අධිරුධිර පීඩනය අපේ  වකුගඩු වලට වින කරන්නේ කොහොමද?

අධිර රුධිර පීඩනය එහෙමත් නැත්තම් අපි ප්‍රෙෂර් එක කියල හදුන්වන තත්වය අපේ වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්⁣න යන්නේ…

මුලින්ම අපි බලමු රුධිර පීඩනය සහ අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියල…

රුධිර පීඩනය කියන්නේ අපේ හදවත මගින් ලේ සිරුර පුරා පොම්ප කිරීමේදී රුධිරය විසින් රුධිර නාල මත ඇති කරන පීඩනයයි.

එම නිසා අධිරුධිර පීඩනයේදී සිදුවෙන්නේ ඒ විදියට අපගේ හදවත මගින් රුධිරය පොම්ප කිරීමේදී එම රුධිරයෙන් රුධිර නාල මත ඇති කරන පීඩනය වැඩිවීමයි.

අධිරුධිර පීඩනය අපේ වකුගඩු වලට බලපාන්නේ කොහොමද??

අධි රුධිර පීඩනය මගින් අපේ සිරුර පුරාම තියෙන රුධිර නාල හැකිලීමක් සිදුකරනු ලබන අතර ඒ හේතුවෙන් රුධිර නාල දුර්වල වීම හා ඒවාට හානි සිදුවීම ආරම්භ වේ.

මෙලෙස අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ගේ වකුගඩුවලට රුධිරය සැපයෙන රුධිර නාලද, ඒ හේතුවෙන් දුර්වල වීම හා ඒවාට හානිවීම සිදුවේ. එවිට වකුගඩු වලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවන අතර වකුගඩු වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයටද මෙම තත්වය සෘජුවම බලපෑම් එල්ල කරනු ලබයි.

වකුගඩු වල ප්‍රධාන කාර්යය වන්නේ අපෙ  සිරුරේ ඇති අපද්‍රව්‍ය හා අනවශ්‍ය තරල පෙරා ශරීරයෙන් ඉවත් කිරීමයි. ඉහත සදහන් කර ඇති තත්වය මත එසේ අපද්‍රව්‍ය හා අනවශ්‍ය තරල ශරිරයෙන් ඉවත් කිරීම නියමිත ආකාරයෙන් සිදුකිරීමට වකුගඩු  අපොහොසත් වීම සිදුවේ.

ඒහේතුවෙන් රුධිර නාල වල අමතර තරල රැස්වීම සිදුවන අතර එමගින් තවදුරටත් රුධිර පීඩනය ඉහල යාම සිදුවේ. ඒ ආකාරයෙන් මෙම ක්‍රියාවලිය චක්‍රයක් වශයෙන් සිදුවෙමින් වකුගඩු ක්‍රමක්‍රමයෙන් හානි වී වකුගඩු අකර්මන්‍ය වීම දක්වා භායානක ප්‍රතිඵල ඇති කර දීමේ හැකියාවක් අධි රුධිර පීඩනයට ඇත.

අධි රුධිර පීඩනය වැළදීමේ වැඩි ඉඩක් ඇති පුද්ගලයන් ?

  • වැඩිහිටි පුද්ගලයන් – වයසත් සමග අධි රුධිර පීඩනය ඇතිවීමේ හැකියාව ඉහල යයි.
  • පවුලේ වෙනත් සාමාජිකයන්ට අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්.
  • සෞඛ්‍යාරක්ෂිත නොවන ජීවන රටාවක් අනුගමනය කරන පුද්ගලයන්. – ලුණු අධික ආහාර ගැනීම, මත්ද්‍රව්‍ය වැඩියෙන් ලබාගැනීම, ව්‍යායාම වැනි ශාරීරික ක්‍රියාකාරකම් නොකරන පුද්ගලයන්ට අධි රුධිර පීඩනය වැලදීමේ වැඩි ඉඩක් ඇත.

අපි දැන් කතා කරමු අධි රුධිර පීඩනය හා වකුගඩු රෝග වැලදී ඇකි පුද්ගලයන්ට අත්විදින්නට වෙන  රෝග ලක්ෂණ මොනාද කියල…..

අධි රුධිර පීඩනය වැලදී ඇති පුද්ගලයන්ටනම් එහි රෝග ලක්ෂණ කිසිවක් දැනෙන්නේ නැති තරම්.. ඇතැම් අවස්ථා වලදී හිසරදයක් වැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒනිසා සෑම අවස්ථාවකදීම වගේම අධිරුධිර පීඩනය හදුනාගන්න පුළුවන් වෙන්නේ වෛද්‍යවරයෙකු හමුවී ඔබගේ රුධිර පීඩනය මැන බැලීමෙන් තමයි.

වකුගඩු රෝගයේ තත්වයත් මේ හා සමානයි.වකුගඩු ⁣රෝගයේ මුල් අවස්තා වලත් කිසිදු රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ.

නමුත් වකුගඩු වල ක්‍රියාකා⁣රීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වන විට අපේ කකුල,විලුඹ වැනි තැන් වල ඉදිමීමත් ඇති වෙන්න පුළුවන්. මේ ඉදිමුම ඇති වෙන්නේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා  ශරීරයේ එක්රැස්වන ශරීරයෙන් ඉවත් කිරීමට නොහැකිවී තරල හා ලුණු වැනි දේවල් නිසයි.

ක්‍රමක්‍රමයෙන් වගුඩු වලට සිදුවන හානිය වැඩි වී වකුගඩු වලට සැලකියයුතු හානියක් සිදුවී අවසන් වූ වි⁣ට පහත සදහන් ආකාරයේ විවිධ රෝග ලක්ෂණ රෝගීන්ගෙන් දැකගන්නට ලැබෙනවා.

  • ආහාර අරුචිය,වමනය හා ඔක්කාරය
  • හිසරදය
  • කැරකැවිල්ල,මහන්සිය හා නිදාගැනීමේ අපහුසතාවයන්
  • මුත්‍රා පිටවීම අඩුවීම ( ඇතැම් අවස්තාවල මුත්‍රා පිටවීමේ වැඩිවීමක්ද දැකිය හැක)
  • සම වියලීම,සම අඳුරු පැහැයක් ගැනීම
  • ඇගේ බර අඩුවීම
  • කෙන්ඩ පෙරලීම
  • හුස්ම ගැනීමේ අපහසුතාවයන් හා පපුවේ වේදනාව

අධි රුධිර පීඩනයෙන් වකුගඩු හානිවීම මඟහරවා ගන්නේ කොහොමද?

අධික රුධිර පීඩනයෙන් වකුගඩු බේරා ගැනීමට නම් කල යුත්තේ ඖෂධ හා ජීවන රටාව වෙනස  කරගැනීම් මගින් රුධිර පීඩනය ප්‍රශස්ථ තත්වයේ පවත්වා ගැනීමයි.

අධිරුධිර පීඩනය ඇති බවට තහවුරු වීමෙන් පසුව වෛද්‍යවරුන් විසින් ලබාදෙන්නාවූ ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට ගැනීම මගින් අධි රුධිර පීඩනය පාලනය කරනවාත් සමගම,

  • ව්‍යයාම කිරීම
  • සිරුරේ බර නියමිත මට්මමේ පවත්වා ගැනීම
  • මානසික පීඩනය ඇති වන හෝ ඇතිවිය හැකි  අවස්තාවලින් ඉවත්වී සිටීම.
  • සමබල ආහාර වේලක් ගැනීම (ආහාරයට එක්කර ගන්නා සෝඩියම් ප්‍රමාණය අඩු කිරීම අධිරුධිර පීඩනය ඇති⁣ රෝගීන්ට යෝග්‍යය වේ).
  • දුම්පානය කරනවානම් ඒවා නැවැත්වීම

වැනි ජීවන රටාවේ වෙනස්කම් සිදුකිරීම මගිනුත් අධි රුධිර පීඩනය පාලනය කර වකුගඩු වලට හිතකර විදියට ජීවන රටාව සකසා ගැනීම වැදගත් ⁣⁣වේ.

මේ ආකාරයෙන් ඉහත කරුණු සලකා බැලීමේදී පැහැදැලි වන්නේ අධි රුධිර පීඩනය කියන්නෙත් අපේ ජීවිතය බිලිගන්න පුළුවන් නිහඬ මාරයෙක්.. එ  නිසාම අපි වඩාත් සැලකිල්ලෙන් අපේ රුධිර පීඩනය  ගැන අවබෝධයෙන් සිටිය යුතුයි.

(මූලාශ්‍රය – https://www.niddk.nih.gov/health-information/kidney-disease/high-blood-pressure)

About freddy

Check Also

කැස්ස පැණි නිසා වකුගඩු අකර්මන්‍ය වන දරුවන්

මීට වසර ගණනාවකට පෙර සිටම Diethelyne Glycol (DEG) නම් රසායනිකය ශරීර ගතවීම ශරීරයට විශකරබව හදුනාගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *