ජාත්‍යන්තර වකුගඩු දින පුවත රාජ්‍ය මාධ්‍යයට වැදගත් නොවුනේ එහි දේශපාලකයෙකු නොසිටි නිසාද ?

SJP 14රාජ්‍ය මාධ්‍ය වලට ප්‍රවෘත්ති තීන්දු වන්නේ ඒ ඒ වැඩ සටහන් වල සිටින දේශපාලකයන් අනුවය. තමන්ගේ මැති ඇමතිවරයා ගේ පුවත කෙසේ හෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළ කරවා ගැනිමට ඔවුන්ගේ මාධ්‍ය ලේකම්ලාද දවස පුරා වෙහෙසෙති.
මෙහි ප්‍රථිපලය වන්නේ විනාඩි 20 ක පුවත් විකාශ  කාල සිමාව දේශපාලකයන්ගේ කථා මතින්ම හමාර විමය.
ඒ හැරෙන්නට රට තුල සිදුවන වැදගත් දෙයක් ගැන මේ රටේ ජනතාවට කියන්නට රාජ්‍ය මාධ්‍ය වෙහෙසෙන බවක් නොපෙනේ .
ජනාධිපතිවරයා පවා තැන තැන රටපුරා කියු වකුගඩු රෝගින් ප්‍රශ්ණය ගැන මහජනයාගේ අවධානයට ගෙනඒම සදහා ජාත්‍යන්තර වකුගඩු දිනය නිමිති කොට ගෙන ජයවර්ධනපුර රෝහලේ වකුගඩු ඒකකය විසින් සංවිධානය කරන්නට යෙදුන වැඩසටහන ගැන කිසිදු ප්‍රවෘත්තියක් මාර්තු 09 වනදා පමණක් නොව මාර්තු 10 වනදා පවා කිසිවක් ප්‍රචාරය වුයේ නැත.
මේ දින දෙකේදිම විකාශය කෙරුණු ප්‍රවෘත්ති දෙස බලාසිටියදි පැහැදිලි එක් කරුණක් වුයේ ඉන් වැඩිපුවත් ප්‍රමාණයක් විවිධ මැතිඅමැතිවරුන් පිළිබදව වු බවය.
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විදෙස් ගතව සිටි නිසා ජපුර ජාත්‍යන්තර වකගඩු දින උත්සවයට පැමිණ තිබුනේ තැන.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …