මෙරට රජයේ පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 45ක් පමණ ප්රතිලාභ ලබන සුරක්ෂා සිසු රක්ෂණාවරණ පිළිකා සහ වකුගඩු රෝග සඳහා ද ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී පිළිකා සහ වකුගඩු රෝග නිසා රෝහල් ගතව සිටින සිසුන් සඳහා ගෙවීම් සිදු කරනු ලබන අතර ඉල්ලුම් කළ එහෙත් ගෙවීම් නොකළ ගෙවීම් සඳහාද මුදල් ගෙවීමටද ඉදිරියේදී කටයුතු කරනු ඇති.
මේ රක්ෂණාවරණය මගින් පිළිකා, අවසාන අදියරේ වකුගඩු රෝග තත්ත්වයන්, දරුණු තත්ත්වයේ අවයව බද්ධ කිරීම්, අංශභාගය, අන්ධභාවය, තෙවන අදියර පිළිස්සුම් මෙන්ම පොතුකබර රෝගාබාදයන් ආවරණය වන අතර රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් පුද්ගලික රෝහලක ප්‍රථිකාර ගැනීම සඳහා වරකට ලක්ෂය බැගින්ද ගෙවීම් සිදු කරයි.
එමෙන්ම රජයේ රෝහල්වල නේවාසික ප්‍රථිකාර ලබා ගැනීම සඳහා දිනකට රුපියල් 1000ක දීමනාවක් උපරිම දින 30 ආවරණය වන පරිදි ගෙවීමට කටයුතු කරන අතර බාහිර රෝගී ප්‍රථිකාර සඳහා රුපියල් 10,000ක මුදලක් ගෙවීමටත් තෝරාගත් පරීක්ෂණ සිදු කිරීමට (නේවාසික නොවන අවස්ථාවන්වලදී) ගෙවීම් සිදු කෙරේ.
මෙරට දරුවන් නිරෝගී සෞඛ්‍ය සම්පන්න පරපුරක් ලෙස රටට දායාද කිරීම අරමුණ බවත්, මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවත් අධ්‍යාපන අමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය
2017 ඔක්තෝබර් මාසයේ දී හඳුන්වාදුන් සුරක්ෂා රක්ෂණ වැඩසටහන යටතේ පාසල් 11,242ක අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ 45කට රක්ෂණාවරණය හිමිවේ .
http://www.dinamina.lk ඇසුරිණී.