විටමින් ඌණතාවය ගැන අපගේ ලිපි මාලාවේ අපි අද කථා කරන්නේ විටමින් D ඌණතාවය ගැනයි.
අපි පොඩි කාලයේ සිට අසා ඇති ආකාරයට උදෑසන අව්ව අපිට හොදයි කියල අපි දන්නවා. මොකද පොඩි කාලේ ඉදන් අපේ වැඩිහිටියෝ හා ගුරුවරු අපිට උගන්වා තිබෙන ආකාරයට උදෑසන අව්වේ සිටීමෙන් අපේ ශරීරය තුල විටමින් D නිපදවෙනවා. එහෙම අපේ ශරීරයේ විටමින් D නිපදවෙන්නේ අපේ සම මගිනුයි. ඒ වගේම මාළු, Fish liver oils ,බිත්තර කහ මදය වගේ දේවල් වලත් විටමින් D අඩංගුයි.
විටමින් D අපගේ අස්ථි කෙරෙහි විශාල බපෑමත් ඇති කරනවා.අප ගන්නා ආහාර වල අඩංගු කැල්සියම් ප්‍රයෝජනට ගැනීමට අවස්ථාව අපේ සිරුරට ලබා දෙන්නේ විටමින් Dයි. ඒ නිසා විටමින් D ඌණතාවයත් සමග රිකට්ස් (rickets) නැමැති රෝගී තත්වය ඇති වනවා. එම රෝගයේදී අපගේ අස්ථි නියමිත අයුරින් ඛණිජභවයනය වීම (mineralization) සිදුනොවන අතර එමගින් අස්ථි වල ශක්තිමත් බව නැතිවී යනවා.
විටමින් D ඌණතාවයේ ලක්ෂන හා සෞඛ්‍ය ගැටළු
විටමින් D ඌණතාවය ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන්නේ අපගේ අස්ථි පද්ධතියටයි.ඊට අමතරව විටමින් D ඌණතාවයත් සමග
- හෘදය අශ්‍රිත රෝග වැලදීමේ හැකියාව ඉහළ යාම
- වැඩිහිටියන්ගේ සංජානන ඌණතාවයන් ඇතිවීම (Cognitive impairment)
- දරුවන්ගේ හතිය ( Asthma) ඇතිවීම
- පිළිකා ඇතිවීම වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ හැකියාව ඉහළ යනවා.
- Rickets වැනි අස්ථි ආශ්‍රිත රෝගී තත්වයන් ඇති වීම.
- මොළයට බලපෑම් ඇති කිරීම – විශාදය , Schizosphrenia වැනි රෝග තත්වයන් ඇති වීම.
එමෙන්ම වෛද්‍ය විද්‍යාවේ විශේෂඥයින්ගේ අදහසට අනුව type 1 හා type 2 දියවැඩියා තත්වයන්,අධිරුධිර පීඩනය, glucose intolerance වැනි තත්වයන් ඇතිවීම පාලනය කිරීමේ හැකියාවකුත් විටමින් D සතු වෙනවා.
විටමින් D ඌණතාවයක් ඇති වීමට හේතු.
- නිර්මාංශික ආහාර රටාවන් අනුගමනය කරන්නන්ට විටමින් D ඌණතාවය ඇති වීමේ හැකියාව පවතිනවා.ඊය හේතු වන්නේ විටමින් D බහුලව අඩංගු වන්නේ මාළු, fish oil,බිත්තර ,කිරි වැනි ආහාර වල වීමයි
- ඔබ උදෑසනඅව්වට විරාවරණය වන අවස්ථාවන් අඩුවීම – අපි පෙර සදහන් කල ආකාරයට විටමින් D අප සිරුර තුල නිපදවන්නේ සම මගින් සම හිරු එළියට නිරාවරණය වූ අවස්ථාවේදී වීමයි. එමනිසා වැඩි වශයෙන් හිරු එළියට නිරාවරණය නොවන පුද්ගලයන්ට විටමින් D ඌණතාවය ඇති විය හැකියි.
- විටමින් D එහි ක්‍රියාකාරී අවස්ථාවට(Active form) පරිවර්ථනය කරගැනීමට ඔබගේ වකුගඩු අපහොසත් වූවත් ඔබට විමින් D ඌණතාවය ඇති විය හැකියි.
- Chron’s disease, cystic fibrosis වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට අප ලබා ගන්නා ආහාර වල අඩංගු විටමින් D අවශෝෂණය කිරීමට ඇති හැකියාව අඩුවීම හේතුවෙනුත් විටමින් D ඌණතාවය ඇති විය හැකියි.
- අධිත තරබාරුවත් විටමින් D ඌණතාවය ඇති වන්නට හේතු වන අතර එහිදී රුධිර සංසරණ පද්ධතිය මගින් සිරුර පුරා සංසරණය විය යුතු විටමින් D මේද සෛල මගින් උරා ගැනීම සිදුවනවා. එම නිසා BMI 30 හෝ ඊට වැඩි තරබාරු මට්ටමේ පසුවන පුද්ගලයන්ටත් විටමින් D ඌණතාවය ඇති විය හැකියි.
රුධිර පරීක්ෂණයක් මගින් විටමින් D ඌණතාවයක් පවතීද නැද්ද යන්න පිළිබදව සොයාගත හැකි අතර ඉන් පසු ඔබගේ වෛද්‍යවරයා විසින් එම වාර්ථාවන්ට අනුව විටමින් D ඌණතාවය නිවැරදි කිරීම සදහා ආහාර අතිරේක හෝ වෙනත් ඖෂධ වර්ග ලබාදීම සිදුකරනු ඇත.