මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. මෙ විදියට මේ ගැන කතා බහත් ඇති වෙලා තියෙන්නේ රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වගේම ෆාමසි වල පවා මෙ උපකරණය සොයාගන්න ඒ අවශ්‍ය රෝගීන්ට නොහැකි තතිවයක් උද්ගතවී තිබෙන නිසයි. මෙම needle එක මේ තරම් වකුගඩු රෝගීන්ට වැදගත් ඇයි කියල දැනගන්න,AVF Needle කියන්නේ මොකක් කියල අපි බලමු.
AVF Needle එහෙමත් නැතිනම් arteriovenous fistula (AVF) needle කියන්නේ වකුගඩු රෝගයේ අවසන් අදියරයේ සිටින රුධිර කාන්දුපෙරණය කරන රෝගීන්ට අත්‍යවශ්‍යම දෙයක්. මේකෙන් තමයි රෝගියාගේ රුධිර සංසරණ පද්ධතිය හා Dialysis මැෂීන් එක අතර සම්බන්දතාවය පවත්වාගැනීම සිදුවන්නේ.
වකුගඩු රෝගීන්ගේ රුධිරකාන්දුපෙරණය සිදුකල යුතු රෝගීන්ට Arteriovenous Fistula (AVF) ලෙස හැදින්වෙන Fistula එකක් නිර්මානය කිරීම ශල්‍යකර්මයක් මගින් සිදුකරනවා. එහිදී වෙන්නේ රෝගීයාගේ ධමනියක් හා ශිරාවක් එකිනෙක සම්බන්ද කිරීමයි. සාමාන්‍යයෙන් මෙම ෆිස්ටියුලාව නිර්මානය කරන්නේ රෝගියාගේ අතේ, එහෙම නැතිනම් ශරීරවෙ වෙනත් සුදුසු ස්ථාන වල ෆිස්ටියුලාව නිර්මාණය කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරනවා.

මේ විදියට රෝගියාගේ ශිරාවක් හා ධමනියක් සම්බන්ද කිරීමෙන් පසු පීඩනනේ වැඩි ධමනියන් පැමිණෙන රුධිරයයේ පීඩනය දරාගැනීම සඳහා ශිරාව විශාලත්වයෙන් වැඩිවීම හා ශක්තිමත් වීම සිදුවෙනවා. ඒ නිසා Dialysis මැෂින් එක හා සම්බන්දකිරීමට යෝග්‍යය තත්වයට ශිරාව පත්වීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් AV Fistula නිර්මාණය කිරීමෙන් සති 6 – 12ත් අතර කාලයක් මේ සදහා ගතවෙන්න පුළුවන්. එසේ ශිරාවක් dialysis කිරීම සදහා සුදුසු තත්වයට පත්වීම Maturation ලෙස හදුන්වනවා.

AVF Needle වර්ග
AVF Needle වර්ග දෙකක් තිබෙනවා.
- Arterial Needle – පිරිසිදු කිරීම සඳහා රෝගියාගෙන් අපිරිසිදු රුධිරය dialysis මැෂීන් එක වෙත යොමු කරන්නේ මෙමගිනි. රතු පැහැයෙන් සංකේතවත් වෙයි
- Venous Needle – Dialysis මැෂීන් එක මඟින් පිරිසිදු කරන ලද රුධිරය නැවතත් රෝගියාගේ සිරුරට එන්නේ මෙමගිනි.නිල් පැහැයෙන් සංකේතවත් වෙයි.

මෙහිදී Dialysis මැෂීන් එක මගින් Arterial needle එක හරහා අපිරිසිදු රුධිරය dialysis machine එක වෙත ඇඳගැනිම සිදුකරනඅතර එහි ඇති Dialyzer එක හරහා රුධිරයේ ඇති අනවශ්‍ය අපිරිසිදු දේ හා අමතර තරල රුධිරයෙන් ඉවත් කිරීම සිදුකරනවා.
ඉන්පසු පිරිසිදු වූ රුධිරය නැවතත් Venous Needle එක හරහා රෝගීයාගේ ශරීරයට යොමුකිරීම සිදුවෙනවා.
මේ විදියට තමයි Dialysis ප්‍රතිකාරය මගින් ජීවත් වන රෝගීන්ගේ රුධිරකාන්දුපෙරන ක්‍රියාවලිය සිදුවෙන්නේ.
kidneyinfolk To educate people on kidney related issues.