
එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලීව ඉන්න එක රෝගයක් තිබුනත් නැතත් අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්.. ඒ වගේම වකුගඩු රෝගියෙක් හෝ දියවැඩියාව,අධි රුධිර පීඩනය වගේ තත්ව තියෙනවනම් ව්‍යයාම කරල ක්‍රියාශීලීව ඉන්න පුළුවන්නම් අපිට දීර්ඝ කාලයක් බොහොම නිරෝගීව ඉන්න පුළුවන්.
හැබැයි ඉතින් ව්‍යයාම නොකරපු කෙනෙක්ටනම් ව්‍යයාම කරන්න පටන් ගන්නව කියන්නේ හිතන තරම් ලේසි දෙයක් නෙවේ.. ඒ නිසාම වැඩි මහන්සියක් වෙන්නේ නැතුව අඩු බලපෑමක් තියෙන ව්‍යායම ටිකක් ගැන අද අපි බලමු.
- ඇවිදීම
- පිහිනීම
- යෝගා
- ඉදගෙන කරන ව්‍යායම කියන්නේ ඒ විදියට ව්‍යයාම කිරීම ආරම්භ කරන්න හොද විදියක්.
ඇවිදීම
ඇවිදීම කියන්නේ අපි හැමදෙනාටම කරන්න පුළුවන් බොහොම පහසු ව්‍යායාමයක්.විශේෂිත උපරණ හෝ ස්ථානයක් අවශ්‍යය වෙන්නෙත් නැති නිසා අපිට පහසු තැනක කරන්න පුළුවන්.
ඇවිදීමේ ව්‍යයාම පටන් ගන්න අවස්තාවේදී මුලින්ම විනාඩි 5 – 10ක් පමණ වේලාවක් ඇවිදීම සදහා වෙන් කරන්න. ඉන්පස්සේ ක්‍රම ක්‍රමයෙන් දවසට විනාඩි 30ක පමණ කාලයක් වනතුරු දිනෙන් දින විනාඩි 5 බැගින් පමණ ඇවිදීමට යොදන කාලය වැඩි කරන්න.. විනාඩි 30ක් පමණ ඇවිදීම සදහා යොමු කරන අවස්තායෙන් පසු ඇවිදින වෙගගය වැඩි කිරීම හෝ කඳු සහිත බිමක ඇවිදීමට යොමු වීම වගේ වෙනස්කම් කරන්න පුළුවන්.
ඇවිදීම වගේම අනිත් ව්‍යයාම වලටත් ක්‍රම ක්‍රමයෙන් හුරු වුනාට පස්සේ ඒ ව්‍යයාම වල ඊලග අදියරයටත් අදාලවවන ව්‍යයාම කිරීම මගින් තව තවත් අපේ ශරීර නිරෝගී තත්වයට පත් කරගන්න අපියගට පුළුවන්.
ව්‍යායාම කිරීමේ වාසි
නිරෝගී කෙනෙක්ට ඒ නිරෝගී බව රැකගන්න වගේම යම්කිසි රෝගී තත්වයකින් පෙලෙන කෙනෙක්ට ඒ තත්වයෙන් ඇතිවිය හැකි වෙනත් අතුරු ආබාධ වගේම ශරීර දුබලතා මගහරවා ගන්නත් ව්‍යයාම ඉතාම වැදගත්..
ව්‍යයම කිරීම මගින්,
- ශරීරයේ බර අඩුවීම හෝ නියමිත බර මට්ටම පවත්වා ගැනීමට හැකිවීම
- හොඳ නින්දක් ලැබීම
- හෘදයේ , මාංශපේශීන්ගේ හා මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් වීම
- ආතතිය ඇතුලු විවිධ මානසීක පීඩාවන්ගෙන් මිදීමට හැකිවීම