2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා මිලියන ගණනකට බලපාන නිහඬ වසංගතයක් බවට පත්වෙමින් තිබේ. මෑතකදී ඉන්දියාවේ කල සමීක්ෂණයකට අනුව එරට ජනගහනයෙන් 17%ක් පමණ මෙම රෝග වලින් පීඩාවට පත්ව ඇති බව හෙලිවී තිබේ. ඉන්දියාව මෙන්ම ලොව සෙසු රටවල් වලද තත්වය ඒ හා සමානය.සෑම වසරකම ලොව පුරා මිනිසුන් දහස් ගණනකට ජීවත් වීම සඳහා වකුගඩු බද්ධ කිරීමක් අත්‍යවශ්‍ය වන තත්වයට දැන් ලොව පත්ව ඇති බව සමීක්ෂණ වාර්තා සාක්ෂි දරයි.

මෙලෙස වකුගඩු රෝගීන් ගණන දිනෙන්දින ඉහල ගියත් වකුගඩු පරිත්‍යාගශීලීන්ගේ වැඩිවීමක් දක්නට නොලැබීම හේතුවෙන් වකුගඩු සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා බෙහෙවින් ඉහල අගයක පවතී. ඒ හේතුවෙන් වකුගඩු බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන්  දිගු පොරොත්තු ලේඛනවල දුක්විදීමට බොහෝ වකුගඩු රොගීන්ට සිදුව තිබේ. එබැවින් ජීවිතය යදින විශාල පිරිසකගේ ජීවත්වීමේ අයිතිය තහවුරුකිරීම සඳහා වකුගඩු පරිත්‍යාශීලීන්ගේ වැඩිවීමක් ලොවපුරා සිදුවිය යුතු බව පැහැදිලිය.

වකුගඩු දන්දීම යනු කුමක්ද?

වකුගඩු රෝගය වැලඳුන පුද්ගලයෙකුට ඒ හේතුවෙන් ලැබෙනා අත්දැකීම් ඔවුනට එදිනෙදා ජීවිතයේ ගැටලුකාරී තත්වයන් ඇතිකරන බව නොරහසකි. උදාහරණයක් වශයෙන් වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වූ පුද්ගලයන් ඩයලයිසිස් ප්‍රතිකාරය වෙත යොමුවිය යුතු අතර එම ප්‍රතිකාරක්‍රමය මිල අධික මෙන්ම රෝගීන්ගේ ජීවන තත්ත්වයට හානි කරන සහ දෛනික ක්‍රියාකාරකම්වල යෙදීමට ඇති හැකියාව සීමා කරන ප්‍රතිකාර ක්‍රමයකි. ඊට පිලියමක් වශයෙන් ඉන් ඔබ්බට යමින් සාර්ථක වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගැනීම මගින් වකුඩු රෝගීන්ට නැවතත් සුපුරුදු ජීවන තත්වයට පැමිණිය හැකි අතර, ඩයලයිසිස් වැන් ප්‍රතිකාරක්‍රම වලින් වැලකී ස්වාධීනව හා නිදහස්ව ජීවත්වීමේ අවස්ථාව හිමිවේ.

වකුගඩු පරිත්‍යාග කිරීමේදී සිදුවන්නේ ජීවතුන් අතර සිටින හෝ මියගිය පරිත්‍යාගශීලියෙකුගේ නිරෝගී වකුගඩුවක් ඉවත් කර වකුගඩු අකර්මණ්‍ය වූ ප්‍රතිග්‍රාහකයෙකුට බද්ධ කිරීමයි.මෙලෙස නිරෝගී වකුගඩු බද්ධ කිරිමේ අවස්ථා දෙකක් ඇති අතර ඉන් සුලභ වන්නේ Live Donation ආකාරයයි.එහිදී නිරෝගී පුද්ගලයෙකු තමාගේ එක් වකුගඩුවක් අවශ්‍යතා ඇති අයෙකුට පරිත්‍යාග කිරීම සිදුවේ. අනෙක් ක්‍රමය වන්නේ,කලින් ඉන්ද්‍රීයන් දන්දීමට කැමැත්ත පලකල පුද්ලයෙකු රිය අනතුරක් වැනි හේතුවක් මත මියගිය පුද්ගලයකු වශයෙන් නම්කල විට එම පුද්ලයාගේ වකුගඩුවක් අවශ්‍යතාවයක් ඇති රෝගියෙකුට බද්ධ කිරීමයි. එම අවස්ථාව Cadeveric Donation ලෙස හදුන්වනු ලැබේ.

වකුගඩු දන්දීමේන් ප්‍රතිග්‍රාහකයාට ඇති වාසි

වකුගඩු පරිත්‍යාගය මගින් වකුගඩුව ලබාගන්නාට ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය තත්වය ඉහළ යාම හා බැඳුන වාසි රැසක් අත්වේ. සාර්ථක වකුගඩු බද්ධ කිරීමකින් ඔවුන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි අතර, සාමාන්‍ය වකුගඩු ක්‍රියාකාරිත්වය නැවත ලබා ගැනීමට සහ ඩයලිසිස් වලින් නිදහස් වීමට ඔවුන්ට අවස්ථාව හිමි⁣වේ. ඩයලිසිස් ප්‍රතිකාරය මත රැඳී සිටීම හා සසඳන විට ඔවුන්ගේ ආයු අපේක්ෂාවේ පැහැදිලි වැඩිවීමක්ද සිදුවේ

වකුගඩු බද්ධ කිරිමේ ක්‍රියාවලිය.

වකුගඩු පරිත්‍යාග කිරීම සඳහා සලකා බලන පුද්ගලයින්ගේ එම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ඔවුන් වෛද්‍යමය සහ මනෝවිද්‍යාත්මකව අවයව දන්දීම සදහා සුදුසු අපේක්ෂකයින් බව සහතික කිරීමට සිදුකරන පරීක්ෂණ මගිනි. මෙම පරීක්ෂණ සදහා  රුධිර පරීක්ෂණ, විවිධ ස්කෑන් පරීක්ෂණ සහ සම්පූර්ණ සෞඛ්‍ය ඉතිහාස තක්සේරුවක් වැනි වෛද්‍ය පරීක්ෂණ ඇතුළත් වේ. 

මෙම පරීක්ෂණලවල ප්‍රථිළුල අනුව වෛද්‍යවරුන් විසින් වකුගඩු දන්දීම සඳහා ඔහු හෝ ඇය සුදුසු පුද්ගලයෙකු බව තීරණය කිරීමෙන් පසු ශල්‍යකර්මය සැලසුම් කිරීම ආරම්භ වේ. ශල්‍යකර්මයේදී දායකයාගෙන් ඉවත්කරගන්නා වකුගඩුව ප්‍රතිග්‍රාහකයාට බද්ධ කිරීම සිදුවේ.මෙම බද්ධ කිරීමෙන් පසු වකුගඩුව පරිත්‍යාග කල පුද්ගලයාට කෙටි කාලයක් වෛද්‍ය අධීක්ෂනය යටතේ විවේක ගැනීමෙන් පසු සිය සාමාන්‍ය ක්‍රියාකාරකම් වෙත යොමුවීමේ හැකියාව ඇත.

සැලකිය යුතු කරනු හා අවදානම් තත්වයන්..

වකුගඩු පරිත්‍යාග කිරීම සාමාන්‍යයෙන් ආරක්ෂිත වන අතර, පරිත්‍යාගශීලීන් එහි අවදානම් අවස්ථාද අවබෝධ කර ගැනීම වැදගත් වේ.  මෙම අවදානම් අතර ශල්‍යකර්මය අතරතුරදී හා ඉන්පසුව සිදුවිය හැකි ලේ ගැලීම, ආසාදන සහ නිර්වින්දනය කිරීමට භාවිතා කරන ඖෂධ වලට දක්වන ප්‍රතික්‍රියා වැනි ශල්‍ය සංකූලතා මෙන්ම ඉතාමත් කලතුරකින් අධි රුධිර පීඩනය හෝ වකුගඩු ක්‍රියාකාරිත්වය අඩුවීම වැනි දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය. 

ඒ හේතුවෙන් වකුගඩු දන්දීමට ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන් ඉහත සදහන්  කල සංකූලතාවයන් ගැන දැනුවත්වීම අනිවාර්⁣යයෙන්ම සිදුවිය යුතු අතර වෛද්‍යවරුන් විසින් මෙම ක්‍රියාවලිය ආරම්භයේදී මේ සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් වකුගඩු පරිත්‍යාගශීන් වෙත ලබාදීම සිදුවේ.

වකුගඩු දන්දීම මගින් ජීවිතය යදිමින්  සිටි පුද්ගලයකු නැවතත් සතුටින් ජීවත්කරවීමේ හැකියාව වකුගඩු පරිත්‍යාගශීලීන් සතුවේ. මේ හේතුවෙන් සියලුම පරිත්‍යාගශීලීන් ඉහතින් සදහන් කල සංකූලතා පිළිබදව දැනුවත්භාවය සහිතවම වකුගඩු දන්දීම සදහා ඉදිරිපත් වීම කැපී පෙනේ.

About freddy

Check Also

ගර්භණී මම්වරුන්ට උපදෙස් මාලාවක්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රාට තුල පවති තත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගර්භණී මව්වරුන්ට අනුගමනය …