වෛද්‍ය ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් සහ වකුගඩු අකර්මන්‍යවීම නිසා දුක්විදින දසදහස් සංඛ්‍යාත රෝගීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි Massachusetts රෝහලේදී, ජාන වැඩිදියුණුකරන ලද ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීමෙ ශල්‍යකර්මයක් සිදුකර ඇත.
ශල්‍යකර්මය සිදුකල වෛද්‍යවරුන්ට අනුව ශල්‍යකර්මය සාර්තකව අවසන්ව ඇත. ශල්‍යකර්මය සාර්තකව අවසන් වීමෙන් පසු මෙම බද්ධ කිරීමේ සාර්ථකත්වය දශක ගණනාවක් පුරා විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් දහස් ගණනකගේ උත්සාහයේ කූටප්‍රාප්තිය මෙම ශල්‍යකර්මය බව ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් “Massachusetts රෝහලේ බද්ධ කිරීම සඳහා වන Legorreta මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය Tatsuo Kawa පැවසීය.මෙම බද්ධ කිරිම හරහා වකුගඩු රෝගයෙන් පීඩා විදින මිලියන ගණනක් වූ රෝගීන්ට ජීවත්වීමට තවත් අවස්තාවක් ලබදීම ඔවුන්ගේ අරමුණ බවත් වෛද්‍ය Tatsuo Kawa තවදුරටත් පවසා ඇත.
පසුගිය වසර 5කට වැඩි කාලයක් තිස්සේ විද්‍යාඥයින් සහ ජෛවතාක්ෂනික ආයතන එක්ව මෙම ජාන වැඩිදියුණුකල වකුගඩුව මිනිසෙකුට බද්ධ කිරීමට සුදුසු තත්වයට ගෙන ඒම සඳහා කටයුතු කර ඇත. එහිදී විද්‍යාඥයින් විසින් මිනිසාට අහිතකර උරන්ගේ ජාන ඉවත් කිරීමටත්, මිනිසුන්ට ආසාදන ඇති කල හැකි retrovirus එම සතත්ව වකුගඩුවෙන් ඉවත් කිරීමටත් කටයුතු කර ඇත.එමෙන්ම ඕනෑම වකුගඩු ප්‍රතිග්‍රාහකයෙකුට ( Receipient) වකුගඩුව සුදුසු වන ලෙස මිනිස් ජාන ඒ වෙත එක්කිරීමටත් විද්‍යාඥයින් කටයුතු කර තිබේ.
මෙලෙස දීර්ඝකාලීන පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාට බද්ධ කිරීමට සුදුසු පරිදි සකස් කරන ලද වකුගඩු බද්ධ කරන ලද්දේ Richard Slayman නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකුටය.ඒ මාර්තු 16වෙනිදාය.ඔහු වසර 7ක පමණ කාලයක් ඩයලයිසිස් ප්‍රතිකාරය කිරීමෙන් පසුව 2018 වසරේදී වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට මුහුණදුන් නමුත් එසේ බද්ධ කල වකුගඩුවේ ක්රියාාරීත්වය නතර වීම හේතුවෙන් නැවතත් 2023 ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමුවීමට ඔහුට සිදුවිය.
මෙලෙස ජාන තාක්ෂණය ඔස්සේ වැඩිදියුණු කල වකුගඩුවක් බද්ධ කිරීමට කැමැත්ත පල කිරීම සම්බන්දයෙන් අදහස් දක්වමින් Slayman සදහන් කර ඇත්තේ වෛද්‍යවරුන් විසින් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය තමන්ට පැහැදිලි කිරීමෙන් පසු මෙම අවස්ථාව තමන්ට සුවවීමට ලැබෙන අවස්ථාවක් පමණක් නොව වකුගඩු බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින දහස් සංඛ්‍යාත පිරිස් වලට බලාපොරොත්තුවක් ඇති කරන පියවරක් නිසා තමන් මෙම ශල්‍යකර්මයට යොමුවීමට තීරණය කල බව ඔහු පවසා ඇත.
මෙම ශල්‍යකර්මය හා ජාන තාක්ෂණයෙන් සැකසූ ඌරාගේ වකුගඩුව සාර්තක ලෙස ක්‍රියාකරන්නේනම් වකුගඩු බලාපොරොත්තුවෙන් ලේඛන වල දුක්විදින ජනතාවට මෙය විශාල සැනසුම් සුසුමක් වනු ඇත.