ශ්‍රී ලංකාවෙන් දිනකට පිළිකා රෝගීන් 60 -70ක් හදුනාගන්නා බව හෙලිවෙයි

නව පිළිකා රෝගින් 60 – 70ත් අතර පිරිසක් දෛනිකව හදුනාගන්නා බව පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී හෙලිවිය. ඒ අතරින් මෙරට කාන්තාවන් අතර පියයුරු පිළිකාද, පුරුෂයන් අතර මුඛ පිළිකාද බහුලව දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහතා එහිදී අනාවරණය කලේය.

මෙරටින් හදුනාගන්නා පිළිකාරෝගීන්ගෙන් 1/3ක් වලක්වා ගත හැකි පිළිකා තත්වයන් බවත් වත් 1/3ක ප්‍රමාණයක් කලින් හදුනාගැනීමේ සාර්ථකව පාලනය කල හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය එහිදී සදහන් කළාය. එමෙන්ම මෙරට සිදුවන පිළිකා මරණ වලින් 22% ක් දුම්කොල භාවිතයෙන් ඇති වන බවත් , තවත් 1/3ක ප්‍රමාණයක් BMI අගය වැඩිවීම, එළවළු හා පලතුරු පරිභෝජනය අවම වීම,ශාරීරික ක්‍රියාකාරකම් අවම වීම, අධික මධ්‍යසාර භාවිතය වැනි හේතූන් මත සිදුවන බවද ඇය අනාවරණය කළාය.

පිළිකා කාරක ආසාදනයන් වන හෙපටයිටීස් හා human papilloma virus (HPV) හේතුවෙන් අඩු හා මධ්‍ය ආදායම් ලාභී රටවල් වල සමස්ථ පිළිකා ප්‍රමාණයෙන් 25%ක පමණ ප්‍රමාණයක් ඇති වන බවත් වායු දූෂණය ලොව පුරා සිදුවන පිළිකා මරණ වලින් 29%කට හේතුව බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජනකි විදානපතිරණ මහත්මිය සදහන් කලාය.

මෙම පිළිකා තත්වයන්ගෙන් මිදීමට නම් දුම්පානය හා මධ්‍යසාර භාවිතායෙන් ඉවත්වීමටත්, පළතුරු එළවළු හා ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමටත්, සකසන ලද මස්වර්ග ආහාරයට ගැනීමෙන් වැලකී සිටීමටත් දිනය පැය භාගයක කාලයක්වත් ව්‍යායාම සදහා යොමුවීමත් සිදුකල යුතු බවද එහිදී අවධාරණය කෙරිණි. එමෙන්ම පිළිකා කාරක ආසාදනයන වන හෙපටයිටීස් හා HPV සදහා වන එන්නත් ලබා ගැනීමටත් කටයුතු කල යුතු බවත් අවධාරණය කෙරිණි.

About freddy

Check Also

කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්

කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති …