වකුගඩු පිළිකාව ගැන දැනගනිමු.

 

ds00360_im04322_mcdc7_kidneycancerthu_jpgවකුගඩු වල ඇති වන පිළිකා තත්වයක් ලෙස හදුන්වන්නේ කුමක්ද?
වකුගඩුවල ඇති වන පිළිකා තත්වයන් ඇතිවන්නේ එක් වකුගඩුවක හෝ වකුගඩු දෙකෙහිම සෛල අනවශ්‍යලෙස වර්ධනය වී සෛල කැටියක් ලෙස නිර්මාණය වීමයි. වකුගඩු තුල ඇති කුඩු නාලාකාර ව්‍යුහයන් ආස්තරණය කරන සෛල ආශ්‍රිතව තමයි බහුලව මෙවැනි පිළිකා තත්වයන් ඇති වන බව හෙලිවී තිබෙන්නේ.
වකුගඩු වල පිළිකා තත්වයක් ඇතිවූ විට බොහෝ අවස්ථාවන් වලදී එය වෙනත් ඉන්ද්‍රීයන් වෙත ව්‍යාප්ත වීමක් සිදුවන්නේ නැහැ. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී වෙනත් පිළිකා ආකාරයන් මෙන්ම එය අස්ථි,පෙනහළු හා මොළය දක්වා ව්‍යාප්තවීම දැකගන්නට පුළුවන්.

වකුගඩු අකරණිය හා වකුගඩු පිළිකා අතර සම්බන්දතාවයක් පවතිනවාද?

මේ වන විට කර ඇති සමීක්ෂණයන්ගේ ප්‍රථිඵල අනුව වකුගඩු අකරණිය හා වකුගඩු පිළිකා අතර සම්බන්දතාවයක් ඇති බව තහවුරු වී තිබෙනවා. සාමාන්‍යයෙන් වකුගඩු අකරණිය ඇති රෝගියෙකු පසුකාලීනව වකුගඩු පිලිකාතත්වයකට ගොදුරුවීමේ හැකියාව ඉහල බවටයි මෙම සමීක්ෂණවලින් හෙලිවී ඇත්තේ.
මේ ආකාරයෙන් වකුගඩු අකරණිය හා පිළිකා තත්වයන් අතර සම්බන්දතාවයක් ඇතිවීමට බලපාන කරුණු ගැන අපි විමසා බලමු.

  • දීර්ඝකාලීන රුධිරකාන්දුකරණය – දීර්ඝකාලීනව රුධිරකාන්දුකරණය සිදුකරන රෝගීන්ට වකුගඩු පිළිකා වැලදීමේ හැකියාව ඉහලයන බව සමීක්ෂණ සාක්ෂිදරන අතර විශේෂඥයන් පවසන්නේ මෙවැනි තත්වයකදී පිළිකා ඇති වීමට හේතුව රුධිරකාන්දුකරණය නොව වකුගඩු අකරණි තත්වය බවයි.
  • වකුගඩුවේ සිදුකරන ශල්‍යකර්ම –  පිළිකා තත්වයන් හේතුවෙන් ඔබගේ වකුගඩුවල කොටසක් හෝ වකුගඩුවක් ඉවත් කිරීමට සිදුවන අවස්ථාවන් වලදී වකුගඩු අකරණි තත්වයක් ඇතිවීමේ හැකියාව ඉහල යනවා. කෙසේ වෙතත් පිළිකා තත්වයක් ඇතිවූ විට එම වකුගඩුව ඉවත්කිරීම ඔබගේ ජීවිතය රැකගැනීමට බෙහෙවින් උපකාරී වනවා.
  • ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ – වකුගඩු බද්ධ කිරීමකින් පසු බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂද නිසා ශරීරයේ ප්‍රතිශක්තිය හීන වන අතර එමනිසා වකුගඩු පිළිකා තත්වයන් ඇතිවීමේ අවදානම ඉහල යනවා. නමුත් එසේ කියා එම ඖෂධ ලබාගැනීම නැවැත්වීම නොකල යුතුයි. වකුගඩු බද්ධ කිරීමක් සිදුකර ඇත්නම් අනිවාර්යයෙන් එම ඖෂධ නොවරදවා ලබාගත යුතුමයි. එසේත් නොමැතිනම් ශරීරය විසින් ඔබගේ බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප කිරීම සිදුකරනවා.

විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක් තමයි වකුගඩු පිළිතා ඇති රෝගීන් සියළුම දෙනාට වකුගඩු අකරණිය වැලදෙන්නේ නැතිවා සේම වකුගඩු අකරණිය හෝ වකුගඩු බද්ධ කල රෝගීන් සියළුම දෙනාට වකුගඩු පිළිකා තත්වයන් ඇතින්නේ නැති බව. නැතිනම් ඔබ අනවශ්‍ය බියත් ඇතිකරගනු නිසැකයි.

වකුගඩු පිළිකාවක් පැතිරෙන ආකාරය
වකුගඩු පිළිකාවක් පැතිරෙන ආකාරය

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …