මීට වසර ගණනාවකට පෙර සිටම Diethelyne Glycol (DEG) නම් රසායනිකය ශරීර ගතවීම ශරීරයට විශකරබව හදුනාගෙන තිබුනත් අදටත් එම රසායනිකය අඩංගු කුඩා දරුවන්ගේ කැස්ස සඳහා භාවිතා කරන පැණි හේතුවෙන් වකුගඩු ක්‍රියාවිරහිත වන මෙන්ම ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන දරුවන් පිලිබද සිදුවීම් වාර්තා වනවා.
මෙම ලිපියට පාදක වී ඇති සිදුවීම වාර්තා වන්නේ පසුගිය වසරේ නොවැම්බරයේ උස්බෙකස්ථානය හා තජිකිස්ථානය යන රටවල් වලින්..
උස්බෙකිස්ථානයේ සේවය කරන කුඩාදරුවන්ගේ වකුගඩු රෝග සම්බන්ද විශේෂඥ වෛද්‍යවරියක වන Nodira Multolibova සදහන් කරන ආකාරයට 2022 සැප්තැම්ර් සිට 2023 නොවැම්බර් දක්වා කාලය තුල උස්බෙකිස්ථානය හා තජිකිස්තානය යන රටවල් දෙකෙන් මෙවැනි විෂවීමේ සිදුවීමක් වාර්තා වූ අතර එහිදී දරුවන් 120දෙනෙකු පමණ මුත්‍රා පහවීම අඩුවීම හා මානසික පීඩනය වැනි රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර තිබුණා.
එම පිරිසෙන් 50 දෙනෙකු වයස මාස 6 හා අවුරුදු 10 අතර පසුවූ පිරිසක් වන අතර ඔවුන් උස්බෙකිස්ථානයේ අගනුවර පිහිටි රෝහල් දෙකකට ඇතුලත් කර තිබුනා. ඔවුන් අතරින් දරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් 36%ක්.. එලෙස ජීවිතක්ෂයට පත්වූ දරුවන් සියලු දෙනාට රෝහල් ගතකරන අවස්තාව වන විටත් රුධිර කාන්දුකරන ප්‍රතිකාරය ලබාදිය යුතු මට්ටමෙ සිට ඇති අතර තවමත් ප්‍රතිකාර ලබන ළමුන් රුධිර කාන්දුකරන ප්‍රතිකාරය ලබගනිමින් සිටින බවත් වෛද්‍යවරිය සදහන් කර ඇත.
මෙම සිදුවීම සම්බන්දයෙන් සිදුකරන ලද පරීක්ෂණලවලින් හෙලිවී ඇති කරුණු අනුව රොහල් ගත කල ළමුන්ගෙන් 36 දනෙකු එකම සමාගම විසින් නිශ්පාදනය කරන ලද කැස්ස පැණි භාවිතා කර ඇති බවත් එම සමාගම ඉන්දියානු සමාගමක් බව තහවුරු වී ඇත. ඒ අනුව මෙවැනි සිදුවීම් සම්බන්දයෙන් මින් පෙර සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙලිවී ඇති පරිදි ඖෂධ නිෂ්පාදනය සම්බන්දයෙන් නිසි නියමානයක් නොමැති රටවල් වල මෙලෙස Propylene glycol වැනි සෞඛ්‍යට හිතකර ද්‍රාවක වෙනුවට DEG වැනි විසකාරක භාවිතා කිරීම සිදුවේ.
කල යුත්තේ කුමක්ද??
මෙම සිදුවීම සම්බන්දයෙන් American Society of Nephrology වෙත මෙම වාර්තාව ඉදිරිපත් කල විශේෂඥ වෛද්‍ය Multolibova පවසන්නේ සංවර්ධනය වෙමින් පවතින හා අඩු ප්‍රතිලාභ ලබන රටවල් වල ඖෂධ නියාමනය දැඩි කල යුතු බවයි. එසේ නොවන්නේ නම් මෙවැනි ඛේදවාචක රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවද ඇය පවසයි. ඉහත සදහන් කල සිදුවීමේ මරණ වලට හේතු වූ කැස්ස පැණිය හදුනාගැනීමෙන් අනතුරුව එරට රජය විසින් එම ඖෂධය සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කලද මෙහි නිෂ්පාදකයා වන ඉන්දීය සමාගමට මෙම සිදුවීම සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක වූවාද නැද්ද යන්න පිලිබදව තමන් කිසිවක් නොදන්නා බවද වෛද්‍යරිය සිය වාර්තාවේ සදහන් කර ඇත.
මෙවැනිම සිදුවීම් මින් බොහෝකලකට පෙරද සිදුව ඇති බවට සාක්ෂි දරමින් වෛද්‍ය Multolibova මෙම ලිපිය ඉදිරිපත් කිරීමේ පසු ඇය ඩුබායිහිදී සහභාගී වූ 15th Asian Congress of Pediatric Nephrology හිදී ඇය හා සාකච්ඡා කල බංග්ලාදේශ වෛද්‍යවරයෙකු ඇයට දන්වා ඇත්තේ වසර 1992 මෙවැනිම සිදුවීමක් සිය රටේද වාර්තා වී ඇති බවටයි.
ඒ අනුව මෙවැනි සිදුවීම් දිගින් දිගටම ලොවපුරා රටවල් වලින් වාර්තා වී ඇති බවත් ඊට විසදුම් සෙවීමටනම් ඖෂධ නියාමනය ශක්තිමත් කල යුතු බවත් වෛද්‍යවරිය දිගින් දිගටම ඇයගේ ලිපිය හරහා පවසා ඇත.
නිවැරදි ඖෂධ නියාමනයක් සහිත ඇමරිකාව හා බටහිර යුරෝපයේ නිෂ්පාදනය වන ඖෂධ වල ගුණාත්මකබාවය ගැන වෛද්‍යවරුන් දැනුවත් නමුත් එම ඖෂධ මිල අධික වීමත්, ඉන්දියාව ඇතුළු ඖෂධ නියාමනය නිවැරදි ලෙස සිදුනොවන රටවල් වලින් නිෂ්පාදය කෙරෙන ඖෂධ වල මිල අඩුවීමත් හේතුවෙන් ගුණාත්මක ඖෂධ භාවිතා කිරීමට ජනතාව පෙලඹීමේ අඩුවක් ඇති බවත් , මෙවැනි පලකිරීම් හරහා එවැනි ගුණාත්මකභාවය අඩු ඖෂධ වලින් සිදුවිය හැකි දැඩි සෞඛ්‍ය හානි සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීම තමන්ගේ අරමුණ බවත් Multolibova වෛද්‍යවරිය පවසයි.
මිතිලායා ගමගේ
(American Society of Nephrology හි පලවූ kidney news ලිපි මාලාවේ ලිපියක් ඇසුරිණි.)