විටමින් ඌණතාවයන් සම්බන්යෙන් අප විසින් ගෙන එන ලිපි මාලාවේ මීලග ලිපිය අප ඉදිරිපත් කරන්නේ විටමින් B12 ඌණතාවය සම්බන්දයෙනුයි.
විටමින් B12 කියන්නේ අප සිරුරේ DNA , රතු රුධිර සෛල නිපදවීම සදහා විශේෂයෙන් වැදගත් වන විටමිනයක්. අපි කලින් කථා කරපු යකඩ ඌණතාවයේදී රක්තහීනතාවය ඇති වුණා වගේම විටමින් B12 ඌණතාවයේදීත් රක්තහීන්තාවය ඇති වනවා.
විටමින් B12 අඩංගු ආහාර
විටමින් B12 වැඩි වශයෙන් අඩංගු වන්නේ සත්ත්වමය ආහාර තුලයි. විශේෂයේ මස් ,මාළු, බිත්තර,කිරි වැනි ආහාර විටමින් B12 බහුල ආහාර වශයෙන් හැදින්විය හැකියි.
විටමින් B12 ඌණතාවයේ ලක්ෂණ
- ශරීරය දුර්වල වීම
- මහන්සිය
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- සම සුදුමැලි වීම
- හෘද ස්පන්දනය වීම දැනෙන්නට පටන් ගැනීම
- දරුවන් පිලිසිද ගැනීමේ අපහසුතාවයන් ඇතිවීම
- ආහාර අරුචිය
- මාංශ පේෂීන් දුර්වල වීම
- ඇස් පෙනීම දුර්වල වීම
- මානසික ආතතිය, මතකය අඩුවීම
එමෙන්ම විටමින් B12 ඌණතාවයත් සමග රක්තහීනතා තත්වයක් ඇති වන අතර එම තත්වය pernicious anemia ලෙස හදුන්වනු ලබනවා.
මෙවැනි ලක්ෂණ ඔබ සතුනම් වෛද්‍ය උපදෙස් වෙත යොමුවීම සුදුසුයි.
එහිදී ඔබගේ ඌණතාවයේ ප්‍රමාණය මත වෛද්‍යවරයා විසින් ඔබට විටමින් අතිරේක වර්ග හෝ නිවැරදි ආහාර පිලිබදව ඔබව දැනුවත් කරනු ඇත.