Breaking News

පවතින වියලි කාලගුණයෙන් වකුගඩු ප්‍රවේශම් කරගන්න හැකි තරම් වතුර බොන්න

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකරන්නේ නම් වකුගඩු වලට හනි සිදුවිය හැකි බවත් එම හානිය වලක්වා ගැනීම සදහා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙසත් වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.එමෙන්ම හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, කොමඩු හා වැටකොළු, පිපිඤ්ඤා වැනි දිය එළවළු භාවිතා කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව උදේ 10.00ත් – සවස 03.00ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, දහවල් කාලයේදී ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙසද මහාචාර්යවරයා ජනතාවට දැනුම් දෙයි.

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …