ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා පුද්ගලයන් ලබාගත යුතු ආහාර හා පාන වර්ග මොනවාද?
ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා කාලයේදී ලබාගන්නා ආහාර හා පානවර්ග මත ප්‍රතිකාරයන් වල සාර්ථකභාවය හා ඔබගේ ශරීරයට දැනෙන සෞඛ්‍යසම්පන්න තත්වය වැඩිවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
එක් ඩයලයිසිස් ප්‍රතිකාරයක් අවසන්වී අනිත් ප්‍රතිකාරය දක්වා අතර කාලයේදී අපගන්නා ආහාර හා පාන වර්ගවලින් ශරීරයේ විවිධ වර්ගයේ අපද්‍රව්‍යයන් නිපදවීට පටන් ගන්නවා. ඒ නිසා ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය ප්‍රමාණය හා වර්ගය, අප න්නා ආහාර පානවර්ග පාලනය කිරීම මගින් සිදුකරන්න පුළුවන්. ඩයලයිසිස් කිරීමේදී ශරීරයෙන් ඉවත්වන්නාවූ අපද්‍රව්‍යයන් සැලකිල්ලට ගනිමින් ආහාර හා පානවර්ග තෝරා ගැනීම මෙහිදී වඩාත් හිතකරවෙනවා.
එලෙසම ඇතැම් ආහාරයන් හා පාන වර්ග වඩාත් වේගයෙන් ජීරණය වෙමින් වඩාත් වැඩි වේගයෙන් අපද්‍රව්‍ය නිපදවීම සිදුකරනවා.එවිට ඩයලයිසිස් ප්‍රතිකාරයන් අතරතුරදී අපට විවිධ අපහසුතාවයන් දැනෙන්න පුළුවන් වගේම ඩයලයිසිස් කිරීමේදී එම සම්පූර්ණ අපද්‍රව්‍ය ප්‍රමාණයම ඉවත් නොවන නිසා අපේ ප්‍රතිකාරයෙන් සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමටත් අපට නොහැකි වෙනවා.
ඩයලයිසිස් කරන විට ලබාගතයුතු ආහාර පිලිබදව මා දැනගන්නේ කොහොමද?
බොහෝමයක් රෝහල් වල වකුගඩු ඒකකයට සම්බන්දව පෝෂණවේදිනියක් හො පෝෂණවේදියෙක් සිටිනවා.ඔවුන්ගෙන් අපගේ සෞඛ්යතත්වයට ගැලපෙන ආහාර වර්ග පිලිබදව සවිස්තරාත්මක විස්තරයක් ලබාගන්න පුළුවන්.
එසේ නැතත් ඔබගේ වෛද්‍යවරයාගෙන් මේ පිලිබදව විමසුවහොත් ඔවුන්ගෙන් පවා මේ ගැනි අදාල තොරතුරු ලබාගන්න පුළුවන්.
විශේෂයෙන් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා කාලයේදි අප ගන්නා තරල ප්‍රමාණය පාලනය කිරීම අප කල යුතුම දෙයක්. ඒ නිසා වෛද්‍යවරුන් විසින් ඔබට නිර්දේශ තරල ප්‍රමාණයට වඩා වැඩි තරල ප්‍රමාණයක් දිනකට ලබාගැනීමට ඔබ විසින් ඔබට කරගන්නාවූ හානියක්.එලෙසම ආහාර ගැන සැලකීමේදී අඩු සෝඩියම්,පොටෑසියම්,හා පොස්පරස් අඩංගු ආහාර ගැනීමට යොමුවිය යුතුයි.
ඩයලයිසිස් රෝගියෙකු ලබාගන්නා තරල ප්‍රමාණය පිලිබදව සැලකිලිමත් විය යුත්තේ ඇයි?
ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ආරම්භ කරන අවස්ථාවේදී දිනකට ලබාගතයුතු තරල ප්‍රමාණයක් පිලිබදව වෛද්‍යවරුන් විසින් ඔබව දැනුවත් කරනවා. ඉන්පසු ඔබ කෙසේ හෝ ඒ තරල ප්‍රමාණය පමණක් ලබාගැනීමට උත්සහ කල යුතුයි. (සාමාන්‍යයෙන් දිනකට මිලිලීටර 1000,750,හෝ 500ක් වශයෙන් ලබා ගැනීමට සුදුසු තරල ප්‍රමාණය වෛදයවරුන් තීරණය කරනවා.)
ඔබට නිර්දේශ ක ප්‍රමාණයට වඩා වැඩි තරල ප්‍රමාණයක් දිගින් දිගටම ලබා ගැනීම තුලින් පහත දැක්වෙන් අතරු ආබාධවලට ලක්විමට ඔබට සිදුවෙනවා.
- ඩයලයිසිස් ප්‍රතිකාරයන් දෙකක් අතර තුර ඔබගේ ශරීරය ඉදිමීමට ලක්වීම හා ඉර වැඩිවීම.
- රුධිර පීඩනය වෙනස් වීම.
- හෘදයේ කාර්යභාරය වැඩිවීම හා එමගින් හෘද රෝග ඇතිවීමට ඉඩ වැඩිවීම.
- පෙනහළුවල තරල රැස් වීම හා ඉන්පසු හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වීම.
- ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකරන කාලය තුලදීද ඔබට විවිධ අපහසුතාවයන් දැනීමට පටන්ගන්නවා
- මස්පිඩු පෙරලීම(කෙන්ඩා පරෙලීම),එක් වරම රුධිර පීඩනය අඩුවීම,උදර කුහරයේ (බඩේ) විවිධ අපහසුතාවයන් දැනීම හා ඇගට පණනැති ගතියක් දැනීම.
බොන වතුර හා බීම වර්ග වලට අමතරව “තරල” ලෙස සැලකෙන ආහාර මොනවාද?
සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී ද්‍රව තත්වයෙන් පවතින ආහාර වර්ග අප සැලකිය යුත්තේ තරල වශයෙනුයි. උදාහරණ වශයෙන් සුප්,ජෙලි,ජෙලටින්,අයිස්ක්‍රීම් දක්වන්න පුළුවන්. ඒ වගේම ජලය වැඩි වහයෙන් අඩංගු පලතුරු වන මිදි,ඇපල්,කොමඩු,දොඩම්, තක්කාලි වැනි දේත් තරල ගණනය කිරීමේදී සැලකීමට අපි සැලකිලිමත් විය යුතුයි.
ඩයලයිසිස් කරන විට ආහාරයට ගැනීමට සුදුසු ආහාර වර්ග මොනවාද?
සාමාන්‍යයෙන් ඩයලයිසිස් කරන රෝගියෙකුට වැඩිපුර ප්‍රෝටීන් අඩංගු ආහාර ලබාගන්නා ලෙස නිර්දේශ කරනවා. ඊට හේතුව වන්නේ ප්‍රෝටීන් මගින් අඩු අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිපදවීමයි.ඒ අනුව ප්‍රෝටීන් අඩංගු මස්,කිරි,බිත්තර,හා මාළු ආහාරයට ගැනීම සුදුසු වුවත් සැකසූ මස් වර්ග අඩංගු සොසේජස් වැනි දේවල් ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැහැ.
පොටෑසියම් අඩංගු වන අලිගැටපේර,කෙසෙල්,අර්තාපල් හා වියළි පලතුරු වැනි දේවල් ආහාරයට ගැනීම අඩු කිරීම අඩු කිරීම කල යුතුයි.ඩයයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමේ දී රුධිරයේ පොටෑසියම් ප්‍රමාණයන් වැඩි වෙන්න පුළුවන්. ඒ හේතුවෙන් ඉහතින් සදහන් කල ආහාර පාලනය කිරීමට වගාබලාගැනීම වැදගත්.(අර්තාපල් කුඩා කැබලි වලට කැපීම,ග්‍රේට් කිරීම හා තැම්බීම මගින් එහි ඇති පොටෑසියම් ප්‍රමාණය යම් දුරකට අඩු කර ගත හැකියි.)
අප ගන්නා ආහාර වල අඩංගු පොස්පරස් ප්‍රමාණය සම්බන්දයෙන්ද අප සැලකිලිමත් විය යුතුයි. පොස්පරස් අපගේ අස්ථී වල ඇති කැල්සියම් ඉන් පිටතට ඇදගැනීම සිදුකරනවා.ඒ නිසා අස්ථි දුර්වල වී පහසුවෙන අස්ථි බිදී යන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොස්පරස් අඩංගු වන්නේත් ප්‍රෝටීන බහුල මස්,කිරි,මාළු වැනි ආහාර වල නිසා වැඩි වශයෙන් එම ආහාර ගැනීමත් සුදුසු වන්නේ නැහැ.
සෝඩියම්, ලුණු ලෙස සාමාන්‍යයෙන් හදුන්වන්න පුළුවන්. ලුණු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම හරහා තිබහ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නියමිත තරල ප්‍රමාණයට වඩා වැඩියෙන් ජලය පානය කිරීමට නොදැනුවත්වම ඔබ යොමුවීමට ඇති ඉඩකඩ වැඩියි.ආහාර රස කිරීමට යොදාගන්නා කුළුබඩු වලමෙන්ම වෙලදපොලෙන් මිලදී ගන්නා ටින් කල ආහාර හා සැකසූ ආහාර වලත් අධික ලෙස සෝඩියම් අඩංගු වෙනවා. එම නිසා එම ආහාරවලින් වැලකී සිටී වැදගත්.
“වියළි බර” කියන්නේ මොකක්ද?
ඩයලයිසිස් කරන්නෙකු නම් නිතරම මේ ඩ්‍රයි වේට් නැතිනම් වියලි බර කියන වචනය අහල තියෙනවා. වියලි බර කියන්නේ ඩයලයිසිස් ප්‍රතිකාරයකින් ශරීරයේ අනවශය තරල ප්‍රමාණය ඉවත් කල පසු අපේ ශරීරයේ බරටයි. ඩයලයිසිස් කිරීමෙදී අවශය පමණට වඩා වැඩියෙන් තරල ලබාගතහොත් අපේ සාමාන්‍ය වියලි බර ලබාගැනීමට අපට නොහැකි වනවා.
මූලාශ්‍රය – https://www.niddk.nih.gov/