වකුගඩු රෝග ඇතිවීමට ප්‍රධානතම හේතු වලින් මූලික හේතුවක් වශයෙන් සැලකෙන්නේ දියවැඩියාවයි.දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ගේ සිරුර තුල අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හෝමෝනය නිපදවීමක් සිදු නොවන අතර ඇතැම් රෝගීන්ගේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය ප්‍රමාණවත් නොවේ.
මේ ආකාරයේ ඉන්සියුලින් හෝමෝනය සම්බන්ද ගැටළු ඇති රෝගීන්ට (දියවැඩියා රෝගීන්ට) රුධිරයේ සීනි මට්ටම වැඩිවන අවස්ථා හෝ අඩුවන අවස්ථා අත්දැකීමට සිදුවනවා. සාමාන්‍යයෙන් රුධිරයේ සීනි මට්ටම 70 mg/dL ට වඩා අඩුවන අවස්ථාවන් රුධිරයේ සීනි මට්ටම අඩු අවස්ථාවක් හෙවත් Hypoglycemia ලෙස හදුන්වනවා.
වකුගඩු රෝග හා රුධිරයේ සීනි මට්ටම අඩුවීම
වකුගඩු රෝග හා දියවැඩියා තත්වයන් ඇති පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩුවීමේ වැඩි ප්රවනතාවයක් ඇත.එසේවීමට ප්‍රධානතම හේතුව වන්නේ වකුගඩු රෝගී තත්වයත් සමගින් ආහාර රුචියේ සිදුවන වෙනස්කම් හා ආහිර ගන්නා ප්‍රමාණයන් කාලයෙන් කාලයට වෙනස් වීමයි.
එලෙසම වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වූ විට නික්ෂේපන මගින් ලබාදෙන ඉන්සියුලින් හා වෙනත් ඖෂධ වැඩි වේලාවක් රුධිරය තුල පවතින්නේ ඒවා පෙරී ඉවත්වීම නියමිත පරිදි සිදුව නොවීම හේතුවෙන්ය. ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවන් වලදී දියවැඩියාව හා වකුගඩු ආඉාධයන්ද ඇති රොගීන්ට රුධිරයේ සීනි මට්ටම අඩුවීමේ තත්වයන් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇත.
රුධිරයේ සීනි මට්ටම අඩුවීමට බලපාන හේතු
- ආහාර වේල් මගහැරීම හෝ ආහාර ගැනීම පමා කිරීම
- ආහාර අරුචිය හේතුවෙන් ලබාගන්නා ආහාර ප්‍රමාණය අඩු වීම
- නියමිත මාත්‍රාවට වැඩියෙන් ඉන්සියුලින් හා අනෙකුත් ඊට සම්බන්ද ඖෂධ ලබාගැනීම
- ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩි කිරීම
විශේෂයෙන්ම වකුගඩු ආබාධ ඇති පුද්ගලයන්ගේ ආහාර රුචිය රෝගී තත්වය හේතුවෙන් අඩුවන අතර එවැනි අවස්ථාවන් වලදී එම රොගීන් ආහාර වේල් මගහැරීම හා ආහාර ප්‍රමාණය අඩු කිරීම සිදුකරන බැවින් රුධිරයේ සීනි මට්ටම අඩුවීම කෙරෙහි එම අවස්ථාවන් ඝෘජු බලපෑමක් ඇති කරයි.
රුධිරයේ සීනි මට්ටම අඩුවීමේ රෝග ලක්ෂණ
- හිසරදය
- මහන්සිය
- ඇගට පණ නැතිගතිය
- දහඩිය දැමීම
- වෙව්ලීම
- බඩගිනිවීම
- මනස සංසුන් නොවීම
- ඇස් පෙනීම දුර්වල වීම
- හෘද ස්පන්දනය වැඩවීම
රුධිරයේ සීනි ප්‍රමාණය අඩුවන රොගීන් සියළු දෙනාටම පාහේ ඉහත සදහන් කල ලක්ෂන අත්විදීමට සිදුවන අතර සීනි මට්ටම විශාල වශයෙන් අඩුවන අවස්ථාවන් වලදී ක්ලාන්තය,වෙව්ලීම හා කෝමා වැනි තත්වයන් පවා ඇති විය හැකිය.
රුධිරයේ සීනි මට්ටම අඩුවීම වළක්වා ගන්නේ කෙසේද?
- ආහාර වේල් මගහැරීමකින් තොරව වෛද්‍යවරයා හෝ ඔබගේ පෝෂණවේදියා විසින් ඔබට නියම කල ආහාර ලබාගන්න.
- විටින් විට රුධිරයේ සීනි මට්ට්ම පරික්ෂා කරගන්න
- දියවැඩියා තත්වයන් සදහා ලබාගන්නා ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට ගන්න
- දියවැඩියා ඖෂධ ලබාගැනීමෙන් පසු සීනි මට්ටම අඩුවන බව දැනෙන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න
- ව්‍යායාම සදහා යොමු වන්නේ නම් සීනි මට්ටම ගැන අවදානයෙන් සිටින්න. අධික වෙහෙසකාරී ව්‍යායම වලදී රුධිරයේ සීනි මට්ටම අඩුවිය හැක