අවයව දන්දීම – ප්‍රශ්ණයක්ද??

අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා මිය ගිය පසු අවයව දන්දීම. අද අපි මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිත්ව සිටියදීම අවයව දන්දීම සම්බන්දවයි.

ජීවත්ව සිටියදී අවයව දන්දීම කියන්නේ මොකක්ද?

පුද්ගලයෙකු ජීවිත්ව සිටියදීම සිය කැමැත්ත මත තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සදහා අවයව ලබාදීම මේ විදිට හදුන්වන්න පුළුවන්.

මේ විදියට අවයව දන්දීම සදහා බොහෝ විට ඉදිරිපත් වන්නේ පවුලේ සාමාජිකයෙක්. දෙම්පියන්,දරුවන්,සහෝදරයන්,මේ විදියේ අවයව දන්දීමක් සදහා යොමු වන අවස්ථාවන් වැඩියි. ඊට අමතරව ඥාති සම්බන්දයක් නැති අයත් ඇතැම් අවස්ථාවන් වලදී අවයව දන්දීම සදහා ඉදිරිපත් වන අවස්ථාවන් අපට හමුවී තිබෙනවා.

ජීවත්ව සිටින පුද්ගලයෙකුට දන්දිය හැකි අවයව මොනාද?

  • වකුගඩු
  • අක්මාවේ කොටසක්
  • අග්න්‍යාශයේ කොටසක්

මේ වගේ අවයව යම් පුද්ගලයෙකු ජීවිත්ව සිටියදීම දන් දෙන්නට පුළුවන්. ඒ අතරිනුත් ජීවත්ව සිටියදී යම් පුද්ගලයෙකු විසින් වැඩි වශයෙන් දන්දෙන අවයවය වශයෙන් වකුගඩු හදුන්වන්න පුළුවන්.

ජීවත්ව සිටියදී අවයව දන්දීම හා මිය ගිය පසු අවයව දන්දීම අතර වාසි මොනවාද?

  • ජීවත්ව සිටියදී අවයව දන්දෙන එක් ආකාරයක් තමයි පවුලේ සාමාජිකයෙකු විසින් තම පවුලේ සාමාජිකයෙකු වෙත අවයව දන්දීම. එවැනි අවස්ථාවන් වලදී ජාන ගැලපීම ඉතාමත් හොද මට්ටමක පැවතීම හේතුවෙන් බද්ධ කල අවයවය ප්‍රතික්ෂේප වීමේ ප්‍රවණතාවය අඩුයි.
  • ජීවත්ව සිටින දායකයෙකු විසින් ලබාදුන් වකුගඩුවක් බද්ධ කල විට එම වකුගඩුව බද්ධ කල සැණින් ක්‍රියාත්මක වීම ආරම්භ කරන අතර මිය ගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් වකුගඩුවක් සිය ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීඹ සදහා යම් කාලයක් ලබාගන්නවා. ඇතැම් විට එම කාලය තුල රෝගියාට නැවතත් කිහිපවරක් රුධිර කාන්දුකරණය සිදුකරන්නට වනවා.
  • ජීවත්ව සිටියදී අවයව දන්දීමකදී අවයව දායකයා හා ප්‍රතිග්‍රාහකයා අතර ගැලපීට පරික්ෂා කිරීම සදහා පරීක්ෂණ සිදුකල හැකි නිසා වඩාත්ම ගැලපෙන අවයවය රෝගියා වෛත බද්ධ කිරීමේ අවස්ථාව හිමිවනවා.එය අවයව දායකයාට මෙන්ම රෝගීයාටත් හොද දෙයක්.

ජීවත්ව සිටින පුද්ගලයෙකු දන්දුන් අවයනයක් බද්ධ කල පසු එය සෑම විටම සාර්ථකද?

එසේ අවයව බද්ධ කිරීම් සාර්ථක වීමේ හැකියාව ඉතාමත් ඉහළයි. නමුත් සෑම බද්ධ කිරීමක්ම සාර්ථක වන බවනම් කියන්න බැහැ. ඇතැම් විට බද්ධ කල අවයවය ප්‍රතිග්‍රාහකයාගේ සිරුර විසින්ම ප්‍රතික්ෂේප කිරීම් සිදුවන්නට පුළුවන්.

නමුත් ඒ ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු වන්නේ නැහැ. ඔබට යම් අවයවයක් බද්ධ කරනවානම් හෝ ඔබ අවයව දන්දීම සදහ ඉදිරිපත් වී සිටිනවානම් ඔබගෙන් අවයවය ලබාගන්නේ හෝ බද්ධ කරන්නේ විශාල පරීක්ෂන ප්‍රමාණයකින් පසුව වීම හේතුවෙන් අවයව ප්‍රතික්ෂේප වීමේ හැකියාව ඉතාමත් අඩුයි.

About freddy

Check Also

Endoscopy වෙනුවට ගිලින්න පුළුවන් capsule එකක්

Endoscopy කියන්නේ අපගේ ආහාර මාර්ග පද්ධතියේ ඇති යම් රෝගී තත්වයක් හෝ ආසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය කිරීම …