පුවත්පත්,රූපවාහිනී,සමාජමාධ්‍ය ජාලා මේ හැම දේකදී අපට දිනපතාම දකින්න ලැබෙන දෙයක් තමයි ගලපෙන වකුගඩුවක් දන්දෙන ලෙස ඉල්ලමින් පලවල දැන්වීම්. දැන් දැන් ඒ දෙවල් අපට හරිම හුරු පුරුදු දේවල් වෙන්න පුයන් අරන්. වසනාවකට වගේ එහෙම දැන්වීම මගින් තමන්ට ගැලපෙන වකුගඩුවක් සොයන අසරණ පිරිස් වෙත උදව් වීමට ඉදිරිපත් වන පිරිසකුත් මේ රටේ ඉදීමත් වාසනාවක්. ඉන් බොහෝ දෙනෙක් තමන් මින් පෙර කවදාකවත් දැක නැති කිසිම නෑදෑ කමක් නැති අයට තමන්ගේ වකුගඩුව දන්දීමට ඉදිරිපත් වන අය. නමුත් කාලයක් තිස්සේම අපේ රටේ ප්‍රශ්ණයක් තිබ්බා මේවිදියට වකුගඩු දන්දෙන්න කැමති අය හා වකුගඩු අවශය අය සම්බන්ධීකරණ කිරීම් කරන තැනදී. ඒ නිසා බොහෝ අවස්ථාවල් වල බේරා ගැනීමට තිබූ ජීවිත අහිමි වීම් සිදුවෙලා තියෙන්නත් පුළුවන්.
ඒ වගේම විශේෂයෙන් මාර්ග අනතුරු නිසා වසරකට පුද්ගලයන් 2500ක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා. අපට පුළුවන්නම් ඒ පුද්ගලයන් ගණනින් 5%කගේවත් අවයව අරගෙන අවශය රෝගී පුද්ගලයෙකුට බද්ධ කරන්න අපිට විශාල ජිවිත සංඛ්‍යාවක් බේරාගන්න පුළුවන්.
මේ ප්‍රශ්ණ වලට විසදුමක් වශයෙන් 2009 වසරේදී විශේෂිත වැඩසටහනක් ආරම්භ කරල තියෙනවා. මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කරල තියෙන්නේ අජිත් F. පෙරේරා මහත්මයායි. ඒ ක්‍රියාවලිය හදුන්වන්නේ Kidney Transplant Support Foundation (KTSF) කියලයි. මේ වැඩසටහනේදී වශ්‍ය කරන වකුගඩු දායකයන් ලියාපදිංචි කිරීම සදහා දිවයිනේ රෝහල් 20කට පරිගණක හා අවශ්‍ය කරන අන්තර්ජාල පහසුකම් මේ ආයතනය විසින් සපයා දී තිබෙනවා. මෙහිදී වෙන්නේ තමන්ගේ වකුගඩුව දන්දීමට කැමති පුද්ගලයෙක් තමන්ට ලගම ඇති රෝහලට ගොස් ලියාපදිංච් වුනාම ඒ දායකයාගේ තොරතුරු අනිත් රෝහල් 19ටත් ලැබෙනවා. ඒ අනුව තම රෝහලේ සිටින වකුගඩු රෝගියෙකුට ගැලපෙන දායකයෙකු සොයාගැනීම පහසු වෙනවා.
නමුත් කනගාටුවට කරුණ වන්නේ මේ ක්‍රියාවලියට අදාල වගකියයුතු පාර්ශව සක්‍රීයව දායක නොවීමයි. ඒ නිසා මෙහි නිර්මාතෘවරයා පසුවන්නේත් ඉතාමත් කනස්සල්ලකින්. ශ්‍රී ලංකාවේ නීතිය අනුව අවයව විකිණීම හෝ මිලදී ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා රොගියාව වකුගඩුව ලබාදෙන්නේ නෑයෙකු නොවන අවස්ථාවන් වලදී එම පුද්ගලයා විසින් වකුගඩුව ලබාදෙන්නේ මුදල් පදනම මත නොවන බව තහවුරු කරගැනීමට වෛද්‍යවරුන්ට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවනවා. නමුත් KTSF මගින් ඒ ප්‍රශ්ණයත් විසදෙනවා. මොකද ඒ සදහා රෝහල් වෙත පැමිණ ලියාපදිංචි වන්නේ තන්ගේ කැමැත්තෙන්ම වකුගඩුව දන්දීමට කැමති පුද්ගලයන් නිසා ඔවුන් මුදල් බලාපොරොත්තු වන්නේ නැහැ.
අජිත් පෙරේරා මහතා පවසන අාකාරයට 2009 වසරේ ආරම්භ කල මේ වැඩසටහන 2011 වසරේදී රජයට පවරන්නේ තවත් මෙය සාර්ථක ලෙස කරගැනීමට හැකිවේය යන අදහස ඇතිවයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වගේම වකුගඩු බද්ධ කිරීමේ නිරතව සිටින වෛද්‍යවරුන්ගෙනුත් සරිලන සහයක් මේ සදහා නොලැබීම නිසා මේ වැඩසටහන දැන් ප්‍රයෝජන නොගන්නා තත්වයට පත්ව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. අජිත් මහතාගේ මේ කටයුත්තට ඉතාමත් කැමැත්තෙන් තමන්ගේ සහයෝගය ලබාදෙන වෛද්‍ය A.M.L බෙලිගස්වත්ත මහතා පවසන්නේ මේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක නොවන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සිටින ඇතැමුන්ගේ වැරැද්දෙන් බවයි. මේ වැඩසටහන 2009 වසරේදී මෙන්ම දිගින් දිගටම මේ දක්වා ක්‍රියාත්මක වූවානම් වකුගඩු දායකයන් හා වකුගඩු අවශ්‍ය පුුදග්ලයන් සම්බන්ද කිරීමේ ඉතාමත් සාර්ථකම ක්‍රමය මෙය වන්නට ඉඩ තිබුණ බවත් වෛචද්ය බෙලිගස්වත්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
එලෙසම පසුගිය වසර 8ක කාලයක් තිස්සේ අජිත් පෙරේරා මහතා කල තවත් ඉල්ලීමක් තමයි තමන් ඉන්ද්‍රීයන් දානය කිරීමට කැමතියි යන්න රියදුරු ලපත්රයේ සදහන් කිරීම. දැන් ඒ ඉල්ලීමනම් ක්‍රියාත්මක වන බවයි, ඒ මහතා සදහන් කරන්නේ. ඒ අනුව රිය අනතුරක් සිදුවූ විට අනතුරට ලක්වූ පුද්ගලයා මියයන්නේ නම් රියදුරු බලපත්‍රය මගින් ඔහු තමන්ගේ අවයව දානය කිරීමට කැමැත්ත පලකර ඇත හෝ නැත යන්න දනගැනීමේ හැකියාව වෛද්‍යවරුන්ට පවතිනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ අවයව ලබාගෙන වෙනත් පුද්ගලයෙකුට බද්ධ කිරීම මගින් එක් ජීවිතයක් නොව ජීවිත කිහිපයක් බේරාගැනීමේ හැකියාව පවතිනවා.ඒ වාගේම රිය අනතුර මගින් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ටත් එමගින් යම් අස්වැසිල්ලක් ලබාගැනීමේ හැකියාව පවතිනවා.
කෙසේ හෝ KTSF සංකල්පයේ නිර්මාතෘ වන අජත් පෙරේරා මහතා තවමත් බලාපොරොත්තු සහිතව පසුවනවා.ඒ අදාල බලධාරීන්ගේ අවධානය මේ සදහා යොමු වී අකාලයේ මියයාමට සිටින ජීවිත රැසක් බේරා ගැනීමට ඉදිරියේචී හැකිවනු ඇතිය යන අභිලාෂයෙන්..
http://www.dailymirror.lk පලවූ ලිපියක් ඇසුරිණි.