රත්කහීනතාවය ලෙස හදුන්වන්නේ කුමක්ද?
රුධිරයේ රතු රුධිරානු ප්‍රමාණය අඩුවීම රක්තහීනතාවය ලෙස සරලව හදුන්වන්නට පුළුවන්.අපගේ එදිනෙදා කටයුතු වලට ශක්තිය නිපදවීම අවශ්‍ය ඔක්සිජන් සිරුර පුරා ගෙනයනු ලබන්නේ මෙම රතුරුධිරනු මගිනි.එමනිසා යම්කිසි හේතුවක් මත මෙසේ රුධිරයේ ඇති රතුරුධිරානු ප්‍රමාණය අඩුවූ විට අපට අවශ්‍ය ශක්තිය නිපදවීමද අඩුවීම සිදුවේ.
රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?
- සිදුමැලි වීම
- මහන්සිය
- දෛනික වැඩකටයුතු සිදුකරගැනීමට පවා ශක්තිය මද බවත් දැනීම
- කෑම අරුචිය
- ඇස් කහපැහැති වීම
- මලපහ වල වර්ණය වෙනස් වීම
- රුධිර පීඩනය අඩුවී
- නිදාගැනීමේ අපහසුතා ඇතිවීම
- මනස නිදහස් නොවීම හා සීතීමේ හැකියාව අඩුවීම
- හිසරදය
- හෘද ස්පන්දන රිද්මය වැඩිවීම
- හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වීම
වකුගඩු රෝග ඇතිවිට රක්තහීනතාවය ඇතිවීමට හේතු මොනවාද?
රතුරුධිරනෙු සිරුර තුල නිපදීවම සදහා පණිවිඩය ගෙනයන හෝමෝනය වන එරිත්රොපොයිටීන් නම් හෝමොනය නිදපවනු ලබන්නේ වකුගඩු මගිනුයි. නමුත් ඔබගේ වකුගඩු රෝගී වී ඇතිනම් ප්‍රමාණවත් රතුරුධිර සෛල නිපදවීම සදහා අවශ්‍ය ප්‍රමාණයෙන් එරිත්රොපොයිටීන් හෝමෝනය නිපදවීම සිදුවන්නේද නැහැ. එම නිසා රුධිරයේ ඇති රතු රුධිර ප්‍රමාණය පහත වැටීමෙන් රක්තහීනතා තත්වයක් ඇති වනවා.
සමාන්‍යයෙන් වකුගඩු රෝගයෙන් පීඩා විදින බොහෝ දෙනෙකුට රක්තහීනතාවය ඇති වනවා. වකුගඩු රෝගී වීම ආරම්භ වීමත් සමග රක්තහීනතාවය ආරම්භ වී වකුගඩු වල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් හීන වීමත් සමග රක්තහීනතාවයේ තත්වය වර්ධනය වීම සිදුවනවා. එලෙසම
- දියවැඩියාව
- කාන්තාවක් වීම
- අවසන් අදියරයේ හෝ (5වන අදියරයේ ) මධ්‍යස්ථ අවදියක ඇති වකුගඩු අකරණි තත්වය වැනි හේතූණ් නිසා රක්තහීනතාවයේ ඇති ප්‍රබලත්වය වැඩිවීම සිදුවනවා.
රක්තහීනතාවය වැලදී ඇති බව සොයාගන්නේ කෙසේද?
රක්තහීනතාවයේ මුල් අවදියේදී ඉහත සදහන් කල රෝග ලක්ෂන බොහෝ දෙනෙකු විසින් පෙන්වන්නේ නැහැ. ඔබට වකුගඩු රෝගී ත්වයක් ඇතිනම් අනිවාර්යයෙන්ම ඔබගේ රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය දැනගැනීම සදහා අනිවාර්යයෙන් රුධිර පරීක්ෂණ සිදුකල යුතුයි. ඒ අනුව ඔබට රක්තහීනතාවය ඇතිවී ඇතිද නැද්ද යන්න පිලිබදව දැනගත හැකියි.
ඔබගේ වෛද්යවාර්ථාවන් අනුව ඔබට රක්තහීනතා තත්වයක් ඇතිනම් වෛද්‍යවරුන් විසින් ඔබට අවශ්‍යකරන ඖෂධ ලබාදීම සිදුවනවා. මෙහිදී විශේෂයෙන්ම එරිත්රොපොයිටීන් හෝමෝනය නිපදවීම උත්තේජනය කෙරෙන ඖෂධ හෝ යකඩ ඖෂධ ලබාදීම සිදුවනවා.