(American Journal of Kidney Diseases හි සදහන් වූ පර්යේෂණ වාර්ථාවක් ඇසුරින් මෙම ලිපිය සැකසී ඇත. )
මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ දීර්ඝකාලීන වකුගඩු අකරණි තත්වයෙන් පීඩා විදින රෝගීන් පසුකාලීනව දියවැඩියා තත්වයන්ට ගොදුරු වීමට ඇති හැකියාව මැන බැලීම සදහායි. එහිදී හෙලිවී ඇත්තේ දීර්ඝ කාලීනව වකුගඩු රෝගයෙන් පීඩාවිදින රෝගීනට කාලයත් සමග දියවැඩියාව (Type II) ඇතිවීමේ අවධානමක් ඇති බවයි.
එහිදී පර්යේෂණයට සහභාගී කරගෙන ඇත්තේ වකුගඩු රෝගය වැලදීමට පෙර දියවැඩියා රෝගය නොපැවති රෝගීන් වන අතර ඔවුන්ගෙන් 17%කට පමණ වස 8ක පමණ කාලයක් ඇතුලත Type II දියවැඩියා තත්වය ඇතිවී තිබෙනවා.
මේ ආකාරයෙන් දියවැඩියාව ඇතිවීමට හේතු විය හැකි කරණු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ වකුගඩු වෙත සිදුව ඇති හානි ප්රමාණය හා වකුගඩුවල ක්රියාකාරී මට්ටම,පවුල් ඉතිහාසය,දුම්පානය,රුධිර පීඩනය,කොලෙස්ටරෝල් සදහා ලබාගන්නා ඖෂධ වැනි ප්රධාන හේතූන් මත මෙම තත්වය ඇති විය හැකි බවයි.
ඒ අතරම වකුගඩු බද්ධ කිරීමකින් පසුවද දියවැඩයාව ඇතිවීමේ වැඩි අවදානමක් පවතින අතර එයට හේතු වන්නේ බද්ධ කිරීමෙන් පසු ලබාගන්නා ඖෂධයි. එහිදී විශේෂයෙන්ම ප්රෙඩ්නිසොලොන් නැමැති ඖෂධය දියවැඩියා තත්වයන් ඇතිවීමේ කෙරෙහි සෘජු බලපෑමක් සිදුකරයි. වකුගඩු බද්ධ කිරීමට පෙර දියවැඩියා තත්වයක් නොපැවති පුද්ගලයන්ට වඩා වකුගඩු බද්ධ කිරීමෙන් පසු සීනි සහිත ආහාර ගැනීමෙන් ප්රවේශම් නොවුනහොත් කාලයත් සමග දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහලයයි. එම නිසාම සායන වලදී බොහෝවිට මාස 6කට පමණ වරක් ( බද්ධ කිරීමට පෙර දියවැඩියාව නොතිබුණ රෝගීන් සදහා )රුධිරයේ සීනි මට්ටම මැන බැලෙන පරීක්ෂන සිදුකරනු ලබයි.