වර්ථමානය වන විට වකුගඩු රෝගය වයස් භේදයකින් තොරවම සියළු දෙනාවම පාහේ ගොදුරු කර ගනිමින් පවතිනවා. පිලිකා රෝගයේදී වාගේම මේ වන විට කුඩු දරුවන් පවා මේ රෝගී තත්වයෙන් පීඩා විදින අවස්ථාවන් අපට රෝහල් තුලදී ඕනෑතරම් දැකගන්නට හැකයි.
එසේනම් ඔබගේ දරුවාට මේ තත්වය ඇතිවීම වලක්වා ගැනීමේ මූලික වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන ඔබටයි. ඒ නිසාම අපි හිතුවා දෙමාපියන් වශයෙන් ඔබ අනුගමනය කල යුතු පියවර කිහිපයක් ඔබ වෙතගෙන එන්නට. මේ දේවල් ඔබගේ ජීවිතයට සම්බන්ද කරගන්නට හැකි වුවහොත් ඔබේ දරුවාගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන්නට අපට පුළුවන් වේ යැයි අපට විශ්වාසයි.
දැන් අපි ඒ කරුණු ගැන සාකච්ඡා කරමු.
ව්‍යායාම කරන්නට / සෙල්ලම් කරන්නට දරුවා යොමු කරන්න
- කුඩා දරුවන්ටනම් විශේෂයෙන් ව්‍යයාම කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ අයගේ වයසේ මට්ටම් අනුව හිතේ හැටියට සෙල්ලම් කරනවානම් අමුතුවෙන් ව්‍යායාම අවශ්‍ය වන්නේ නැහැ.නමුත් වර්ථමානයේ දරුවන් පරිඝණක හා ජංගම දුරකථන සමග වැඩි කාලයක්ගත කිරීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබීම හේතුවෙන් එවැනි දරුවන්වනම් ව්‍යායාම සදහා යොමු කල යුතුමයි. ව්‍යායාම මගින් දරුවන්ගේ අස්ථි, පේශීන්,හදවත හා වකුගඩු නිරෝගී වනවා.
දරුවාගේ ආහාර සදහා එක්කරන සීනි ප්‍රමාණය අඩු කරන්න
- දරුවන් කොහොමත් පැණි එස වලට කැමතියි. ඒත් අනවශ්‍ය විදියට දරුවා සීනි අඩංගු ආහාර සදහා පුරුදු කිරීම හොද නැහැ. දරුවා කුඩා කාලයේදී වැඩි වශයෙන් සීනි අඩංගු ආහාර ගත්තොත් වයසත් සමග දියවැඩියාව වැලදීමේ අවදානම වැඩි වනවා. ඒ වගේමයි වකුගඩු වල ක්‍රියාකාරීත්වය කෙරෙහිත් රුධිරයේ සීනි මට්ටම බලපෑමක් ඇති කරනවා.
- වැඩිහිටියන්ට වැළදෙන වකුගඩු රෝග වලට ප්‍රධානතම හේතුවක් තමයි දියවැඩියාව කියන්නේ. ඒ නිසාම කුඩා වයසේදීම දරුවන් සීනි අඩික ආහාර වලින් ඈත් කරවන එක් නුවනට හුරයි.
පානය කරන ජල ප්‍රමාණය වැඩි කරන්න
- කෝලා බීම, පැණි බීම වර්ග වලට දරුවන් යොමු වීම වර්තමානය වන විට වැඩිවෙමින් පවතින බැවින් දරුවන්ට කුඩා වයසේ සිටම හොදින් ජලය පානය කිරීමට හුරු කරන්න.
- ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මගින් අධික අව් රශ්මිය ඇති දිනවලදී දරුවන් විජලන තත්වයට පත්වීම වැලැක්වීමේ හැකියාව පවතිනවා සේම වකුගඩු වල යහපත් ක්‍රියාකාරීත්වය සදහාත් ජලය අත්‍යවශ්‍යයයි. මුත්‍රා නිපදවීම මගින් ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි.
- ඔබ මෙන්ම ඔබේ දරුවාත් ප්‍රමාණවත් පරිදි ජලය පානය කර ඇත්දැයි සොයාගත හැකි පහසුම ක්‍රමය වන්නේ මුත්‍රා වල පැහැයයි. මුත්‍රා වල පැහැය තද පැහැතිනම් හා සැර ගන්ධයක් ඇතිනම් ඔබ පානය කර ඇති ජලප්‍රමාණය අඩු වන අතර මුත්‍රා වල පැහැය ලා පැහැතිනම් ඔබ ප්‍රමාණවත් ලෙස ජලය පානය කර ඇති බවත් කියැවෙනවා
ලුණු අඩුවෙන් භාවිතා කරන්න
- ලුණූ අපේ ශරීරයට අවශ්‍යම වූවත් වැඩිපුර ලුණූ භාවිතයනම් අහිතකරයි. ලුණු වැඩිවශයෙන් පරිභෝජනය කිරීම මගින් ශරීරයේ ජලය රදවාගැනීම වැඩි වනවා. එවිට එය රුධිර පීඩනය කෙරෙහි බලපෑමක් ඇති කරන නිසා රුධිර පීඩනය වැඩි වනවා. වැඩි රුධිර පීඩනයක ඔබගේ මෙන්ම ඔබගේ දරුවාගේත් රුධිර වාහිනී වලට මෙන්ම වකුගඩුවලටත් අහිතකරයි. එලෙස ඇති වන රුධිර පීඩනය දරුවාගේ කුඩා අවදියේදී වකුගඩු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නොකලත් දරුවා වයසෙන් වැඩෙත්ම වකුගඩු අක්‍රීය වීම කෙරෙහි බලපෑම් ඇති කල හැකියි. එමෙන්ම හෘදය ආශ්රිත රෝග ඇතිවීමේ අවදානමත් අධික ලුණු භාවිතයත් සමග ඉහල යනවා.
- ලුණු වැඩිවශයෙන් අඩංගු නමුත් දරුවන් කැමති ආහාර වශයෙන් ක්ෂණික ආහාර, ස්නැක්ස් වර්ග හදුන්වන්නට පුළුවන්.
දරුවාගේ බර පාලනය කරන්න
- වර්තමානයේදී බොහෝ දරුවන් ස්ථූලතාවයෙන් පෙලෙනබවනම් දැන් කවුරුත් දන්න සත්‍යයක්. ශරීරයේ යම් යම් ක්‍රියාවන් සදහා මේදය අවශ්‍ය වන නුමත් අනවහ්‍ය සෙ අධික ප්‍රමාණ වලින් මේදය හා කැලරි අඩංගු ආහාර ගැනීමනම් ශරීරයට හිතකර වන්නේ නැහැ. විශේෂයෙන් දරුවන් වයසින් වැඩෙත්ම මේ විදියට මේදය අඩංගු ආහාර ගැනීම මගින් දරුවන් ස්ථූලභාවයට පත්කරන්නට හේතු වනවා. ස්ථූලභාවය හේතුවෙන් විවිධාකාරයේ රෝගී තත්වයන් ඇති විය හැකි අතර ඒ අතරින් හෘද රෝග,වකුගඩු රෝග,අධි රුධිර පීඩනය, දියවැඩියාව විශේෂයි.
- ඒ නිසා දරුවන් තෙල් අඩංගු ආහාර වලට කැමති වුනත්,ඉල්ල ඉල්ල කෑවත් ් ඒ වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සදහා හුරු කිරීම වැදගත්
දරුවාට ලබාදෙන ඖෂධ නිවැරදි ආකාරයට ලබාදෙන්න
- කිසියම් රෝගී තත්වයන් සදහා දරුවාට ලබාදෙන ඖෂධ නිවැරදිව වෛද්‍ය උපදෙස් පමණක් පිලිපදිමින් ලබාදෙන්න. විවිධ අයගේ උපදෙස් මත දරුවන්ට මෙන්ම ඔබටත් හිතුමතේ ඖෂධ ලබාගැනීම කොහෙත්ම නුවනට හුරු නැහැ.
- එමෙන්ම දරුවාට වේදනානාශක ලබාදෙන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න. හිතුමතේ වේදනාවක් ඇති වන සෑම අවස්ථාවකම වේදනානාශක භාවිතා කිරීමනම් සෘජුවම දරුවාගේ වකුගඩුවලට හානි කරයි. ඒ වාගේමයි ඖෂධ සමග ප්රමාවණවත් ලෙස ජලය පානය කිරීමත් වැදගත්
නියමිත කාලයන් වලට වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වන්න
- දරුවාගේ සෞඛ්‍ය ගැන දෙමාපියන් වශයෙන් ඔබ කොහොමත් අවදානයෙන් සිටින බවනම් අප දන්නවා. ඒ සදහා දරුවාව නියමිත වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමත් වැදගත්.විශේෂයෙන් දරුවන්ට මහන්සිය,නින්ද නොයෑම, මානසික ඒකාග්‍රතාවය අඩුවීම, ආහාර රුචිය අඩුවීම, මුත්‍රා කිරීේ අපහහුතාවයන්, කකුල් හා විලුඹ ඉදිමීම, ඇස් අවට ඉදිමීම වැනි ලක්ෂණ තිබෙනවානම් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන් ලබාගැනීම වැදගත්