වකුගඩු දුර්වල වූ විට හදවත දුර්වල වෙන්නේ මෙන්න මේ නිසයි.

හදවත සහ වකුගඩු කියන්නේ අපගේ සිරුරේ තියෙන ඉතාමත්ම වැදගත් අවයව දෙකක්. ඒ අවයවයන් දෙක හොදින් ක්‍රියාත්මක වෙනවානම් වකුගඩු බොහෝ විට එම පුද්ගලයා නිරෝගී පුද්ගලයෙකු වීමේ අවස්ථාවන් වැඩියි.
ඒ වාගේම යම් හේතුවක් මත එම අවයවයන් දෙකෙන් එක් අවයවයකට හානි සිදුවුවහොත් අනෙක් අවයවයටත් හානි සිදුවීමේ හැකියාව වැඩියි. ඒ නිසාම හදවතේ නිවැරදි ක්‍රියාකාරීත්වය ඔබගේ වකුගඩු වල නිවැරදි ක්‍රියාකාරීථ්වය වෙත බලපෑම් ඇති කරන අතර ඔබගේ වකුගඩුවල නිවැරදි ක්‍රියාකාරීත්වයද හදවතේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් ඇති කරනවා.

හදවතේ ක්‍රියාකාරීත්වය ……

සිරුරේ සියළුම කොටස් වෙත ඔක්සිජන් සහිත රුධිරය පොම්ප කිරීම හදවතේ කාර්යය වෙයි. මෙසේ ඔක්සිජන් සහිත රුධීර ලැබීම හේතුවෙන් අප සිරුර තුල ඇති සෛල,අවයව හා සියළුම පද්ධතීන් ජීවී තත්වයේ පවතී.
මේ ආකාරයෙන් සිරුරේ කොටස් වෙත රුධිරය සපයන රුධිර වාහිනී,රුධීරය හා හදවත් එක්ව ගත්කල “රුධිර සංසරණ පද්ධතිය ” ලෙස හදුන්වයි.

වකුගඩුවේ ක්‍රියාකාරීත්වය …….

වකුගඩු මගින් අප සිරුර තුල සිදුකරන ප්‍රධන කාර්යයන් පහත ලෙස දැක්විය හැකිය.

  • රුධිරය තුල ඇති අපද්‍රව්‍ය හා අතිරික්ත තරල ප්‍රමාණයන් ඉවත් කර රුධිරය පිරිසිදු කරයි.
  • රුධිර පීඩනය පාලනය කරයි.
  • සිරුරේ අස්ථි ශකක්තිමත්ව හා සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට උඵකාරී වෙයි.
  • රතු රධිර සෛල නිපදවයි.
  • සෝඩියම්,පොටෑසියම් හා පොස්පරස් වැනි ඛනිජ වර්ග සිරුර තුල පැවතිය යුතු ප්‍රශස්ත තත්වයේ පවත්වා ගැනියි.

හදවත හා වකුගඩු අතර ක්‍රියාකාරීත්වයේ සම්බන්ධතාවය

හදවත මගින් ඔක්සිජන් සපිරි රුධිරය සිරුරේ සියළුම කොටස් වෙත ප්‍රවාහණය කරන අතර එම රුධිරය වකුගඩු වෙතද ගමන්කරයි. වකුගඩු මගින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය හා අතිරික්ත ජලප්‍රමාණයන් ඉවත් කරයි.
එමනිසා වකුගඩු නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් ඔබගේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය ප්‍රමාණයන් වැඩිවන අතර රුධීරයේ ඇති ජල ප්‍රමාණයද වැඩිවෙයි. එලෙසම හදවත නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහිත රුධිර ලැබීම අඩුවෙයි.

ඉහත් සදහන් කල හේතූන් මත ඔබගේ වකුගඩු නිවැරදි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් හදවතට වැඩි වශයෙන් ක්‍රියාකිරීමට සිදුවන අතර ඇතැම් විට හදවතේ ක්‍රියාකාරීත්වය නතර වන්නටත් පුළුවන්. එලෙසම හදවත නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් රුධිර සංසරණ පද්ධතිය හරහා වකුගඩු වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය ලැබෙන්නේ නැත.

වකුගඩු රෝග හා හදවත් රෝග අතර ඇති සම්බන්දතාවය කුමක්ද?

ඔබගේ වකුගඩු හෝ හදවත නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් එවැනි තත්වයක් සරලවම හදවත් රෝගයක් හෝ වකුගඩු රෝගයක් ලෙස හැදින්විය හැක. මේ වන තෙක් පර්යේෂකයන් කල සමීක්ෂණඑ වලින් අනාවරණය වී ඇති ආකාරයට වකුගඩු රෝගී තත්වයන් ඝෘජුවම හදවත් රෝගී තත්වයන් ඇති කිරීමට හේතු වනවා. එලෙසම හදවත් රෝගී තත්වයක් ඇතිනම් කාලයත් සමග වකුගඩු දුර්වල වීමේ අවස්ථාවන් වැඩි බවත් සමීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. බෙහෝ විට හදවත් රෝගී තත්වයන් ඇතිවීමට හෝ වකුඩු රෝගීවීමට දියවැඩියාව,අධිරුධිර පීඩනය වැනි  සමාන සාධක බලපෑම් ඇතිකිරීම නිසා මෙසේ හදවත් රෝග හා වකුගඩු රෝග අතර සම්බන්දතාවයක් පැවතිය හැක.

වකුගඩු මෙන්ම හදවතත් නිරෝගී කරගන්නේ කොහොමද?

  • දෛනිකව ව්‍යායාම කිරීම.
  • ඔබගේ බර වැඩිනම් බර අඩු කරගැනීමට කටයුතු කිරීම
  • මේදය අවම වශයෙන් අඩංගු ආහාර ගැනීම
  • රුධිර පීඩනය,රුධිරයේ සීනි මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ථ මට්ටම් වල පවත්වා ගැනීම
  • දුම්බීම නැවැත්වීම
  • මානසික ආතතියෙන් තොර ජීවිතයක් ගත කිරීම

එලෙසම ඔබට හදවත් හෝ වකුගඩු රෝගී තත්වයක් පවතින්නේ නම් ඔබගේ ආහාර රටාවේ හෝ ජීවත් රටාවේ යම් වෙනස්ක සිදුකර ගැනීම සදහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම කලයුතු වෙයි.

මේ වන විටත් ඔබට වකුගඩු රෝගයක් ඇත්නම්..

සාමාන්‍යයෙන් ඔබට වකුගඩු රෝගී තත්වයක් ඇතිනම් හදවත් රෝගී තත්වයක් ඇති වීමේ වැඩි අවදානමක් ඇත. එහ නිසා මෙවැනි අවස්ථාවන් වලදී ඔබේ වෛද්‍යවරයාගේ මෙන්ම පෝෂණවේදියෙකුගේද සහය ඇතිව සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකා හා ජීවන රටාවක් ඔබට ගැලපෙන පරිදි සකස් කර ගැනීම වඩාත් යෝග්‍ය වෙයි. එවිට ඔබගේ හදවත රෝගී වීමේ අවස්ථාවන් අඩුවන අතර හදවත් රෝගයක් ඇත්නම් එහි තත්වය පාලනය වීමද සිදුවේ.

 

ඔබ සෑම විටම මතකයේ තබා ගත යුත්තේ එබගේ වකුගඩු හා හදවත අතර සම්බන්දයක් ඇති බවයි. වකුගඩුවලට අහිතකර දේ හදවතටද අහිතකර වන අතර වකුගඩුවලට හිතකර දේ හදවතටද හිතකර වේ.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …