සාමන්‍යයෙන් වකුගඩු බද්ධයකින් පසු අපි කථාකරන්නේ වකුගඩුව සාර්ථකව ක්‍රියාකිරීම පිලිබදව පමණයි.නමුත් කිසියම් හේතුවක් මත වකුගඩුව ප්‍රතික්ෂේප වුවහොත් ඇති බව ලක්ෂන පිලිබදව දැන සිටීමත් වැදගත්.
මේ වනතෙක් කර ඇති සමීක්ෂණ වලට අනුව වකුගඩු බද්ධයකින් පසු පලමු මාසය තුල බද්ධ කල වකුගඩුවලින් 97% සාර්ථකව ක්‍රියාත්මක වනවා. පලමු වසර තුල එම අගය 93%ක් වන අතර පලමු වසර තුන තුල එය 83%ක් පමණ වනවා. මේ නිසාම ගොඩක් වෙලවට අපි සියළු දෙනාම කථකරන්නේ වකුගඩු බද්ධයකින් පසු සාර්ථකවීම පිලිබදව පමණයි. වකුගඩුවක් බද්ධ කල සියළු දෙනාම බොහෝවිට සිතන්නේ තමන්ගේ වකුගඩු බද්ධය ඉහත සදහන් කල සාර්ථක වීමෙ කොටසේ පමණක් පවතී කියායි. ඒ නිසාම වකුගඩුවක් ප්‍රතික්ෂේප වීම පිලිබදව වන අවධානය කාලයත් සමග අඩුවීම සිදුවෙනවා.
ඒ නිසාම වකුගඩු බද්ධය ප්‍රතික්ෂේප වීමක් පිලිදව අපි ජීවිත කාලයතුලම අවධානයෙන් සිටීම වැදගත්. ඒ නිසා වකුගඩු බද්ධය ප්‍රතික්ෂේප විය හැකි හේතූන් පිලිබදව අපි අවධානය යොමු කරමු.
- බද්ධ කල වකුගඩුවට රුධිරය සැපයෙන රුධිර වාහිනී වල ලේ කැටි සිරවීම නිසා වකුගඩුවට අවශ්‍ය රුධිර සැපයුම නතරවීම.(මෙය වකුගඩු බද්ධය සිදුකර සුළු වේලාවක් තුලවූවත් සිදුවිය හැකියි.)
- බද්ධ කල වකුගඩුව අවට ප්‍රදේශයේ තරල එක්රැස් වීම – එසේ තරල රැස්වීම නිසා වකුගඩුවට අමතර පීඩනයක් එල්ලවන නිසා බද්ධකල වකුගඩුවට හානි සිදුවෙන්න පුළුවන්.
- වකුගඩුවට ඇතිවන ආසාදන තත්වයන්.
- ඇතැම් ඖෂධවල අතුරු ප්‍රථිඵල
- බදධ කල වකුගඩුවේ ඇති ප්‍රශ්ණ.(වෛද්‍යවරුන් විසින් බද්ධ කිරීම සදහා ඔබට වකුගඩුවක් තෝරාගන්නේ පරීක්ෂණ රාශියකින් අනතුරුවයි.නමුත් වෛද්‍යපරීක්ෂණ වලට පවා අසුනොවන තත්වයක් බද්ධ කරන වකුගඩුවේ කලාතුරකින් පැවතිය හැකියි.ඒ නිසා බද්ධ කලවකුගඩුවේ ක්‍රියාකාරීත්වය නතර වෙන්න පුළුවන්.)
- වකුගඩුව ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ ලබාගැනීම මගහැරීම හෝ පමා කිරීම.
- ඔබගේ වකුගඩු ක්‍රියාවිරහිතවීමට බලපෑ යම්කිසි රෝගී තත්වයක් වීනම් එම රෝගයම බද්ධ කල නැව වකුගඩුවට හානිකල හැකි තත්වයන්ද ඇති වෙන්න පුළුවන්.නමුත් මෙය කලාතුරකින් ඇති වන තත්වයක්.
- බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම. මෙය වකුගඩුව බද්ධ කල අවස්ථාවෙදී සිදුවිය හැකි සේම ඕනෑම අවස්ථාවක සිදුවෙන්න පුළුවන්.
- දීර්ඝ කාලීන ප්‍රතික්ෂේප වීම – වකුගඩු බද්ධය අසාර්ථක වීමට බහුලවම බලපාන සාධකය වනනේ මෙයයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බලපෑමෙන් මෙන්ම වෙනත් හේතූන් මතත් කාලයක් තිස්සේ වකුගඩුවට හානි වීමෙන් මේ ආකාරයේ ප්‍රතික්ෂේප වීමක් සිදුවෙන්න පුළුවන්.
වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඇති වන ප්‍රතික්ෂේප වීම් බොහෝමයක් පාලනය කිරීමේ හැකියාව රෝගියාට නැහැ. රෝගියාට කල හැක්කේ නියමිත පරිදි ඖෂධ ලබාගැනීම හා වෛද්‍ය උඵදෙස් පිලිපැදීමයි. නමුත් එමගිනුත් වකුගඩු ප්‍රතික්ෂේප වීම වලක්වාගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.