Vasculitis ලෙස හදුන්වන්නේ අපගේ රුධිර වාහිනී වල ඇති වන ප්‍රදාහයමය (inflammation) තත්වයයි. මෙහිදී රුධිර වාහිනී වල බිත්තිය, ඝන වීම,දුර්වල වීම,පටු වීම හෝ කැලල් සහිත වීම සිදුවන්නට පුළුවන්.මේ නිසා රුධිර වාහිනී හරහා සිදුවන රුධිර ගලායාම සීමා වන අතර ඒ හේතුවෙන් එම රුධිර වාහීනී මගින් රුධිර සපයන ඉන්ද්‍රීයයන්ට හා පටක වලට හානි වීම සිදුවනවා.
Vasculitis ආකාරයන් කිහිපයක් පවතින අතර මින් බොහෝ ආකාරයන් කලාතුරකින් ඇති වන තත්වයන් වශයෙන් හදුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් Vasculitis තත්වයක් ඇති වුවහොත් ඒවා කෙටි තාලීන තත්වයක් හෝ දීර්ඝ කාලීන තත්වයක් වන්නට පුළුවන්.
Vasculitis වර්ග
- Behcet’s disease
- Buerger’s disease
- Churg-Strauss syndrome
- Cryoglobulinemia
- Giant cell arteritis
- Granulomatosis with polyangiitis
- Henoch-Schonlein purpura
- Kawasaki disease
- Takayasu’s arteritis
රෝග ලක්ෂණ
විවිධ vasculitis වර්ග වලදී පෙන්වන රෝග ලක්ෂණ වෙනස්, නමුත් අපි බලමු සාමාන්‍යයෙන් පොදුවේ අපිට දැකගන්න ලැබෙන රෝග ලක්ෂණ ගැන.
- උණ
- හිසරදය
- මහන්සිය
- ශරීරයේ බර අඩුවීම
- ශරීරයේ තැනින් තැන වේදනාවන් ඇති වීම
- රාත්‍රීයේදී වැඩිපුර දාඩිය දැමීම
- දද ඇති වීම
- ස්නායු සම්බන්ද ආබාධ ඇති වීම
vasculitis ඇති වීමට හේතු
vasculitis තත්වයක් ඇතිවීමට නිෂ්චිතම හේතුවක් සදහන් කිරීම අපහසුයි. ඇතැම් අවස්ථවන් වලදී පුද්ගලයන්ගේ ජානගතව ඇති වන තත්වයක් වශයෙන් vasculitis ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල රුධිර වාහිනී සෛල වෙත පහරදීම හේතුවෙනුත් vasculitis තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව
- හෙපටයිටීස් බී හා සී වැනි ආසාදන
- රුධිර පිළිකා තත්වයන්
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග ( rheumatoid arthritis, lupus හා scleroderma වැනි)
- ඇතැම් ඖෂධ සදහා සිරුර මගින් දක්වන ප්‍රතිචාර වැනි තත්වයන් හේතුවෙනුත් vasculitis ඇති වෙන්න පුළුවන්.
vasculitis තත්වයේදී රුධිර වාහිනී වල ගමන් ගන්නා රුධිරය එම වාහිනී වලින් පිටතට පැමිණීම සිදුවන්නට හෝ රුධිර වාහිනී ඉදිමීමකට ලක්වන්නට පුළුවන්. මෙහිදී බොහෝවිට රුධිර වාහිනී බිත්ති ඝණ වීම සිදුවන අතර ඒ නිසා රුධිර වාහිනී තුල විවරය පටු වීම සිදුවනවා. ඒ නිසා ඒ හරහා ගමන්ගන්නා රුධිර ප්‍රමාණය අඩුවීම සිදුවී සෛල හා ඉන්ද්‍රීයයන් වෙත ලැබෙන ඔක්සිජන්,රුධිරය මෙන්ම අත්‍යවශ්‍ය පෝෂකද ලැබීම අඩුවනවා.
Vasculitis නිසා ඇති විය හැකි සංකූලතා
Vasculitis නිසා ඇති වන සංකූලතාවයන් තීරණය වන්නේ Vasculitis තත්වය පුද්ගලයාට බලපෑ ඇති තත්වය මතයි.ඒ කියන්නේ ඔබට වැලදී ඇති Vasculitis වර්ගය හා එහි තත්වය මත ඒ ඒ පුද්ගලයාට ඇතිවන සංකූලතාවයන් වෙනස් වන්නට පුළුවන්. එමෙන්ම ඇතැම් විට ප්‍රතිකාර වශයෙන් ඔබ ලබාගන්නා ඖෂධ වල අතුරු ආබාධ නිසාත් විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්.
අපි දැන් කථා කරමු Vasculitis තත්වයේ ඇති වන සංකූලතාවයන් ගැන
- විවිධ ඉන්ද්‍රීයන්ට හානි සිදුවීම
- ලේ කැටි ඇති වීම
- රුධිර වාහීනී දුර්වලවීම
- ඇස් පෙනීම දුර්වල වීම හෝ ඇස් පෙනීම අහිමි වීම
- විවිධ ආසාදන ඇති වීම – නියුමෝනියා, රුධිර ආසාදන (sepsis) වැනි මරණය ලගා කල හැකි ආසාදන මේ නිසා ඇති විය හැක.
රෝගය හදුනාගන්නේ කෙසේද?
ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබේ රෝග ඉතිහාසය පරික්ෂා විමසා බලා ශාරීරික පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව රෝගී තත්වය නිශ්චිතවම සොයාගැනීම සදහා විවිධ පරීක්ෂණ සදහා ඔබව යොමු කරනු ඇත.
- රුධිර පරීක්ෂණ – CRP, Full Blood count වැනි පරීක්ෂණද රුධිරයේ ඇති ප්‍රතිදේහ හදුනාගැනීම සදහා සදහා වන පරීක්ෂණද මෙහිදී බොහෝවිට සිදුකරේ.
- මුත්‍රා පරීක්ෂණ – මෙහිදී මුත්‍රා වල රුධිර සෛල හෝ අධික වශයෙන් ප්‍රෝටීන පවතිනවාද නැද්ද යන්න පිළිබදව පරීක්ෂණය කෙරේ
- X ray, Ultrasound,CT scan,MRI වැනි පරීක්ෂණ
- Angiography – මෙහිදී ශරීරයේ ප්‍රධාන ධමනියකට හෝ ශිරාවකට ඇතුල් කරන catheter එකක් හරහා ඩයි වර්ගයක් ඇතුල් කිරීම සිදුවනවා. ඉන්පසු එම ඩයි වර්ගයෙන් රුධිර නාල පිරී ගිය පසු X-rays පිටපතක් ලබා ගැනීම සිදුවනවා
- Biopsy – ඔබගේ සිරුරේ vasculitis තත්වය වර්ධනය වෙමින් ඇති බවට සැකකෙරන ස්ථානයක කුඩා කොටසක් සාම්පලයක් වශයෙන් ලබාගැනීමත් ඒවා පරීක්ෂණයට ලක් කිරීමත් මෙහිදී සිදුවේ.
ප්‍රථිකාර මොනවාද?
මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර වල අරමුණ වන්නේ රුධිර වාහීනී වල ප්‍රදාහමය තත්වය පාලනය කිරීම හා නැවතත් එවැනි තත්වයන් මතු නොවීම පිණිස පාලනයක් ඇති කිරීමයි(preventing relapse )
මෙහිදී වෛද්‍යවරුන් විසින් ඔබට වැලදී ඇති ප්‍රදාහමය තත්වයේ ස්වභාවය, හා එමගින් බලපෑම් කර ඇති ඉන්ද්‍රීයයන්ගේ ස්වභාවය මත ඔබට ලබාදෙන ඖෂධ තීරණය කරනු ඇත.