සාමාන්‍යෙයන් ඕනෑම පුද්ගලයෙකු වකුගඩු දෙකක් සහිතව තමයි උපතලබන්නේ. නමුත් එක් වකුගඩුවක් ඇතිව පමණක් උඵත ලැබූ පුද්ගලයින් සිටිනවා වගේම සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට එක් වකුගඩුවක් පමණක් ප්‍රමාණවත්. ඒ නිසාම තමයි වකුගඩු බද්ධ කිරීඹ මේ තරම් සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස ලොවපුරා ප්‍රචලිත වී තියෙන්නේ.
සාමාන්‍යෙයන් රෝගී පුද්ගලයෙකුට වකුගඩුවක් අවශ්‍ය වූවිට ඔහුගේ හෝ ඇයගේ ලේ නෑයෙකු ( සහෝදරයෙකු,දෙමව්පියන්,දරුවෙකු) , ජානමය බැදීමක් නැති බිරිද,ස්වාමිපුරුෂයා හෝ මිතුරෙකුගේ වකුගඩුවක් බද්ධ කල හැකි සේම ඔබ කිසිදින නොදුටු පුද්ගලයෙකුටත් කැමැත්තෙන් ඉදිරිපත්වී ඔබට වකුගඩුව දන්දෙන්න පුළුවන්.
වකුගඩුවක් දන්දීමෙන් ජීවිතයක් බේරාගැනීම කියන්නේ ඔබට ජීවිතකාලයේදීම පලදෙන පිනක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ පිනට අමතරව ඔබට පහත සදහන් ප්‍රතිලාභත් වකුගඩු දානය කිරීමනිසා නොමිලේම ලබාගන්න පුළුවන්.
- ඔබගේ වකුගඩු දන්දීම නිසා මියයමින් සිටි පුද්ගලයෙකු නැවතත් සාමාන්‍ය ජීවිතයක් ගතකරන බව දුටු විට ඔබට දැනෙන ආඩම්බරය,ආත්ම තෘප්තිය වචන වලින් විස්තර කරන්නට අපහසුතරම් සුන්දර අත්දැකීමක් වේවි.
- වකුගඩු දන්දීමට තීරණය කරන තෙක් ඔබගේ ශරීරය පිලිබදව ඔබ නොදැන සිටි රෝගී තත්වයන් දැනගන්නට ඔබට අවස්ථාව හිමිවෙන්න පුළුවන්. (ගැලපෙන දායකයෙකු සෙවීමේ පරීක්ෂණ වලදී පූර්ණ පරික්ෂාවක් කිරීම එයට හේතුවයි).
- එසේ දැනගන්නා රෝගී තත්වයන් අවශ්‍ය ප්‍රතිකාර නොපමාව ආරම්භ කිරීමට හැකිවීමෙන් ඔබගේ රෝගී තත්වය ඉක්මනින් සුව කරගැනීමේ අවස්ථාවත් ඔබට හිමිවෙනවා.
- ඔබගේ වකුගඩුව ලැබූ රෝගියා ක්‍රම ක්‍රමයෙන් සුවවනු දැකීමත් ඔබට මහත් සතුටත් ගෙන දෙන අත්දැකීමක්.
මේ වනතෙක් සිදුකල සමීක්ෂණවලින් හෙලිවී ඇති ආකාරයට වකුගඩු දන්දුන් පුද්ගලයන් තමන්ගත් තීරණය පිලිබදව කිසිවිටකත් පසුතැවෙන්නේ නැති බව හෙලිවී තිබෙනවා. නැවතත් වකුගඩුවක් දන්දීමට අවස්ථාව හිමිවුවහොත් නැවතත් එම අවස්ථාවට ඉදිරිපත්වීමට කැමැති බව තමයි මේ වන විට සමීක්ෂණයට ලක්වුනු වකුගඩු දායකයන්ගෙන් සියළුදෙනාම පාහේ ප්‍රකාශ කර තියෙන්නේ.
එලෙසම විශේෂයෙන් වකුගඩු දානය කිරීමෙන් පසු ඔවුන් වඩාත් හොද සෞඛ්‍ය තත්වයකින් ඉදිරි ජීවිතයට මුහුණ දුන් බවත් වකුගඩු දන්දීමේ තීරණයෙන් පසු එම පුද්ගලයන්ට සමාජයේ ලැබෙන ගෞරවය හා පිලිගැනීම නිසා පවුලේ සාමාජිකයන් හා මිතුරන් අතර ඇති බැදීම වැඩිවී ඇති බවත් තමන්ගේ අත්දැකීම් විස්තර කරන වකුගඩුදායකයන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා.
මේ වනතෙක් ඔබ ජීවිතයේ අත්දැක් නැති ආත්ම තෘප්තියක් ලබාගැනීමට කැමතිනම්,තමන් වැඩදායී යමක් කලායයැන ආත්ම අභිමානය ලාබගැනීමට කැමතිනම් මෙන්ම,සමාජයේ පිලිගැනීමට හා ගෞරවයට පත්වීමට හැකි අවස්ථාවක් වන වකුගඩු දන්දීම වෙනුවෙන් ඔබත් ඉදිරිපත් වන්න.. ඔබේ සමීපතමයන්ගේ වීරයෙකු වන්න…