ආපෝ ඕවා බොන්න එපා side effects…

මේ ජාතියේ ලෙඩ්ඩු නිතරම වගේ මට මුණ ගැසෙනවා. මොන බේත දුන්නත් මෙයාල අහන පළවෙනි ප්‍රශ්නෙ side effects ගැන.

ආපෝ pressure පෙති වලින් වකුගඩු නරක් වෙනවා. ඒ හන්ද බොන්න බෑ.

ඊයෙ පෙරේදා pressure වැඩිකරගෙන ආපු ලෙඩෙක් බේත් බොන්නේ නැත්තේ ඇයි කියල අහද්දි කීවෙ එහෙම කතාවක්.

ඒත් එයා දන්නේ නෑ pressure වැඩි කරගත්තොත් කොහොමත් ඒ හන්ද ම වකුගඩු නරක් වෙනවා ය කියන කාරණය.

වකුගඩු විතර නම් මදෑ… pressure එක පාලනය කරගත්තේ නැත්නම් හාට් එක, ලිවර් එක වගේ ම මොළේටත් මේක නරක විදියට බලපානවා. එහෙම උනාට පස්සෙ එක pressure පෙත්තක් විතරක් බීල ගොඩ දාගන්න තිබ්බ දේ පෙති තුන හතරක් බොන ගානට වැඩි වෙනවා. ඔය කාලෙ වෙනකොට නම් ගොඩක් ලෙඩ්ඩු බයටම මේ පෙති සේරම බොනවා.

මෙහෙමයි. කොහොමත් english බෙහෙත් වල අතුරු ආබාධ මහ ගොඩයි. ඒ හන්ද ම තමයි මේ බෙහෙත් දෙනකොට මාසෙකටවිතරක් ලියල තව පරීක්ෂණ කරගෙන ඊළග මාසෙ එන්න කියල කියන්නේ.

වෛද්‍යවරු විදියට අපි හැම තිස්සේම බලනනේ ලෙඩාට වැඩි පුරම වාසියක් වෙන්නේ බෙහෙත දෙන එකෙන් ද නොදී ඉන්න එකෙන් ද කියන එක. වෙන විදියකින් කීවොත් side effects හන්ද බේත නොදී ඉන්නවා ද side effects ආවත් කමක් නෑ ලෙඩේ අඩු කරනවා ද කියල.

සරල උදාහණයක් ගමු. ආතරයිටිස් වගේ අමාරු වලට දෙන බේතක් තියනවා මේකට සීනි වගේ ම ගෑස්ටික් එනවා. ඒත් ඉතින් සීනි එනවා කියලා ඕක නොදී ඉඳියොත් ලෙඩා කැක්කුම හන්ද ම පුදුම දුකක් විදිනවා. ඒ හන්ද මෙ වෙලාවෙ අපි බලන්නේ ලෙඩාට වැඩිපුර ම තියන අමාරුව මොකද්ද කියලා. Side effect එකක් ආවොත් ඒකට බේත් දෙනවා වෙනම.

ඒ වගේ ම සමහර වෙලාවට බේත් පටන් ගන්නකොට ම side effect එන්නේ නැතිවෙන්නත් බේත් දෙනවා.

ගෑස්ටික් බෙහෙත් වලට side effect එනව ද ? ළඟ දි දවසක මගේ මිතුරෙක් එහෙම අහනවා… තියෙනවා. හැබැයි මචං බෙහෙත් බොන්නේ නැතුව/හරි ආහාර පුරුදු හුරුකරගන්නේ නැතුව හිටියොත් නම් side effects කෙසේ වෙතත් ඔයාට වයස අවුරුදු 50ක් වගේ වෙනකොට උගුරේ පිළිකාවක් එන්න නම් ලොකු ඉඩකඩක් තියනවා…

Side effects එනවා කියලා සීනි වලට බෙහෙත් නොබොන අය ඔයාටත් හමුවෙලා ඇති. අන්තිම ට මෙයාලගෙ සීනි හොඳට වැඩි වෙලා ඒ හන්ද ම වකුගඩු වගේ ම ඇස් පේන එකත් අඩුවෙලා…

ඉතින් ඔයත් side effect ගැන හිතන කෙනෙක් ද… ඒ ගැන ඔයා කරදර වෙන්න එපා. වෛද්‍යවරුන් side effects ගැන බලා ගනියි. ඔයාට තියන්නේ කියන කියන කාලෙට වෛද්‍යවරයා හමුවෙලා ම බෙහෙත් ගන්න එක සහ නිර්දේශ කරන කාල සීමා වල දී අදාල පරීක්ෂණ සිදුකරගන්න එක. එතකොට බෙහෙත ට අදාල side effect ආවත් ඒක කල්තියා හඳුනාගත හැකි වෙනවා.

එතකොට ඒ බෙහෙත වෙනුවට වෙනත් බෙහෙතක් ඔබගේ වෛද්‍යවරයා නිර්දේශ කලා වි.

එහෙම නැතුව side effect එයි කියලා බෙහෙත් නොබී ඉඳලා තියන වැඩි කරගන්න නම් එපා හොඳේ…

වෛද්‍ය ජයසංඛ නවෝද් – ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

(උපුටාගැනීම – ඩොකාගේ ඩයරිය ෆේස්බුක් පිටුවෙනි)

About freddy

Check Also

කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්

කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති …