විටමින් හා ඛනිජලවණ යනු මොනවාද?
ශරීරයේ යම්කිසි විශේෂිත කාර්යයන් රැසක් සිදුකිරීම සදහා විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා.අපගන්නා ආාහර වල පෝෂපදාර්තයන් ශරීරයට අවශෝෂණය කරගැනීමට,ශක්තිය නිපදවීමට,ශරීරයේ කොටස් වර්ධනයට,මෙනම ජීවයේ පැවැත්ම සදහාත් විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා. සෑම පුද්ගලයෙකු සදහාම මෙම විටමින් හා ඛනිජ අත්‍යවාශ්‍ය වන අතර විශේෂයෙන් ඔබ වකුගඩු රෝගයකින් පීඩා විදිමින් හෝ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගනිමින් සිටිනවානම් ඔබට ලැබෙන විටමින් හා ඛනිජ ප්‍රමාණයේ අඩුවක් සිදුවිය හැකියි.
ඔබ ලබාගන්නා විටමින් හා ඛනිජ ප්‍රමාණය පුමාණයත් බව දැනගන්නේ කෙසේද?
අපගේ ශරීරය තුල විටමින් හා ඛනිජ ලවණ නිපදවීමක් සිදුනොවන බැවින් ශරීරයට අවශ්‍ය සියළුම විටමින් හා ඛනිජ ලවණ පාහේ ලැබෙන්නේ අප ගන්නා ආහාර වලින් පමණි.එමනිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු ලබාගන්නා ආහාර ප්‍රමාණය මගින් ඔහුගේ හෝ ඇයගේ ශරීරයට අවශ්‍ය විටමින් ප්‍රමාණය ලැබෙනවා. නමුත් ඔබ වකුගඩු රෝගයකින් පෙලෙන්නේනම් හෝ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නේ නම් ඔබට ලබාගතහැකි ආහාර ප්‍රමාණය හා වර්ග සීමා වන බැවින් ඔබට ලැබෙන විටමින් හා ඛනිජ ප්‍රමාණය අඩුවීම සිදුවනවා. ඒ අනුව ඔබට ලැබෙන විටමින් හා ඛනිජ ප්‍රමාණය ප්‍රමාණවත්ද නැද්ද යන්න වග ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.
වකුගඩු රෝගියෙකුට ලැබෙන විටමින් හා ඛනිජ ප්‍රමාණයන් වෙනස් වන්නේ ඇයි?
- වකුගඩු රෝගී වීම හේතුවෙන් ඔබගේ ශරීරයේ ගොඩනැගෙන විශ හා අනෙකුත් අපද්‍රව්‍යයන් හේතුවෙන් ඔබගේ ශරීරය විටමින් හා ඛනිජ ප්‍රයෝජනයට ගන්නා ආකාරය වෙනස් වීමක් සිදුවනවා.
- ලබාගන්නා ඖෂධ වර්ග හේතුවෙන්ද ඔබගේ ශරීරය විටමින් හා ඛනිජ ප්‍රයෝජනයට ගන්නා ආකාරය වෙනස් වීමක් සිදුවනවා.
- ඩයලයිසිස් ප්රතිකර්මය සිදුකරන අවස්ථාවන් වලදී විටමින් හා ඛනිජලවණ ශරීරයෙන් ඉවත්වීම සිදුවනවා.
- වකුගඩු රෝගී තත්වය සදහා හිතකර ආහාර පමණක් ආහාරයට ගැනීම මගින් ඇතැම් විටමින් හා ඛනිජ වර්ග ශරීරයට ලැබීම සිදුවන්නේ නැහැ.
- විටමින් ඩී වැනි විටමින් වර්ග ශරීරය මගින් නිපදවීම වකුගඩු රෝගී තත්වයන් හේතුවෙන් අඩුවීම සිදුවනවා.
විටමින් වලින් කෙරෙන කාර්යයන් මොනවාද?
විටමින් බී – විටමින් බී සංකීරණයක් වශයෙන් සැලකෙන නමුත් එක් එක් විටමින් වර්ගයට විශේෂිත වූ කාර්යයන් ඇත.
විටමින් බී6,බී12 හා ෆෝලික් ඇසිඩ් එක්වී ශරීරයෙ රතු රුධිර සෛල නිපදවීමේ කාර්යය සදහා දායක වනවා. එලෙසම තයමින්,රයිබොෆෙලේවින්,පැන්ටොතැනික් අම්ලය හා නියැසින් වැනි වෙනත් වි විටමින් වර්ග මගින් අපගන්නා ආහාර ශක්තිය බවට හැරවීමේ කාර්යයේදී ක්‍රියාකාරී වනවා.
යකඩ – රතු රුධිර සෛල නිපදවා රක්තහීනතාවය මගහැරීමට හේතුවෙයි. එමනිසා ඔබට රක්තහීනතා තත්වයක් ඇතිනම් යකඩ පෙති හෝ යකඩ නික්ෂේපන ලබාදීම සිදුකෙරේ.
විටමින් සී – ශරීරයේ විවිධ පටක නිරෝගී තත්වයෙන් පවත්වා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් තුවාල හා සීරීම් වේගයෙන් සුවපත්වීම සදහාද විටමින් සී වැදගත් වෙයි. එලෙසම විවිධ විශබීජ ආසාදනවලින් ඔබගේ ශරීරය ආරක්ෂා කිරීමේ හැකියාවද විටමින් සී සතුවෙයි. මෙම විටමින් වර්ගයද වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගැනීම හිතකර නොවේ.
විටමින් ඩී – අස්ථිවල නිරෝගීභාවය පවත්වා ගැනීමට මෙන්ම නවතම පරීක්ෂණ වල ප්‍රථිඵල අනුව හෘද රෝගවලින් වැලකීම සදහාත් විටමින් ඩී වැදගත් වේ. නමුත් ඔබට විටමින් ලබාදීම හා ලබාදෙන ප්‍රමාණය අනිවාර්යයෙන්ම වෛදයවරයෙකු විසින් තීරණය කල යුතුයි.
කැල්සියම් – විටමින් ඩී හා එක්වෙමින් අස්ථිවල නිරෝගීභාවය පවත්වා ගැනීම සදහා කැල්සියම් වැදගත් වේ. නමුත් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කල ප්‍රමාණයට වඩා කැල්සියම් ලබාගැනීමෙන් එම කැල්සියම් පොස්පරස් හා එක්වී කැටියක් වශයෙන් හෘදය,රුධිර නාල,පෙනහළු හා වෙනත් පටකතුල තැන්පත්වී අහිතකර ප්‍රථිඵල අත්කර දිය හැකිය.
වකුගඩු රෝග තත්වයක් ඇති විට සැලකිලිමත් විය යුතු විටමින් වර්ග මොනවාද?
විටමින් ඒ,ඊ,හා කේ ලබාගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මෙම විටමින් වර්ග අවශ්‍ය ප්රමාණයන්ට වඩා ශරීරයේ රැස් වීමෙන් කැරකිල්ල,වමනය වැනි වෙනත් ඉතාමත් අහිතකර තත්වයන් ඇති විය හැකිය. එම නිසා එම වර්ගවල විටමින් ලබාගන්නේ නම් වෛද්‍ය උපදෙස් පිලිපැදීම අනිවාර්ය වේ.
https://www.kidney.org ඇසුරිණි