වකුගඩු ⁣රෝගී ඔබ කොරෝනා වෛරසයට මුහුණ දෙන්නේ කෙසේද?

මේ වන විට ලොවපුරා පැතිර යමින් ඇති කොරෝනා වෛරස් තත්වයනේ වකුගඩු රෝගීන්ට ඇති බලපෑමත්, වකුගඩු රෝගීන් අනුගමනය කල යුතු විශේෂ ක්‍රියාමාර්ගත් ගැන අපි සාකච්ඡා කරමු.

මේ වන විට අප බොහෝ දෙනා දන්නා ආකාරට හා කොරෝනා වෛරසය ආසාදනයේ වැඩි බලපෑම් ඇති වන්නේ වයස්ගත පුද්ගලයන්ට හා දීර්ඝකාලීන රෝග තත්වයන් තිබෙන පුද්ගලයන්ටයි. ඒ කියන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය,වකුගඩු රෝග, හතිය වගේ තත්ව ඇති අයට මෙමගින් සාපේක්ෂව වැඩි බලපෑමක් තියෙනවා. ඒ නිසාම එවැනි තත්වයන් ඇති පුද්ගලයින් මේ සම්බන්දයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු මෙන්ම රෝග ලක්ෂණ ඇතිනම් හැකි ඉක්මණින් ප්‍රතිකාර සදහා හා අදාල පරීක්ෂණ සදහා යොමු විය යුතුයි.

කොරෝනා ආසාදනයෙන් මිදීමට ගත යුතු මූලික ක්‍රියාමාර්ග

  • නිවසෙන් පිටතට යන අවස්ථාවන් වලදී රෝග ලක්ෂණ ඇති අය හමුවුවහොත් එම ස්ථාන වලින් ඉවත් වන්න
  • පුද්ගලයන් අතර අවම වශයෙන් මීටර 1ක පරතරයක් තබා ගන්න
  • නිරතුරුව අත හෝදන්න ( සබන් හෝ විශබීජ නාශක දියර භාවිතා කර තත්පර 20ක් පමණ අත් සෝදන්න)
  • සෙනග රැස් වන තැන් සියල්ල මගහරින්න
  • හැකි සෑම විටම නිවසේ රැදී සිටින්න. අත්‍යවශ්‍ය නොවන කිසිදු හේතුවකට නිවසෙන් බැහැරට නොයන්න.
  • යම්අවස්ථාවකදී ඔබ කොරෛා්නා වෛරසය ආසාදනය වූබවට සැකකෙරෙන රෝගියෙකු මුණගැසුනේ නම් ඒ සම්බන්දයෙන් වෛද්‍ය කණ්ඩායම් දැනුවත් කර ඒ අයගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

වකුගඩු රෝගී ඔබ විශේෂයෙන් ….

ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නේ නම් කිසිදු හේතුවෙක් මත ඩයලයිසිස් වාරය මගහැරීමෙන් වැලකීමට වගබලා ගත් යුතුයි. ඩයලයිසිස් ප්‍රතිකාර සදහා නිවසින් බැහැර වන විට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කල යුතුය. එමෙන්ම ඔබගේ රෝහලේ කාර්යමණ්ඩලයද ඔබ ආරක්ෂා විය යුතු ආකාරය සම්බන්දයෙන් ඔබ දැනුවත් කරනු ඇත.

ඔබ ලබාගන්න ඖෂධ ප්‍රමාණවත් පිරිදි ඔබ සතුව තබාගැනීමට කටයුතු කරන්න. යම් හේතුවක් මත ඖෂධ අවසන්වීගෙන එන්නේනම් අවශ්‍ය සියලුම ඖෂධ ලබාගැනීමට කටයුතු කරන්න. ඔබගේ සායන වලදී රජයේ රෝහල් වලින් ඖෂධ ලබාදෙන බැවින් සායන මගහැරීමෙන් වැලකී සියලු ප්‍රතිකාර හා අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කරන්න.

එමෙන් ඔබට උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,හුස්ම ගැනීමේ අපසුතාවයන්, උගුරේ වේදනා වැනි රෝග ලක්ෂණ ඇතිනම් ඒ සම්බන්දයෙන් වෛද්‍ය කණ්ඩායම් දැනුවත් කිරීමට පියවර ගන්න.

වකුගඩු බද්ධ කල අයද අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ඔබගේ සාමාන්‍ය සෞඛ්‍යආරක්ෂිත ක්‍රියාකාරකම් තවත් හොදින් ඉටුකරන්න. සෞඛ්‍ය තත්වයේ වෙනසක් සිදුවන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් සදහා යොමු වන්න.

කිසිදු අවස්ථාවක් අනවශ්‍ය බියක් ඇති තරගැනීමෙන් පලක් නැත. අවශ්‍යවනනේ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගැනීම හා යම් රෝගලක්ෂණ ඇත්නම් ඒවා වෛද්‍යවරුන් වෙත නොසගවා පවසා ප්‍රතිකාර සදහා යොමු වීම පමණි.

About freddy

Check Also

කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්

කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති …