රුධිර පීඩනය වැඩිවීම වාගේම රුධිර පීඩනය අඩු වීමත් වකුගඩු වල ක්‍රියාකාරීත්වය පිළිබදව ඝෘජු බලපෑමක් ඇති කරනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය කථාබහ වලදී අපගේ වැඩි අවදානය යොමු වන්නේ වැඩි රුධිර පීඩනය හේතුවෙන් වකුගඩු වලට සිදුවිය හැකි හානි සම්බන්දයෙන් පමණයි. ඒ නිසාම අද අපි අඩු රුධිර පීඩනයෙන් ඇති විය හැකි බලපෑම් ගැන අවදානය යොමු කර සිටිමු.
යම් කිසි හේතුවක් මත තමන්ගේ රුධිර පීඩනය අඩු වුවහොත් එම තත්වය තාවකාලික වකුගඩු අකර්මන්‍ය වීමකට හේතු විය හැකියි. මේ අවස්ථාවලදී රුධිරයේ ක්රියටිනින් අගය වැඩිවන අතර මුත්‍රා පිටවන ප්‍රමාණයද පහළ බැසීම සිදුවේ. වකුගඩු හරහා රුධිරය පෙරීමකට ලක්වීම මගින් නිපදවෙන මුත්‍රා නිපදවීම සදහා වකුගඩු වෙත රුධිර ලැබිය යුතු ප්රශස්ත පීඩනයක් ඇත. එම පීඩනය වැඩිවීම මෙන්ම අඩුවීමද වකුගඩු කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන බැවින් රුධිර පීඩනය අඩුවීම පිළබිදවද වැඩි අවදානයක් යොමු කල යුතුයි.
නැවතත් රුධිර පීඩනය යථා තත්වයට පත්කිරීම මගින් මෙවැනි අවස්ථවන් බොහෝ විට නිවැරදි කල හැකි වන අතර, එම කළමනාකරණ කටයුතු සියල්ල සිදුවිය යුත්තේ වෛද්‍ය උපදෙස් මත බව සිහි තබා ගත යුතුයි.
රුධිර ඵීඩනය සදහා ඖෂධ ලබාගන්නා පුද්ගලයන් තමන්ගේ රුධිර පීඩනය පිළිබදව නිරන්තරයෙන් අවදානයෙන් සිටිය යුතු අතර රුධිර පීඩනය අඩු කිරීම සදහා ඖෂධ භාවිතා වන බැවින් ඔවුන්ගේ රුධිර පීඩනය අඩුවීම ඇති හැකියාව සාපේක්ෂව වැඩිවේ.
රුධිර පීඩනය අඩුවීමේ රෝග ලක්ෂණ
- කැරකැවිල්ල
- වමනය/ඔක්කාරය
- ක්ලාන්ත ගතිය
- මහන්සිය
- මානසික ඒකාග්‍රතාවය අඩුවීම
රුධිර පීඩනය අඩුවූ විට සිදුකල හැකි මූලික ප්‍රථාමාධාර
ඉහත සදහන් කල ලක්ෂණ ඇතිනම් ඔබ රුධිර පීඩනය මැන ගැනීම කල යුතුයි. නිවසේදී ඔබ රුධිර පීඩනය මැන ගත්තේනම් හා එහිදී ඔබගේ රුධිර පීඩනය 90/60 mmHg ට වඩා අඩුනම් ඔබට අඩු රුධිර පීඩන තත්වයක් ඇතිවී ඇති බව නිගමනය කල හැකි අතර එහිදී ලුණු සුළු වශයෙන් ආහාරයට ගැනීම හා වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකල යුතුය. එසේම මෙවැනි අවස්ථාවන් වලදී වෛද්‍ය උපදෙස් ලබාගැනීමද සිදුකල යුතුයි.