2020දී සැමට ඊ හෙල්ත් කාඩ්පත්

මිලියන 21 පමණ වන ශ්‍රී ලාංකිකයන්ට වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත ලබාචීමට කටයුතු කරන බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා තිබෙනවා.ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය අප්‍රේල් 07 දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම සිදුවූ අතර එම අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මෙම ඊ හෙල්ත් කාඩ්පතට කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වර්තා ඇතුලත් කන අතර එම පුද්ගලයාගේ රුධිර වර්ගය ද එහි ඇතුලත් වෙයි. එමගින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

About freddy

Check Also

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා 7 කට තුවාල

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් …