදී සිදුවන්නේ.

04. ඩයලයිසිස් කරනකොට කොහෙවත් යන්න බැහැ. ගෙදරම තමයි.

පැහැදිලි කිරීම – ඩයලයිසිස් කරන විට ගමන් බිමන් යන්න බැහැ කියන්නේ බොරුවක්. අවශ්‍ය වන්නේ වෙනදට වඩා ටිකක් සැලසුම් සහගත වන එක පමණයි. ආහාර ,පිරිසිදුකම, ජල ප්‍රමාණය ,වගේ දේවල් ගැන වැඩි අවදානයක් යොමු කරන්න අවශ්‍යයි. ඔබට සුදුදු ආහාර පමණක් ආහාරයට ගත යුතුයි වගේම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති ජල ප්‍රමාණය පමණක් පානය කරන්නටත් වගබලා ගත යුතුයි.

එමෙන්ම සෑම විටකම ඔබගේ රෝග විනිශ්චය වාර්ථාව හා ඔබ ලබාගන්නා ඖෂධ සදහන් ලියවිල්ල (Prescription) ඔබ ලග තබා ගන්න.

05. ඩයලයිසිස් කරනකොට වෙන මුකුත් කරන්න හයියක් නැහැ. වෙලාවකුත් නැහැ.

පැහැදිලි කිරීම – ඇතැම් විට ඩයලයිසිස් ප්‍රතිකාරය ආරම්භ කල මුල් කාලයේදීනම් ඔබගේ වැඩ කටයුතු කරගන්නට යම් අපහසුතාවයක් ඔබට දැනෙන්නට පුළුවන්. නමුත් කාලයත් සමග ඔබ ඒ සෑම දේටම හුරු වන අතර ඔබගේ සාමාන්‍ය කටයුතු කරගන්නට ඔබ පුළුවන්.

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා අතරතුර රැකියා සදහා යන සහ තමන්ගේ කටයුතු කරගන්නා බොහෝ දෙනා අපට රෝහල් තුලදී මුණගැසෙනවා.

About freddy

Check Also

අවයව දන්දිම – ප්‍රශ්ණයක්ද ?

අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා …