වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කිරීමේ ශල්‍යකර්මය

වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කරන්නේ ඇයි?

යම් රෝගියෙකුගේ වකුගඩු හානි වීමට ප්‍රධානතම හේතුව Type 01 දියවැඩියාව (අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හේතුවෙන් ඇති වන දියවැඩියාව) නම් එවැනි අවස්ථාවන් වලදී රෝගියාට වකුගඩු හා අග්න්‍යාශය යන අවයවයවන් ද්විත්වයම බද්ධ කිරීම සිදුකෙරේ.

මෙවැනි අවස්ථාවන් වලදී වකුගඩුව හා අග්න්‍යාශය වන අවයවයන් දෙකම එකම් දායකයෙකුගෙන් (මිය ගිය පුද්ගලයෙකුගෙන්) ලබා ගැනීම සිදුවේ. එසේත් නොමැතිනම් අැතැම් අවස්ථාවන් වලදී වකුගඩුව ජීවත්ව සිටින පුද්ගලයෙකුගෙන් හා අග්න්‍යාශය මිය ගිය පුද්ගලයෙකුගෙන් ගෙන බද්ධ කිරීමද සිදුවේ.

වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ සාර්ථක ලෙස වකුගඩුවක් හා අග්න්‍යාශයක් එකවර බද්ධ කිරීමක් 1966 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්ථා වී ඇත. එතැන් පටන් සෑඹ වසරකම ලොව පුරා මේ ආකාරයේ අවයව බද්ධ කිරීම් සිදුවන අතර 2015 වන වි ඇමරිකාවේ පමණක් ඒ ආකාරයේ වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කිරීම් 700ක් පමණ සිදුකර ඇත.

වකුගඩු හා අග්න්‍යාශ බද්ධය type 2 දියවැඩියා රෝගීන්ටත් සිදුකල හැකිද?

සාමාන්‍යයෙන් මෙම ශල්‍යකර්මය සිදුකරන්නේ type 1 දියවැඩියා තත්වය ඇති හා ඒ හේතුවෙන් වකුගඩු හානි වූ පුද්ගලයන්ටයි. Type 2 දියවැඩියා රෝගීන්ට මෙමගින් සාර්ථක ප්‍රතිඵල අත්වීමේ සම්භාවිතාවය අඩුයි.

ඒ නිසා ඒ සම්බන්දයෙන් ඔබගේ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කල යුතුයි.

වකුගඩු හා අග්න්‍යාශය අවස්ථා දෙකකදී බද්ධ කිරීම සිදුකරනවාද?

ඔව්, ඇතැම් අවස්ථාවන් වලදී පලමුව වකුගඩු බද්ධ කිරීම සිදුකර පසුව අග්න්‍යාශය බද්ධ කිරීම සිදුකරනු ලබයි.

ල්‍යකර්මය සදහා ඔබගේ ගැලපීම සොයාබලන්නේ කොහොමද?

මෙම අවයව බද්ධ කිරීම සදහා සාමාන්‍යයෙන් සහභාගීකරවා ගන්නේ type 1 දියවැඩියාව හා ඒ හේතුවෙන් ඇතිවන වකුගඩු අකර්මන්‍යකාවයෙන් පෙලෙන රෝගීනුයි.එමෙන්ම එම රෝගීන්ට වෙනත් ආබාධ එනම් හෘද රෝග,රුධිර වාහිනී ආශ්‍රිත රෝග වැනි තත්වයන් නොතිබිය යුතුයි.

එහිදී රෝගීයාගේ ගැලපීම සොයාබැලීම සදහා පහත සදහන් ආකාරයේ පරීක්ෂණ සදහා රෝගියා බදුන්කරනු ලබනවා.

  • රුධිරය හා පටක ගැලපීමෙ පරීක්ෂණ
  • ඔබට ඇත්තේ type 1 දියවැඩි තත්වයක්දැයි තහවුරු කෙරෙන පරීක්ෂණ
  • ඔබගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය සොයන පරීක්ෂණ
  • හෘදය හා පෙනහළු ක්‍රියාකාරීත්වය සොයන පරීක්ෂණ
  • සමාජීය හා මනෝවිද්‍යාත්මක පරීක්ෂණ
  • ඇස් සහ දත් පරීක්ෂණ
  • ස්නායු පරීක්ෂණ

ල්‍යර්මය සිදුවන්නේ කොහොමද?

මෙහිදී ඔබගේ රෝගී අග්න්‍යාශය හෝ වකුගඩු ඉවත් කිරීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැහැ. බද්ධ කරන අග්න්‍යාශය ඔබගේ උදර කුහරයේ දකුණු පසත්, වකුගඩුව උදරකුහරයේ වම්පස වන්නටත් බද්ධ කරනු ලබනවා.

සාාන්‍යයෙන් මෙය පැය 4 -6ත් අතර කාලයත් ගතවන ශල්‍යකර්මයක්

ශල්‍යකර්මයෙන් පසු සිදුවන්නේ කුමක්ද?

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනවා වගේම මෙම ශල්‍යකර්මයේදීත් රෝගියා ශල්‍යකර්මයෙන් පසු ඩි සත්කාර ඒකකයට යොමුකරනු ලබනවා. එහිදී බද්ධ කල අවයව ද්විත්වයේ ක්‍රියාකාරීත්වය ඉතා හොදින් පරික්ෂා කෙරනවා.එමෙන්ම අවයව ප්‍රතික්ෂේප වීම වැලැකවඹී සදහා ලබාදෙන ඖෂධ හා ප්‍රතිශක්තිය හීන කෙරෙන ඖෂධ ලබාදීම ආරම්භ කෙරෙනවා.

එසේ රෝගියාගේ තත්වය පරික්ෂා කල බලමින් සාමාන්‍යයෙන් දින කිහිපයක් රෝගියා දැඩි සත්කාර ඒකකයේ තබාගන්නා අතර ඉන් පසුව රෝගියාගේ තත්වය යහපත් නම් ඔබට දැඩි සත්කාර ඒකකයෙන් එබගේ වාට්ටුව වෙත යොමු කිරීම සිදුකරනවා.

මේ ආකාරයෙන් තමයි වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන්නේ. ශ්‍රීලාංකිකයන් වශයෙන් අපට වැඩි මේ ආකාරයේ අවයව දෙකක් බද්ධ කිරීම් අසා පුරුදු නැති වුනත් වෛද්‍යවිද්‍යාව තුල එය සිදුකල හැකි දෙයක්. ඒ හේතුවෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු වන්නේ නැහැ.

About freddy

Check Also

අවයව දන්දිම – ප්‍රශ්ණයක්ද ?

අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා …