
මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ?
ඔව් පුලුවන්..එන්න
කලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ?
තිබ්බා ඩොක්ටර්.. දැන් නෑ..
🤔🤔
190/110 mmHg
ආ..ඔය තියෙන්නේ..
ප්‍රෙශර් ගොඩක්ම වැඩිනේ..කලින් තිබ්බා දැන් නෑ කිව්ව කතාව මොකක්ද ?
තියෙනවා සර්.මට ප්‍රෙශර් තියෙනවා..
මම දවස් දෙකක් විතර දැන් බෙහෙත් නොගෙන බැලුවේ මේ ප්‍රෙශර් අඩුවෙයිද කියලා..
කලින් සතියේ බලනකොට නෝමල් කිව්වා..ඒකයි සර්..
හැමදාම බොන්න බෑ ඔව්වා..
😬😬😬
අධි රුධිර පීඩනය එහෙම නැත්නම් ප්‍රෙශර් කියලා හදුනාගෙන බෙහෙත් පටන් අරන් සතියක් දෙකක් මාසයක් විතර යනකොට බහුතරයක් අය කරන මෝඩ වැඩක් තමයි මේක..
බෙහෙත් ගන්න ගමන් ප්‍රෙශර් බලපුවාම නෝමල්.ඉතින් මොකටද ආය බෙහෙත් බොන්නේ කියලා තමන්ගේ හිතුමතේට බෙහෙත් නවත්තලා දානවා.
එහෙම නැත්නම් හිතුනොත් බොනවා..නැත්නම් නෑ..
ඔය වගේ..
බහුතරයක් අය මේක කරන්නේ ඩොක්ටර් කෙනෙක්ගෙන්වත් අහන්නේ නැතුව..
▶️ මෙහෙම කරන එක හරිද ? ප්‍රෙශර් නෝමල් නම් බෙහෙත් ගන්නේ මොකටද ?
අධි රුධිර පීඩනය කියන්නේ බෝ නොවන රෝග කාණ්ඩයට වැටෙන නිදන්ගත රෝගයක්.මෙතනදි වෙන්නේ අපේ නහර, හරියටම කියනවා නම් ධමනි වල තියෙන්න ඕන සාමාන්‍ය පීඩනයට වඩා පීඩනය වැඩි වෙන එක.
මෙහෙම හිතන්න..අපේ සාමාන්‍ය බටයකින් නිදහසේ වතුර ගලායනවා.ඊට පස්සේ අපි ඒ බටය වෙනුවට ටිකක් විෂ්කම්භය පොඩි බටයක් දානවා.එතකොට මේ බටයෙන් යන වතුර පාර කලින් සැරේට වඩා සැරට විදිනවා.
ඒ කියන්නේ ඇතුලේ තියන පීඩනය වැඩිවෙනවා කලින් අවස්ථාවට වඩා.ඔන්න ඔය වගේ දෙයක් තමයි අධි රුධිර පීඩනයේදි වෙන්නේත්.
මෙහෙම වෙන්න කාරණා ගොඩක් හේතුපාදක වෙනවා.විශේෂයෙන්ම essential hypertension කියන තත්වයේදි.මෙන්න මේ හේතුව නිසා ප්‍රෙශර් හැදුනා කියන්න අමාරුයි.ජානමය බලපෑමෙන් , අපි ගතකරන life style එක අනුව , ගන්න ආහාර නිසා , තියන වෙනත් ලෙඩ රෝග අනුව වගේ ගොඩක් කරුණු කාරණා එකතුවෙලා තමයි ප්‍රෙශර් හැදෙන එක වෙන්නේ.
▶️ ඊලගට මොකද කරන්නේ ?
අර වැඩිවුන පීඩනය අඩු කරගෙනන සාමාන්‍ය මට්ටමේ තියාගෙන යන්න වෙනවා.ඒකට තමයි අපි බෙහෙත් පටන් ගන්නේ.
ඒකට බෙහෙත් වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.සමහර රෝගීන්ට එක බෙහෙත් එකකින් වුනත් ප්‍රෙශර් එක පාලනය වෙනවා.තව අයට එක බෙහෙත් වර්ගයකින් පාලනය නොවෙන නිසා බෙහෙත් වර්ග දෙක තුනක් වුනත් ගන්න වෙනවා.
ඒවා මගින් රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමේ පවත්වාගෙන යනවා..
▶️ මෙහෙම ප්‍රෙශර් වලට බෙහෙත් කොච්චර කල් ගන්න ඕනද ?
බෙහෙත් අරන් පැයෙන් දෙකෙන් දවසෙන් අපේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට එනවා.බෙහෙත් වලින් රුධිර පීඩනය පාලනය කරගෙන තියාගන්නවා.
ඉතින් මේක උණට කැස්සට දවස් තුනකට හතරකට බෙහෙත් ගන්නවා වගේ ප්‍රෙශර් වලට බෙහෙත් අරන් දවස් දෙකෙන් තුනෙන් නවත්තන්න බෑ..
බෑ කිව්වොත් බෑ..
දීර්ඝකාලිනව බෙහෙත් ගන්න වෙනවාම තමයි..අවුරුද්දක්ද දෙකක්ද කියන්න බෑ.බහුතරයක් අයට සමහරවිට ජිවිතකාලය පුරාම බොන්න වෙනවා.
▶️ එතකොට ඒ බෙහෙත් නවත්තන්නම බැරිද ?
මම රෝගීන්ට කියන්නේ නම් ඒක හරියට බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්නවා වගේ දෙයක් කියලා.අපි ඒ බෝලය අතහැරපු ගමන් උඩ එනවා වගේ බෙහෙත් නැවැත්තුව ගමන් පාලනය කරගෙන හිටපු ප්‍රෙශර් එක සෑහෙන්න වැඩිවෙනවා.එතකොට අපි අල්ලන් ඉන්නකල් බෝලය වතුරේ තියෙනවා වගේ තමයි බෙහෙත් වලිනුත් රුධිර පීඩනය පාලනය කරගෙන ඉන්නේ.
එහෙම බෙහෙත් නවත්තනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.අවදානම් වැඩක්.තමන් බොන බෙහෙත් ප්‍රෙශර් එකත් එක්ක ටිකෙන් ටික අඩුකරගෙන යන්න ඕන.එහෙම කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණයක් තියෙන්නම වෙනවා.
▶️ එහෙම නැවැත්තුවොත් මොකෝ වෙන්නේ ?
මෙහෙම බෙහෙත් එක පාරම නවත්තලා ප්‍රෙශර් 200/100 වගේ ගණන් වලට වැඩි වුනොත් ඒක කෙලමවෙන වැඩක්.
👉🏻ඕන වෙලාවක හාට් ඇටෑක් එකක් එන්න පුලුවන්..
👉🏻ඕන වෙලාවක මොළයේ නහරයක් පුපුරලා අංශභාගය හැදෙන්න පුලුවන්..
👉🏻අපේ මහා ධමනියට හානිවෙන්න පුලුවන්..
👉🏻වකුගඩු වලට හානිවෙන්න පුලුවන්…
👉🏻ඇස් පෙනීම නැතිවෙන්න පුලුවන්…
👉🏻හිසරදය කැරකිල්ල ෆිට් එක වගේ අමාරු එන්නත් පුලුවන්
ඒ නිසා කවදාවත් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ නැතුව ප්‍රෙෂර් බෙහෙත් නවත්තන්න යන්න එපා..
අතරින් පතර මතක් වුනාම එහෙම නැත්නම් ඔලුවේ කැක්කුමක් දැනුනම වගේ යලට මහට විතරක් බොන්නත් එපා..
ඒ බෙහෙත් හරියට වෙලාවට ගන්න පුරුදු වෙන්න.
විශේෂයෙන් ඔය ප්‍රෙෂර් තියන අම්මලා තාත්තලා ඉන්න දුවලා පුතාලා ටික සැලකිල්ලෙන් ඉන්න.අම්මා තාත්තා හරියට බෙහෙත් ගන්නවද කියන එක බලන්න..
මොකද බහුතරයක් අය මේ බොනවා මේ බොනවා කිව්වට බොන්නේ නෑ.අත්දැකීමෙන් කියන්නේ..😌😌
ඉතින් ඒ නිසා කවදාවත් ඩොක්ටර් කෙනෙක් කියන්නේ නැතුව තමන්ගේ හිතුමතේට ප්‍රෙශර් බෙහෙත් නවත්වන්න එපා..
එහෙම කලොත් නවතින්න වෙන්නේ හොස්පිටල් එකේ තමයි…
