“පැය 6න් පරීක්ෂණයේ ප්‍රතිඵල කිව හැකි වූවත් වෛද්‍ය පරීක්ෂණායතනය වෙත ලැබෙන අධික නිදර්ශණ ප්‍රමාණය නිසා පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම දින ගණනක් තවන දෙයක් බවට පත්වෙලා”
කොරෝනා ආසාදිතයන් හදුනාගැනීම සදහා සිදුකරනු ලබන “කොරෝනා PCR” පරීක්ෂණය සිදුකිරීම සදහා මෙරට තුල පහසුකම් අවම මට්ටමේ පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේෂ් මහතා සදහන් කරයි.
ඒ මහතා සදහන් කරන ආකාරයට මෙම පරීක්ෂණ සිදුකිරීම සදහා අවශ්‍ය සයලුම පහසුකම් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණායතනයේ රසායානාගාරයට පමණි. එමෙන්ම එහිදී දිනකට සිදුකල හැක්කේ පරීක්ෂණ 80ක වැනි ප්රමාණයකි. ඒ හේතුවෙන් පැය 6කින් පමණ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කල හැකි වූවත් අධික නිදර්ශක ප්‍රමාණයක් රසායනාගාරය වෙත ලැබීම හේතුවෙන් පරීක්ෂණ වාර්ථා නිකුත් කිරීඹ සදහා දින කිහිපයක් ගතවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ වන විට “කොරෝනා PCR” පරීක්ෂණය සිදුකිරඹී සදහා අවශ්‍ය උපකරණ,රසායානාගාර වෘත්තිකයන් හා හැකියාව ඇති රසායනාගාර 3ක් මහනුවර,කරාපිටිය හා අනුරාධපුර රෝහල් තුල පිහිටා ඇති අතර ඒවාට අවශ්‍ය වන්නේ අදාළ PCR ප්‍රතික්‍රියක කට්ටල හා නිදර්ශක යොමු කිරීම පමණක් බව කුමුදේෂ් මහතා පෙන්වා දෙයි. නමුත් වෛද්‍ය පරීක්ෂණායතනය තුල පමණක් මෙම පරීක්ෂණයේ ඒකාධිකාරය පවත්වා ගැනීමට ඇතැම් නිලධාරීන්ගේ පවතින උත්සහය හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම මේ වන විට මෙම ආසාදනය විනාඩි 20ක් තුල හදුනාගත හැකි ක්ෂණික පරීක්ෂණ කට්ටල නිපදවා ඇති බවත් ඒවා හැකිනම් ඇනවුම් කර දින දෙකක් හෝ තුනක් තුල දිවයිනට ගෙන්වා ගත හැකි බවත් කුමුදේෂ් මහතා පවසයි. එම නිසා රූපවාහිනී විවාදයන් අතරතුර විද්‍යාත්මකම පරීක්ෂණ සිදුකර නිවැරදි ප්‍රථිඵල ඉදිරිපත් කිරීමේ හැකියාව තිබියදී සසම්භාවී ,අවිද්‍යාත්මක ප්‍රකාශවලට යෑමට සිදුව ඇත්තේ ඇයිදැයි ඒ මහතා ප්‍රශ්ණ කර සිටියි.
මේ වන විට එක් පුද්ගලික රෝහලක් මගින් මෙම පරීක්ෂණය සිදුකිරීඹ ආරම්භ කර ඇති අතර ඒ සදහා රුපියල් 17000ක් අය කරන බවද වාර්ථා වෙයි.