වසර 1907 දක්වා දිවෙන වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය ගැන දැනගනිමු.

වකුගඩු බද්ධ කිරීමක් පිලිබදව මුල්ම අදහස් දැක්වීම සිදුව ඇත්තේ වසර 1907 තරම් වන අතීතයේදීයි. ඒ ඇමරිකානු වෛද්‍යවිද්‍යා පරීක්ෂකයෙකු වන සයිමන් ෆ්ලෙක්ස්නර් විසිනුයි. එහිදී ඔහු විසින් චිකාගෝ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කල පර්යේෂණ වාර්ථාවක අවයව බද්ධ කිරීමේ හැකියාව පිලිබදව සදහන් කර තිබෙනවා.එහිදී ඔහු සදහන් කර ඇත්තේ ශල්‍යකර්මයක් මගින් රෝගී අවයව ,තවත් නිරෝගී අවයව වලින් ආදේශ කිරීමේ හැකියාව පවතින බවයි. 

වසර 1933 දී සෝවියට් දේශයේ ශල්‍යවෛද්‍යවරයෙකු වන යූරි වොරෝනි නම් වෛද්‍යවරයා විසින් පළමු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකර තිබෙනවා. එහිදී  මියගිය පුද්ගලයෙකුගෙන් පැය 6කට පෙර වෙන් කරගත් වකුගඩුවක් රෝගී පුද්ගලයෙකුට බද්ධ කිරීම සිදුකර ඇත. එහිදී වෛද්‍ය යූරි විසින් අදාල වකුගඩුව බදධ කර ඇත්තේ රෝගියාගේ කලව ප්‍රදේශයටයි. සම හා වකුගඩුව අතර සාදාගත් සම්බන්දයක් මගින් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සදහා ක්‍රමයක්ද වෛද්‍ය යූරි විසින් යොදා තිබූ බව ඉතිහාසය සාක්ෂි දරනවා. නමුත් ශල්‍යකර්මයෙන් දින දෙකකට පසු වකුගඩුව බද්ධ කල පුද්ගලයා මියගොස් ඇති අතර මිය යාමට හේතු වී ඇත්තේ වකුගඩුව ලබාගත් පුද්ගලයාගේ හා රෝගියාගේ රුධිර ඝණ නොගැලපීමයි.

ඉන්පසු වසර 1950 වනතුරු සිදුකල සාර්ථක වකුගඩු බද්ධ කිරීමක් පිලිබදව වාර්ථාවන්නේ නැහැ. නමුත් 1950 වසරේ ජුනි 17වනදා 44 හැවිරිදි කාන්තාවක් වන රූත් ටකර් වෙත වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. ඇය පොලිසිස්ටික් නම් තත්වයෙන් පෙළුණු කාන්තාවක් ලෙසයි වාර්ථාවල සදහන් වන්නේ. එම ශල්‍යකර්මය සිදුකර ඇත්තේ රිචර්ඩ් ලොව්ලර් නම් වෛද්‍යවරයෙකු විසිනුයි. නමුත් ඒ වන විට ප්‍රතිශක්තිකරණය අඩු කිරීම මගින් බද්ධ කල අවයව ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ භාවිතයේ නොතිබීම නිසා මාස 10කින් පසු රූත් වෙත බද්ධ කලවකුගඩුව ප්‍රතික්ෂේප වී තිබෙනවා. නමුත් වාර්ථා වන්ට අනුව වකුගඩු බද්ධ කිරීම නිසා ඇයට කවක් වසර 5ක කාලයක් ජීවිත්වීමේ වාසනාව හිමිව තිබෙනවා.

වෛද්‍ය මරේ

ජීවත්ව සිටින පුද්ගලයන් අතර සිදුකල පළමු වකුගඩු බද්ධය සිදුකර ඇත්තේ වසර 1952දී ප්‍රංශයේ පැරිස් නුවර නෙකර් නම් රෝහලකයි. නමුත් සති තුනකින් පමණ පසු නැවතත් එම බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඉන්පසු වසර 1952දීම දෙසැම්බර් 23 වනදා වෛද්‍ය ජෝෂප් මරේ, හර්ට්වෙල් හැරිසන් , ජෝන් පී. මෙරිල් යන වෛද්‍යවරුන් කණ්ඩායම හා පිරිස විසින් තවත් ජීවී පුද්ගලයන් දෙදෙනෙකු අතර වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබෙනවා. එහිදී වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇත්තේ නිවුන් සහෝදරයන් දෙදෙනෙකු අතරයි. ඔවුන් නමින් රොනල්ඩ් සහ රිචර්ඩ් හෙඩ්රික් ලෙස සදහන් වනවා. ඔවුන් මෙසේ නිවුන් සහෝදරයන් යොදා ගනිමින් ශල්‍යකර්මය සිදුකර ඇත්තේ ප්‍රතිශක්තිකරණ ගැටළු ඇතිවීම වළක්වාලීමටයි. මෙම ශල්‍යකර්මය වෙනුවෙන් හා ඉන්පසු වෛද්‍ය මරේ විසින් වෛද්‍යවිද්‍යාවට සිදුකල මෙහෙය සලකා ඔහුට වෛද්‍යවිද්‍යාව සදහා ලබාදෙන නොබෙල් ත්‍යාගයද ලබා දී තිබෙනවා.

 

 

1955දී වෛද්‍ය චාල්ස් රොබ් හා විලියම්ස් ජේම්ස් විසින් එංගලන්තය තුල මියගිය රෝගියෙකුගෙන් ලබාගත් වකුගඩුවත් බද්ධ කිරීමේ ප්‍රථම ශල්‍යකර්මය සිදුකරනු ලබනවා. නමුත් එය සාර්ථක වන්නේ නැහැ. ඉන්පසු වසර 1959දී වෛද්‍ය පීටර් රේපර් විසින් මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීමේ ප්‍රථම සාර්ථක ශල්‍යකර්මය එංගලන්තය තුල සිදුකරනු ලබනවා. වකුගඩුව බද්ධ කල රෝගියා සාර්ථකව මාස 8 කාලයක් බද්ධ කල වකුගඩුව මගින් ජීවිත් වී තිබෙනවා. ඉන් වසරක කාලයකට පසු ජීවිත්වන පුද්ගලයන් දෙදෙනකෙු අතර සිදුකල ප්‍රථම වකුගඩු බද්ධ කිරීම එංගලන්තය තුල සිදුවන අතර එහිදීත් වකුගඩු බද්ධ කිරීම සිදුවන්නේ නිවුන් සහෝදරයන් දෙදෙනෙකු අතරයි.

මියගිය රෝගීන්ගෙන් ලබාගත් වකුගඩු බද්ධ කිරීම් දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් වසර 1964දී අවයව ප්‍රතික්ෂේවීමේ ඖෂධ සොයාගන්නා තුරු එවැනි වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුව නැහැ. කෙසේ වෙතත් වකුගඩු සැලකෙන්නේ බද්ධ කිරීමට පහසුම අවයවය ලෙසටයි. එයට හේතුව වන්නේ පටක ගැලපීම පහසුවීම හා අවයවය දායකයාගෙන් ඉවත්කිරීම හා බද්ධ කිරීම සාපේක්ෂව පහසුවීමයි. එසම යම් අවස්ථාවක ශල්‍යකර්මය අසාර්ථක වූ විට ජීවිත ආරක්ෂක වැඩපිලිවෙලක් වශයෙන් ඩයලයිසිස්  ප්‍රතිකර්මය පැවතීමත් එයට හේතුවක්. ඉතිහාස වාර්ථාවන්ට අනුව වසර 1940 සිට ඩයලයිසිස් ප්‍රතිකාරය ක්‍රියාත්මකවී තිබෙනවා.

 

 

https://en.wikipedia.org ඇසුරිණි

 

 

 

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …