යකඩ ඌණතාවයත් සමග ඇතිවන ප්‍රධානම සෞඛ්‍ය ගැටළුව වන්නේ රක්තහීනතාවයයි.එහිදී සිරුරේ පටක සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම සදහා ප්‍රමාණවත් රතු රුධිරාණු රුධිරය තුල නොමැතිවීමේ තත්වයක් ඇති වනවා. එය සිදුවන්නේ යකඩ ඌණතාවයත් සමග රතු රුධිර සෛල වල හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සිරුරේ පටක වෙත ගෙන යාමට නොහැකි වීම හේතුවෙනුයි.
යකඩ ඌණතාවයේ රෝග ලක්ෂණ
සුළු යකඩ ඌණතාවයත් ඇති රෝගීන්ට විශේෂාකාර රෝග ලක්ෂණ ඇති වන්නේ නැහැ. නමුත් යකඩ ඌණතාවය වැඩිවනවාත් සමගම රෝග ලක්ෂණ ඇති වීම ආරම්භ වනවා.
- හතිය
- සිරුර දුර්වල වීම
- සම සුදුමැලි වීම
- පපුවේ කැක්කුමක් ඇතිවීම, හෘදස්පන්දන වේගය වැඩි වීම, හුස්ම ගැනීමේ අපහසුතාවය
- හිසරදය
- අත් සහ පාද සීතල වීම
- දිවේ ඉදිමුම් තත්වයන් ( ප්‍රදාහයන්) ඇති වීම
- නියපොතු කැඩෙන සුළු වීම
- ආහාර අරුචිය
යකඩ ඌණතාවය ඇතිවීමට හේතු
යකඩ ඌණතාවයත් ඒ නිසා ඇතිවන රක්තහීනත්වයත් ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රමාණවත් පරිදි යකඩ අඩංගු ආහාර ආහාරයට එක්කර නොගැනීම හෝ අධික රුධිර වහනය වැනි තත්වයන්ය.
- රුධිර වහනය
- අපගේ රුධිරය තුල අඩංගු රතු රුධිරානු තුල යකඩ අඩංගු වන අතර යම් හේතුවක් නිසා අප ශරීරයෙන් රුධිර වහනයක් සිදුවන්නේ නම් එසේ පිටවන රුධිරය සමග යකඩ යම් ප්‍රමාණයක්ද ශරීරයෙන් ඉවත්වීම සිදුවේ. ඔසප් වීමේදීද කාන්තාවන්ගෙන් අධික රුධිර වහනයක් සිදුවන අවස්ථාවකදීද එම කාන්තාවගේ සිරුරේ ඇති යකඩ සිරුරෙන් ඉවත් වීම සිදුවේ. ( සාමාන්‍යයෙන් ඔසප් වයසේ පසුවන කාන්තාවක් ඇයගේ ඔසප් කාලය තුල Negative Iron Balance තත්වයක සිටින බව වෛද්‍යවිද්‍යාවේ සදහන් වේ). ඊට අමතරව ආමාශේ ඇති වන තුවාල, විවිධ පිළිකා තත්වයන් වැනි හේතූන් මතද රුධිර වහනයන් ඇති විය හැකිය.
- ප්‍රමාණවත් පිරිදි යකඩ අඩංගු ආහාර නොගැනීම
- මස් ,බිත්තර, කොළ පැහැති එළවළු,පළා වර්ග,නිවිති වැනි ආහාර වල යකඩ බහුල වශයෙන් අඩංගු වන අතර එවැනි ආහාර දෛනික ආහාර වේලට එක්කර නොගැනීම නිසා යකඩ ඌණතාවයක් ඇති විය හැකිය.
- යකඩ නිසි පරිදි අවශෝෂණය නොවීම
- අප නිසි පරිදි යකඩ අඩංගු ආහාර ලබා ගත්තත් ඒවා රුධිරයට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශෝෂණය වන්නේ නැතිනම් එතනදිත් යකඩ ඌණතාවයක් ඇති වනවා. අප ආහාර සමග ලබා ගන්නා යකඩ අවශෝෂණය සිදුවන්නේ අපගේ කුඩා බඩවැල ප්රදේශයේදීයි. එමනිසා කුඩා බඩවැල ආශ්රිත යම් රෝගී තත්වයන්ෙගන් පෙලෙන රෝගීන්ටත් යකඩ ඌණතායක් ඇති වන්න පුළුවන්.
- ගැබ් ගැනීම
- ගර්භනී කාන්තාවකට සාමාන්‍යයෙන් යකඩ අඩංගු පෙති වර්ග ලබා දෙනවා. එසේ කරන්නේ ගැබ් ගැනීමත් සමග ඇයගේ සිරුරේ ඇති යකඩ ප්‍රමාණය ඇයට මෙ8්ම දරුවාටද අවශ්‍ය යකඩ ප්‍රමාණය සැපයීමට ප්‍රමාණවත් නොවීම නිසායි.
යකඩ ඌණතාවයක් ඇති වීමේ වැඩි අවදානමක් ඇත්තේ කාටද?
- කාන්තාවන් – ඔසප් කාලයේදී කාන්තාවන්ගේ සිරුරේන් විශල යකඩ පෝෂක ප්‍රමාණයක් ඉවත්වීම සිදුවේ.
- ළදරුවන් හා කුඩා දරුවන් – අඩු උපත් බරක් ඇතිව හා නොමේරු තත්වයෙන් උපත ලද ළදරුවන්ට යකඩ ඌණතා රක්තහීනතාවය ඇතිවීමේ අවදානමක් ඇත. එමෙන්ම මව් කිරි ප්‍රමාණවත් ලෙස උරානොබොන දරුවන්ටද, පෝෂදායක ආහාර ලබානොගන්නා දරුවන්ද යකඩ ඌණතා රක්තහීනතාවයෙන් පෙපීමට වැඩි අවස්ථාවක් ඇත.
- නිර්මාංශික පුද්ලයින්
- නිරන්තරනේ රුධිරය දන්දෙන පුද්ගලයින්
යකඩ ඌණතාවය මගහරවා ගන්නේ කොහොමද?
ඒ සදහා කල යුතු වන්නේ යකඩ වැඩියෙන් අඩංගු ආහාර ඔබගේ ආහාර වේලට එක්කර ගැනීමයි.
- මස්
- මුහුදු ආහාර
- බෝංචි
- නිවිති
- පළා වර්ග
එමෙන්ම විටමින් සී මගින්ද යකඩ අවශෝෂණය වැඩි කිරීම සිදුවේ. එම නිසා විටමින් සී අඩංගු දොඩම් හෝ දෙහි පානයක් සමග යකඩ අඩංගු ආහාර ලබාගැනීම මගින් තවදුරටත් හොද ප්‍රථිඵල ලබාගත හැකියි.
(වකුගඩු රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයකටත් රෝගයේ මුල් කාලයේදීම රක්තහීනතාවය ඇති වීම සිදුවනවා. එම නිසා වකුගඩු රෝගීන්ටත් යඩක පෝෂක අඩංග ඖෂධ ලබාදීම සිදුවනවා. එමෙන්ම රක්තහීනතා තත්වය බරපතල වන අවස්ථාවේදී Erythropoitein Injection රෝගීන්ට ලබාදීමත් සිදුවනවා. )