“ඇල්පාට් සින්ඩ්‍රෝම්” ( Alport syndrome) කියන්නේ මොකක්ද?
වකුගඩු තුල ඇති කුඩා රුධිර වාහිනීවලට හානි සිදුකරන රෝගී තත්වයක්. මෙමගින් වකුගඩු හානීවීමේ සිට වකුගඩු අකරණීය දක්වා වර්ධනය වන රෝගී තත්වයන් ඇති වන්නට වැඩි අවදානමක් තිබෙනවා.
ගුච්ඡිකාව ලෙස හදුන්වන වකුගඩු වල ඇති රුධිරය පෙරණ ඒකකයට මෙමගින් හානි සිදුවනවා.
“ඇල්පාට් සින්ඩ්‍රෝම්” ඇතිවන්නේ කොහොමද?
මෙම රෝග තත්වය ඇතිවන්නේ ජාන මගිනුයි.එයින් අදහස් වන්නේ පවුලේ සමාජිකයන්ගෙන් සාමාජිකයන්ට මෙම රෝගී තත්වය ජාන මගින් ගමන්ගන්නා බවයි. මෙහිදී පුද්ගලයාගේ ජාන කොලජන් නැමැති ප්‍රෝටීනයක් බවට පත්වනවා.
කොලජන් වකුගඩු වල ව්‍යුහයට වැදගත් ප්‍රෝටීනයක් වන අතර කොලජන් වල වෙනස්කම් මත ඇස් වලට හා කන්වලටත් විවිධ වෙනස්කම් ඇති වන්නට පුළුවන්.
“ඇල්පාට් සින්ඩ්‍රෝම්” ඇතිවන්නට බලපාන ජාන මොනවාද?
- X වර්ණදේහ – බහුලවම පවතින ඇල්පාර්ට් තත්වය ඇත්වන්නේ මෙම වර්ණදේහයන් නිසාවෙනි. මෙම රෝගී
තත්වය ඇති පුද්ගලයන්ගෙන් 80%කට පමණ මෙම රෝගී තත්වය ඇති වන්නේ X වර්ණදේහ වල බලපෑම මගිනි.මෙම රෝග තත්වයේ පවුල් ඉතිහාසයක් ඇති පුරුෂයන්ගෙන් 90%කට පමණ නිසි ප්‍රතිකාර සිදුනොකරන්නේ නම් යස අවුරුදු 40 පසුවන විට මේ තත්වය නිසා වකුගඩු හානිවීමේ වැඩි අවදානමක් පවතී.නමුත් කාන්තාවන්ගේ වකුගඩු හානි සිදුවීමේ ප්‍රවණතාවය සාපේක්ෂව අඩුවන අතර රෝගය වර්ධනය වන්නේද සාපේක්ෂව අඩු වේගයකිනි. - නිලීන අලිංග වර්ණදේහ
- ප්‍රධාන අලිංග වර්ණදේහ
“ඇල්පාට් සින්ඩ්‍රෝම්” වල රෝග ලක්ෂණ මොනවාද?
කුමන තත්වයේ හෝ ඇල්පාර්ට් සින්ඩ්‍රෝම් රෝගයෙන් වකුගඩු වලට හානි සිදුවීම අනිවර්යයෙන්ම සිදුවේ. වකුගඩු දුර්වල වීමට අමතරව මෙම රෝගී තත්වය ඇතිනම් එම පුද්ගලයාගේ ඇස් පෙනීම හා කන් ඇසීමේද ගැටළු ඇතිවීම සිදුවේ.
ඊට අමතරව
- මුත්‍රා සමග ලේ පිටවීම ( මෙය ඇල්පාට් සින්ඩ්‍රෝම් තත්වයේ මූලික හා පළමු රෝග ලක්ෂනය ලෙස දැක්විය හැකිය.)
- මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම
- අධි රුධිර පීඩනය
- කකුල්,විලඹ,ඇස් වටේ ඉදිමීම් ඇතිවීම
( ඉහත සදහන් කර ඇති රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට, වයස අනුව,ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් විය හැක)
“ඇල්පාට් සින්ඩ්‍රෝම්” තත්වය හදුනාගන්නේ කෙසේද?
ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබගේ රෝග ලක්ෂණ මෙන්ම ඔබගේ පවුලේ ඉතිහාසයද සදහා සලකා බලා ඔබට සිදුකල යුතු ප්‍රතිකාර ක්රමයන් ගැන තීරණය කරනු ඇත.
ඒ සදහා පහත සදහන් පර්යේෂණ සිදුකරනු ඇති.
- මුත්‍රා පර්යේෂණ
- රුධිර පර්යේෂණ
- GFR අගය
- වකුගඩු බයොප්සි
- කන් ඇසිම පරික්ෂා කිරීම
- ඇස් පෙනීම පරික්ෂා කිරීම
- ජාන පරික්ෂාව
මෙම පර්යේෂණ වලින් ලැබෙන ප්‍රථිඵල වලට අනුව ඔබට ඇති රෝගී තත්වය හා එහි තීව්‍රතාවය පිලිබදව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකි වන අතර ඉන් පසුව ඔබට ගැලපෙන ආකාරයේ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කෙරෙනු ඇති.
මූලාශ්‍රය – www.kidney.org