Breaking News

ඔබේ පමාව……. ජීවිතේ නිමාව විය හැකිය…..

ගැබ්ගෙල පිළිකාවක අවධානම් සහිත කණ්ඩායම් නම්……..
-අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹු කාන්තාවන්
-හියුමන් පැපිලෝමා (HPV) නමැති වෛරසය ආසාදිත කාන්තාවන්
-බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්
-බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පිරිමින් සමග ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන්
-අක්‍රීයව හෝ සක්‍රියව දුම්පානයේ යෙදෙන කාන්තාවන්
-විවිධ රෝග සදහා ප්‍රතිශක්තිකරණය හීන කරවන ඹෘෂධ ගන්නා කාන්තාවන්
-ලිංගිකව බෝවන රෝග සෑදී ඇති තාන්තාවන්
ආදී

ගැබ් ගෙල පිළීකාවක රෝග ලක්ෂණ……….
-යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය
-ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය
-යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයන් පිටවීම
-මස ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම ආදීමෙවන් ‍‍‍මෙවන් ලක්ෂණ පිළිකාවක් නොවන වෙනත් රෝග තත්ත්වයන් වලදීද ඇතිවිය හැකිය
එම නිසා පැප් පරීක්ෂණයකින් එය හදුණා ගත හැකිය. එය වේදනාකාරී නොවේ..

මෙම පරීක්ෂණය කිරීමේදී
-ඔබට මාස ශුද්ධිය නොමැති අවස්ථාවකදී සිදු කල යුතුය
-‍‍‍මෙමගින් ගැබ් ගෙළෙහි පූර්ව පිළිකා තත්වයන් හදුණා ගත හැකිය

එබැවින් ඔබ සැලකිළිමත්වන්න..
-යහපත් ජීවන රටාවකට මෙන්ම ආහාර රටාවකට හුරුවන්න
-සුවනාරි සායන කරා ගොස් උපදේශණ සේවාවන් ලබා ගන්න
-ආර්ථවහරණයට පසු මේ පිළිබද සැළකිළිමත් වන්න
-පළාතේ සෞඛ්‍ය නිළධාරී කාර්යාලයේ සායන සදහා සහභාගී වන්න.


සටහන..
පුෂ්පා රම්‍යානි සොයිසා

About freddy

Check Also

මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??

මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. …