Saturday , March 7 2026
  • Sinhala
  • Tamil
  • English

kidneyinfolkkidneyinfolk To educate people on kidney related issues.

  • Home
  • News
  • Articles
  • Stories
  • Interviews
  • International News
  • Information
  • Editors choice
  • Campaign
  • Patients page
  • Donate us
  • About us
Breaking News
  • මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන
  • මොකක්ද මේ වකුගඩු රෝගය…
  • අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
  • අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..
  • වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි
  • ප්‍රශ්නගත ඖෂධයේ විෂබීජ නැති බව ඔප්පු වුණොත් ලංකාවේ ඖෂධ නියාමනයේ ඇත්ත අවුල එළියට එනවා
  • හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..
  • තරුණ HIV ආසාදිතයනගේ වැඩිවීමක් : වැඩිම ආසාදිතයන් කොළඹින්
  • මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??
  • රුධිර කාන්දුපෙරණයට අවශ්‍ය AVF Needle රෝහල් වල නැ : රෝගීන් දැඩි අපහසුතාවයක..
Home/Articles/විටමින් A ඌණතාවය ගැන දැනගනිමු

විටමින් A ඌණතාවය ගැන දැනගනිමු

freddy 27th February 2019 Articles Comments Off on විටමින් A ඌණතාවය ගැන දැනගනිමු 2,261 Views

විටමින් ඌණතාවයේදී එම විටමිනය අපගේ රුධිරයේ මෙන්ම අපගේ පටක වලද අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් නොපැවතීම හේතුවෙන් විවිධාකාරයේ ආබාධ ත්වයන් ඇති වනවා.

විටමින් බොහෝ ප්‍රමාණයක් අපගේ ශරීරයේ දැකගන්නට පුළුවන්.ඒ නිසාම අපි පියවරෙන් පියවර ඒ විටමින සම්බන්දයෙන් කථාකරමු. අද අපි අපගේ අවදානය යොමු කරන්නේ විටමින් A හා විටමින් A ඌණ වූ විට ඇතිවන තත්වයන් පිළිබදවයි.

මූලිකව විටමින් A වර්ග කිහිපයක් අප ශරීරයේ අපට හමුවනවා. රෙටිනෝල්(retinols) ,බීටා කැරොටින් (beta-carotenes)හා කැරොටිනොයිඩ්(carotenoids) කියන මේ නම් වලින් හදුන්වන්නේ විටමින් A හි සංඝටකයි.

විශේෂයෙන් අප පාසල් අවදියේදී ඉගෙන ගෙන ඇති ආකාරයට විටමින් A ඌණවීමත් සමග අපට රාත්‍රී අන්ධතාවය ඇතිවනවා. ඊට අමතරව Xerophthalmia(ඇස් වල කදුළු නිපදවීමේ හැකියාව අහිමිවීම) හා keratomalacia වැනි අක්ෂි රෝගී තත්වයන් ඇති වනන්ට පුළුවන්.

එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව සෑම වසරකම මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 250,000 – 500,000 ප්‍රමාණයක් විටමින් A ඌණතාවය හේතුවෙන් අන්ධභාවයට පත්වනවා. එලෙසම සංවර්ධිත රටවල් වල වූවත් ගර්භනී කාන්තාවන් අතර විටමින් A ඌණතාවය පවතින අතර ඒ හේතුවෙන් ගර්භණී මව්වරුන්ගේ මරණ සංඛ්‍යාව ඉහල යාම මෙන්ම ගර්භණී සමයේ හා මව්කිරි දෙන ඇති වන සෞඛ්‍ය ගැටළු මතුවීමත් සිදුවනවා.

ඉහත කී කරුණු වලට අමතරව විටමින් A ඌණවීමනේ විවිධ ආසාදනයන්ට එරෙහිව ක්‍රියාකිරීමේ සිරුර සතු හැකියාව අඩුවී යන අතරම ඒ හේතුවෙන් එන්නත් කරන වැඩපිළිවෙලක් නොමැති රටවල් වල සරම්ප වැනි ආසාදන හේතුවෙන් මරණ සිදුවීමේ අවස්ථාවන්ද ඉහල යනවා.

සෑම අවුරුදු 5ට වඩා අඩු දරුවන් දෙනෙකුගෙන් එක්කෙනෙකුම විටමින් A ඌණතාවයෙන් පෙලෙන බවත්, දියුණු වෙමින් පවතින රටවල දරුවන් 250,000 – 500,000 ප්‍රමාණයක් වසරක් තුල අන්ධභාවයට ලක්වන බවත්, ඒ අතරින් වැඩිම සිදුවීම ප්‍රමාණයක් වාර්තා වන්නේ ගිණිකොනදිග ආසියාවෙන් හා අප්‍රිකානු ප්‍රදේශවලින් බවත් ලොවපුරා සිදුකල සමීක්ෂනයකට අනුව හෙලි වී තිබෙනවා.

මෙවැනි තත්වයන් සදහා ප්‍රතිකාර වශයෙන් විටමින් A නික්ෂේපන ලබදීම හෝ මුඛ මාර්ගයෙන් ලබාගන්නා ඖෂධ ලබාදීම සිදුකල හැකි අතර ඒවා වෛද්‍ය උපදෙස් අනුව සිදුවිය යුතුයි.එසේ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර ඔබගේ ආහාර රටාව වෙනස් කිරීමෙන් හා විටමින් බහුල ආහාර ගැනීමට උපදෙස් දීම මගින් මෙම තත්වය නිවැරදි කිරීමටද උත්සහ කිරීම සිදුකරනවා.

විටමින් A වැඩිවූ විට ඇති විය හැකි අතුරු ආබාධ

ඔබගේ ශරීරයේ විටමින් A ඌණතාවයක් පැවතීමෙන් පසු ඔබට ඒ සදහා විටමින් අතිරේක ලබාදී ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා ගතහොත් විටමින් A සිරුරේ අධික වීම හේතුවෙන් වෙනත් විවිධ ආබාධ ඇති විය හැකියි.

  • හිසරදය හා සමේ ඇති වන ආසාදනවැනි  තත්වයන් සාමාන්‍යයෙන් ඇති විය හැකි තත්වයන් ලෙස හැදින් විය හැකියි. ඊට අමතරව
    • කම්මැලිකම
    • උදරයේ වේදනා
    • ඔක්කාරය
    • වමනය වැනි තත්වයන් අැති  විය හැකියි.

විටමින් A අවශ්‍යප්‍රමාණයට වඩා  දීර්ඝකාලීනව ශරීරය තුල පැවතීමෙන්

  • ඇස් පෙනීම වෙනස් වීම
  • අස්ථි වේදනා හා ඉදිමීම්
  • ආහාර අරුචිය
  • වියළි සම
  • තොල් පැලීම
  • කෙස් ගැලවී යාම වැනි තත්වයන් ඇති විය හැකියි.
එවැනි තත්වයකදී විශේෂයෙන්ම ඌණතා අවස්ථාවකදී මෙන්ම ප්‍රතිකාර ලබාගතයුතු අතර එසේ නොමැති වුවහොත් අක්මාවට හානි සිදුවීම,ඔස්ටියොපෙරෝසිස්,සිරුරේ කැල්සියම් තැන්පත් වන ප්‍රමාණය වැඩිවීම,කැල්සියම් තැන්පත්වීම වැඩිවීමත් සමග වකුගඩු හානිවීම් වැඩිවීම වැනි තත්වයන්ද ප්‍රථිඵල විය හැකියි.
Share
  • Facebook
  • Twitter
  • Stumbleupon
  • LinkedIn
  • Pinterest

About freddy

Previous තිලක් අබේසේකර වකුගඩු රෝග සහන සත්කාර හා සුභසාධක මධ්‍යස්ථානය විවෘත කෙරේ
Next ස්ටෙන්ස්, අක්ෂිකාච නොමිලේ දෙන්න අයවැයෙන් රුපියල් බිලියන 10ක්

Check Also

මොකක්ද මේ වකුගඩු රෝගය…

වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ …

Recent Posts

  • මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන
  • මොකක්ද මේ වකුගඩු රෝගය…
  • අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
  • අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..
  • වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි

Recent Comments

  • freddy on Hello world!
  • freddy on GFR අගය මත වකුගඩු රෝගී තත්වයේ ස්වභාවය දැනගනිමු.
  • freddy on GFR අගය මත වකුගඩු රෝගී තත්වයේ ස්වභාවය දැනගනිමු.
  • freddy on අවයව දන්දීමෙන් ඔබ වලකන මිත්‍යාවන්ගෙන් බේරෙමු.
  • geethika rajapaksha on අවයව දන්දීමෙන් ඔබ වලකන මිත්‍යාවන්ගෙන් බේරෙමු.

Archives

© Copyright 2026, All Rights Reserved