මොකක්ද මේ ලූපස් නෙප්රයිටිස් (Lupus Nephritis)?

maxresdefault

“ලූපස් නෙප්රයිටිස්” කියන්නේ මොකක්ද?
ලූපස් වර්ග දෙකක් අපට හදුනාගන්න පුළුවන්. ඉන් පළමු එක තමයි Systemic lupus erythematosus (SLE) ලෙස හදුන්වන්නේ. මේ රෝගී තත්වයෙන් ඔබගේ සම,සන්ධි,වකුගඩු සහ මොළයට හානි සිදුවෙන්න පුළුවන්.ඒ නිසාම මෙම තත්වය මරණීය වීමේ හැකියාව වැඩියි. එනෙක් ලූපස් තත්වය තමයි “discoid” lupus erythematosus ලෙස හදුන්වන්නේ. එමගින් බලපෑම් එල්ල වන්නේ රෝගියාගේ සමට පමණයි.
වකුගඩුවලට බලපෑම් එල්ල කරන Systemic lupus erythematosus රෝගී තත්වය තමයි අපි කෙටියෙන් lupus nephritis ලෙස හදුන්වන්නේ. ලූපස් කියන්නේ අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපගේ ශරීරයටම විරුද්ධව ක්‍රියාකරන රෝගී තත්වයක්. අප මෙම තත්වය ඉංග්‍රීසි භාෂාවෙන් “autoimmune” disease ලෙස හදුන්වනවා.
lupus nephritis තත්වයේදී සිදුවන්නේ අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් පහර දීම නිසා වකුගඩුවල පෙරීමේ කාර්යය සිදුකරන කුඩා රුධිර නාල (glomeruli) ඉදිමීමකට ලක්කිරීමයි.ඇතැම් අවස්ථාවල සම්පූර්ණ වකුගඩුවම මේ ආකාරයෙන් ඉදිමෙන්න පුළුවන්.

lupus nephritis ඇති වීමට හේතු මොනවාද?
මේ වනතෙක් මෙම රෝගී තත්වය ඇති වීමට හේතු සොයාගෙන නැහැ. ඔබ ජීවත්වන පරිසරයේ තත්වයන් උදාහරණ වශයෙන් විශබීජ,වෛරස්,විශ රසායනිකයන්,විවිධ දූෂඛ (වාහන දුම,කර්මාන්තශාලා වලින් පිටවන දුම) මෙම රෝගී තත්වය ඇති කිරීමට හේතු විය හැකි බවයි වෛද්‍යවරුන්ගේ මතය.එමෙන්ම මෙම රෝගී තත්වය මින් පෙර ඔබගේ පවුලේ සාමාජිකයෙකුට වැලදී ඇත්නම් එම රෝගී තත්වය ඔබට වැලදීමේ යම් හැකියාවකුත් තිබෙනවා. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මෙම රෝගී තත්වය වැළදීමේ සමාන අවස්ථාවන් පැවැතියත් මේ වන විට වාර්ථාවන ලූපස් රෝගීන්ගෙන් 90%ක් කාන්තාවන් වීම විශේෂත්වයක්.

 lupus nephritis වල රෝග ලක්ෂණ මොනවාද?
මෙම රෝගී තත්වයට විවිධාකාරයේ රෝග ලක්ෂන තිබෙනවා. ඒ වාගේම රෝගියාගේන් රෝගියාටත් මෙම ලක්ෂන වෙනස් වෙන්න පුළුවන්.

  • මුත්‍රා සමග ලේ පිටවීම – මෙම රෝගී තත්වයෙන් වකුගඩු වල පෙරීමේ කටයුතු සිදුකරන කුඩා රුධිර නාලවලට හානි වීම නිසා එම රුධිර නාලවලින් රුධිරය මුත්‍රාවලට එක්වීම සිදුවෙනවා. ඒ නිසා මෙම රෝග ලක්ෂණය ඇති පුද්ගලයන්ගේ මුත්‍රා රෝස පැහැයෙන් හෝ ලා දුඹුරු පැහැයකින් දිස්වෙන්න පුළුවන්.
  • මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම  – වකුගඩුව පෙරීමේ කාර්යය සිදුකරන රුධිර නාලවලට හානි සිදුවීම නිසා එම රුධිරනාලවලින් මුත්‍රාවලට ප්‍රෝටීන් එක්වීම සිදුවෙනවා.මේ ආකාරයෙන් ප්‍රෝටීන් එක්වීම නිසා මුත්‍රා පෙන සහිත වීම සිදුවනවා.
  • ඉදිමීම –  මේ රෝගී තත්වයත් සමග වකුගඩුවලට නිවැරදි ආකාරයෙන් තරල පෙරීම සිදුකිරීම අපහසුවීම නිසා අතිරේක තරල ප්‍රමාණයන් ශරීරයේ එක්රැස් වීම නිසා කකුල්,විලුඹ හා ඇස් වටා වැනි ස්ථාන ඉදිමීම සිදුවෙනවා.
  • බර වැඩිවීම –  ඉහත සදහන් ආකාරයෙන් ශරීරය තුල තරල එක්රැස්වීම නිසා ශරීරයේ බර වැඩිවීම සිදුවෙනවා.
  • අධික රුධිර පීඩනය.

මෙම තත්වයේ වෙනත් රෝග ලක්ෂණ පහත ඡායාරූපයෙන් දැක්වෙනවා.

2-131026161152507

lupus nephritis හදුගැනීමේදී සිදුකරන පරීක්ෂණ මොනවාද?

  • මුත්‍රා පරීක්ෂණ ( මුත්‍රාවල ලේ හා ප්‍රෝටීන් අන්තරගතදැයි හදුනාගැනීමට)
  • රුධිර පරීක්ෂණ
    • ඔබගේ රුධිරයේ ප්‍රෝටීන් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයන් පරික්ෂා කිරීමට
    • GFR අගය දැනගැනීමට ( වකුගඩු වල ක්‍රියාකරීත්වය සොයාබැලීම සදහා)
    • ප්‍රතිපොස්පොලිපිඩ් ප්‍රතිදේහ(antiphospholipid antibodies) හා anti-nuclear antibodies (ANA)
  • වකුගඩු බයොප්සි පරීක්ෂණය
    lupus-nephritis-by-dr-saddique-2-8-638
    ලූපස් නෙප්රයිටිස් සහිත වකුගඩුවක රූපයක්

මේ තත්වය සදහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?
මෙහිදී සිදුවන්නේ රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුකරන ඖෂධ ලබාදීමයි. එහිදී සාමාන්‍යයෙන් ස්ටෙරොයිඩ් වර්ගයට අයත් ඖෂධ හෝ මැලේරියා තත්වයට ලබාදෙන ඖෂධත් ලබාදෙනවා. නමුත් එක් එත් රෝගියානේ රෝගියාට තත්වය වෙනස් වන නිසා අදාල රෝගියාට ගැලපෙන ප්‍රතිකාර ආකාරය තීරණය කිරීම සිදුකරන්නේ වෛද්‍යවරයා විසිනුයි.
සාමාන්‍යයෙන් මෙම රෝගී තත්වයට ලබාදෙන ප්‍රතිකාරයන් පහත ලෙස දක්වන්න පුළුවන්.

  • ස්ටෙරොයිඩ් ඖෂධ (මෙම ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන කිරීම සිදුකරනවා.)
  • ප්‍රතිශක්තිකරණය හීන කරන ඖෂධ (මෙම ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන කිරීම සිදුකරනවා.)
  • ACE inhibitors සහ ARBs (රුධිර පීඩනය පාලනය කිරීම සදහා ලබාදෙන ඖෂධ)
  • මුත්‍රා පිටවීම වැඩිවීම සදහා ලබාදෙන ඖෂධ (Diuretics)
  • ආහාර වෙනස්කම්

 මේ ප්‍රතිකාරවල අතුරු ප්‍රථිඵල මොනවාද?
ඔබට ප්‍රතිකාර කිරීමේදී සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් විසින් ඖෂධ වලින් ඇතිවිය හැකි අතුරු ආබාධයන් ගැන පැහැදිලි කරනු ඇති. කෙසේ වෙතත් මේ ආකාරයේ ප්‍රථිකාර වලින් ලැබෙන අතුරු ආබාධ පාලනය කල හැකි තත්වයක් පැවතීම නිසා අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ.
විශේෂයෙන් ලූපස් නෙප්රයිටිස් තත්වයෙන් සිටින කාන්තාවක් ගැබ්ගැනීමේ අදහසක් පවතීනම් ඒ සම්බදයෙන් අනිවාර්‍යයෙන් තමාගේ වෛද්‍යවරයා හා සාකච්ඡා කල යුතුයි

මේ තත්වය නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් ඇණහිටියහොත් සිදුකල හැක්කේ කුමක්ද?
එවැනි අවස්ථාවන් වලදී රෝගියාව ඩයලයිසිස් ප්‍රතිකාරයට හෝ වකුගඩු බද්ධ කිරීමක් වෙත යොමුකරනවා. වෙනත් වකුගඩු රෝගීන් මෙන්ම මෙම රෝගීන්ද ඉහත සදහන් ප්‍රතිකාර ලබාගනිමින් ඉතාමත් සාර්ථක ලෙස ජීවිත්වන අවස්ථාවන් සමාජයේ ඕනෑතරම් තිබෙනවා.
.ලූපස් නෙප්රයිටිස් තත්වයෙන් පෙලෙන රෝගීන්ට වකුගඩු බද්ධ කිරීමක් සිදුකල පසුත් එම වකුගඩුව ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන්නේ ඔවුන් පෙර ලබාගත් ඖෂධ වලට සමාන හෝ එවැනි ක්‍රියාකාරිත්වයක් ඇති ඖෂධයි. එලෙසම වකුගඩුවක් බද්ධ කල පසු අළුත් වකගඩුව ලූපස් තත්වයක් ඇතිවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් වෙනත් හේතූන් මත වකුගඩු බද්ධ කිරීමක් කරගත් රෝගීන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමේ හැකියාව ලූපස් රෝගීන්ටත් හිමි වනවා.

 

මූලාශ්‍රය – www.kidney.org
 

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …