වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන දිනයේදී පළමුව ශල්‍යකර්මයට ලක්කරන්නේ ඔබගේ දායකයාවයි.ඉන්පසු වකුගඩු ග්රාහකයා ශල්‍යගාරයට ඇතුල් කරනවා. සාමාන්‍යයෙන් මේ ශල්යතර්මයට පැය 4ක් පමණ ගතවනවා.
වකුගඩුව බද්ධ කිරීම සිදුකිරීමෙන් පසු මුල් දින කිහිපය දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමට සිදුවනවා.(දැඩිසත්කාර ඒකකය තුල ඔබට ගතකිරීමට සිදුවනකාලය රෝහලෙන් රෝහලට වෙනස් විය හැකි සේම,ශල්‍යකර්මයෙන් පසු ඔබගේ තත්වය යහපත් වීමට ගන්නා කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්.)දැඩිසත්කාර ඒකකයේ ගතකරන කාලයේදී වෛද්‍යවරුන් හා හෙදියන් විසින් ඉතාමත් සැලකිල්ලෙන් ඔබගේ තත්වය පිලිබදව සොයාබලනවා. අළුත් ඖෂධ ලබාදීම ආරම්භකරනවා. එහිදී සිදුකරන පරීක්ෂණවලින් ඔබට බද්ධ කල වකුගඩුව හොදින් ක්‍රියාත්මක වන බව ස්ථිර වූ විට ඔබව රෝහලේ වාට්ටුව වෙත යොමු කිරීම සිදුවෙනවා.(මේ ක්‍රියාවලියත් රෝහලෙන් රෝහලට වෙනස් වන්න පුළුවන්. ඇතැම් විට දැඩිසත්කාර ඒකකයෙන් නිවසට යාමට හෝ රෝහල් වාට්ටුවේ වෙනත් කාමරයක් වෙත ඔබව යොමු කිරීම සිදුවෙන්න පුළුවන්.)
දැඩිසත්කාර එ්කකයෙන් පැමිණීමෙන් පසු ඔබ නිවසේ හෝ රෝහලේ සිටියත් රුධිර පරීක්ෂණ හා මුත්‍රා පරීක්ෂණ නොකඩවා සිදුකිරීම කල යුතුමයි. සාමානයෙන් මාසයක් පමන කාලයක් ගතවන තුරු දින 3න් 3ට පමණ පරීක්ෂණ කල යුතු අතර කාලයත් සමග පරීක්ෂණ කලයුතු කාලසීමාව දිගු වන්න පුළුවන්. මාස 6ක් ඉක්මවූ පසු මසකට වරක් සායන පැවැත්වෙන අතර එහිදී මසකට වරක් රුධිර හා මුත්‍රා පරීක්ෂණ සිදුකල යුතුයි.
ඔබ රෝහලේ සිටින විට ඔබ විශේෂයෙන් මුඛවාඩම් (Mask) පැලදිය යුතු වන අතර රෝහලේදී ඔබව බැලීමට පැමිණෙන්නන්ද මුඛවාඩම් පැලදීම අනිවාර්යයි. එය ඔබව විශබීජ ආසාදනයෙන් ආරක්ෂා කරගැනීමට යොදන පිළියමක් නිසා සෑම දෙනාවම ඒ ගැන දැනුවත් කර තැබිය යුතුයි.ඔබව බැලීමට පැමිණෙන පිරිස දිනකට දෙදෙනෙකුට පමණ සීමා කිරීම ඔබගේ සෞඛ්‍යට හිතකරයි.නැතිනම් විශබීජ ශරීරගතවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. රෝහලෙන් පටත්ව නිවසට ගිය විටත් තමන්ගේ කාමරයේ හැරෙන්නට අනෙකුත් සෑම අවස්ථාවකදීම මුඛවාඩම් පැලදිය යුතු වන අතර වැඩි පිරිසක් මුණ ගැසීමෙන් වැලකිය යුතුයි. එවගේම නිවසේදී ඔබට වෙනමම නානකාමරයක් හෝ වැසිකිලියක් වෙන් කිරීම ඔබගේ ශරීර සෞඛ්‍යට හා විශබීජ ආසාදනයෙන් වැලකීමට ඉතාමත් වැදගත්.එසේ අපහසු අවස්ථාවන්වලදී ඊට පිළියම් වෛද්‍යවරුන් හා සාක්ච්ඡාකොට නිර්මාණය කර ගැනීමට මතක තබාගතයුතුයි. අවම වශයෙන් වසරක කාලයක්වත් නිවසෙන් පිටතට යන විට මුඛවාඩම් පැලදිය යුතු අතර වැඩි ජනකායක් ගැවසෙන ස්ථාන මගහැරීම සෞඛ්‍යට හිතකරයි.
විශේෂයෙන්ම මතක තබාගතයුතු කරුණක් ලෙස අවමංගල්‍ය අවස්ථාවන් දක්වන්න පුළුවන්. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු අවමංගල්‍ය අවස්ථාවන් ඔබට තහනම්. කිසිදු හේතුවක් මත අවමංගල්‍යයක් පැවැත්වෙන් නිවසකට යාමෙන් ඔබ වැලකිය යුතුයි. ඔබගේ නිවසේ මරණයක් සිදුවුවහොත් අවමංගල්‍ය කටයුතු අවසන් වනතුරු වෙනත් ස්ථානයක නවාතැනි ගැනීම කලයුතුයි. එලෙසම ඔබගේ නිවසේ ජීවත්වන එබට දෛනිකව හමුවන පිරිස්ද අවමංගල්‍යයන් සදහා සහභාගී වීමෙන් වැලකීම කල යුතුයි. එසේ යෑඹට සිදුවුහොත් ඔබව මුණගැසීමට පෙර හොදින් ස්නානය කලයුතු බවත් ඔබගේ පවුලෙ සාමාජිකයන් දැනුවත් කර තැබිය යුතුයි.විශබීජ වලින් අරක්ෂා වී බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම වලක්වා ගැනීමටනම් මේ ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බව තරයේ මතකතබා ගත යුතුයි.
පිරිසිදු ඇදුම්,පිරිසිදු ආහාර මෙන්ම පිරිසිදු දෛනික පුරුදු වලටත් ඔබ පුරුදුවිය යුතුයි. ඔබටම වෙන්වූ පිගානක්, කෝප්පයක්,තුවායක් වැනි දේවල්මගින් සෑම ආකාරයකින්ම විශබීජ ආසාදනයන් ඇති වීමේ අවදානම අවම කරගැනීමට වගබලාගතයුතුයි. ආහාර සෑම විටම නිසේදීම පිලියල කරගන්නා ආහාර ලබාගත යුතුයි. නිවසෙන් පිටතට යන අවස්ථාවන් වලදී ඔබට වෙනමම ආහාර සාදාගෙනයාම වැදගත්.(පිටතින් ආහාර ගැනීමට සිදුවුවහොත් පිරිසිදුභාවය පිලිබද විශ්වාසවන්ත තැනකින් පමනක් ආහාර ගැනීම කල යුතුයි.)
ඔබට බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැලැක්වීමට ඔබට ලබාදෙන ඖෂධ නියමිත මාත්‍රාෙවන් නියමිත වෙලාවන්වලදී ලබාගැනීමට මතකතබා ගතයුතුයි. වෙලාවන් අමතකවන්නේනම් ඔබගේ ජංගම දුරකථනයේ හෝ ඔරලෝසුවක් මගින් එලාම් තබාගැනීම නුවනට හුරුයි.
ඖෂධ ලබාගැනීම,දිනකට පානය කරන ජල ප්‍රමාණය,පිටවන මුත්‍රා ප්‍රමාණය ,ලබාගන්නා ආහාර,ශරීරයේ බර පාලනය කිරීම, වැනි දේවලගැන වැඩි අවදානයක් ලබාදිය යුතුයි.දිනපතා ව්‍යායාම වල යෙදීම සිදුකල යුුතුයි.
ජලය දිනකට ලීටර 3ක් හෝ ඊට වැඩි ප්‍රාණයක් පානය කිරීමට වගබලාත යුතුයි. එලෙසම මුත්‍රා පිට කිරීමට අවශ්‍යවන අවස්ථාවන් වලදී පමා නොකර මුත්‍රා පිට කිරීමද කල යුතුයි.
මුල් මාසයෙන් පසුව ඇවිදීම වැනි ව්‍යායම වල නිරතවීමට ඔබට හැකියි.ඔබගේ වෛද්‍යවරයා හමුවී ඔබට ගැලපෙන ව්‍යායම හා දිනකට ව්‍යායාම කලයුතු කාලය පිලිබදව දැනුවත් වීම වැදගත්.
මේ ආකාරයේ ප්‍රවේසම් වීම් තුලින් ඔබට බද්ධකල වකුගඩුවේ යහපත් ක්‍රියාකාරිත්වය තහවුරු කරගතහැකි සේම එය ප්‍රතික්ෂේප වීම වලක්වාගන්නත් පුළුවන්. මීට අමතර විශේෂිත උපදේශයන් ඔබගේ සෞඛ්‍ය තත්වය මත වෛද්‍යවරුන් විසින් ලබාදෙන්න පුළුවන්. එම නිසා ඒ උඵදෙස් පිලිපැදීමත් අනිවාර්යයන් කලයුතුයි.