දවාලට පොඞ්ඩක් ඇල වෙන්න.. එයින් ඔබේ ජීවිතයේ විශ්මිත වෙනසක් ඇති වෙනවා…

නින්ද අප කාටත් ඉතා අවශ්‍ය දෙයක්. ඒ ගැන විවාදයක් නෑ. ඒත් ඔබේ නින්ද මොන වගේද? ක්ෂීරපායී සත්ත්ව කාණ්ඩයට අයත් බොහෝ සතුන් දවසකට කිහිප වරක් නිදා ගන්නවා. ඒ නිසා අප ඔවුන් polyphasic sleepers යනුවෙන් හැඳින්වෛනවා. ක්ෂිරපායින්ගෙන් සියයට 85කට වැඩි සංඛ්‍යාවක් මේ polyphasic sleepers කාණ්ඩයට අයත් වන බව කිව්වොත් ඇතැම් විට ඔබ මවිතයට පත් වනු ඇති.

ඒත් මිනිස් අප වෙනස්. අප වැඩි දෙනෙක් රාත්‍රියේ නිදා ගන්නවා. දිවා කළ ඇහැරගෙන ඉන්නවා. මේ නිසා අපි monophasic sleepers යනුවෙන් හැඳින්වෙනවා. තවත් විදිහකින් කිව්වොත් අපි දවස කාල පරිච්ඡේද දෙකකට බෙදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න රාත්‍රි කාලය හා අවදිව ඉන්න දිවා කාලය වශයෙන්.

කෙසේ වෙතත් පරිණාමීය ජීව විද්‍යාඥයන් පර්යේෂණ වලින් හඳූනාගත් ආකාරයට අපේ අපි දවාලටත් නිදාගත්තොත් එයින් යහපත් වෙනස්කම් රැසක් සිදු වෙනවා.

වැඩිය නොවෙයි, විනාඩි 20-30ක් නිදාගන්න එක අපේ සෞඛයට ඉතාමත්ම හොඳයි. මෙයින් අපේ වැඩ කිරීමේ වේගය වැඩි වෙනවා, මනස නිරවුල් වෙනවා, ශක්ති සම්පන්න වෙනවා. අපේ සිරුරේ යම්තාක් දුරට හෝ සෘණාත්මක සිතිවිල්ලක්, ආවේගයක්, ආතතියක්, තරහක් තිබුණොත් එයත් පහ වෙනවා.

පුංචි දරුවොත්, වයස්ගත අයත් බොහෝ වෙලාවට මේ නින්ද ලබනවා. ඒත් වැඩපළෙහි නිරත වැඩි දෙනෙක් මේ සඳහා යොමු වෙලා නෑ. සමහර විට රාජකාරි කරන විට වැඩපොළේදි එහෙම කරන්න අවස්ථාවක් නෑ. ඒත් අප කියන්නේ හැකියාවක් තියෙනවා නම් දවල්ට කෑම කාල පොඞ්ඩක් ඇල වෙන්න එය ඔබට සුවිශේෂී ධනාත්මක වෙනසක් ඇති කරණූ නොඅනුමානයි.

උපුටා ගැනීම – වෛද්‍යවරයා සගරාවේ ෆේස්බුක් පිටුවෙනි.

About freddy

Check Also

කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්

කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති …