සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත දේශගුණික තත්වයක් ඇති රටවල ජීවත් වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණයට වඩා 8%කින් පමණ වැඩි බව UCL සහ London School of Hygiene & Tropical Medicine(LSHTM) හි පරියේෂකයන් විසින් කරන ලද පර්යේෂණයකින් හෙලිවී තිබේ.
එම පර්යේෂණ වලින් හෙලිවන කරුණු අනුව යම්කිසි රටක ආර්ථික තත්වය හෝ වකුගඩු රෝගීන්ට ඇති වෙනත් රෝගී තත්වයන් නොසලකා හැරියත් ඒ එක් එක් රොගීන් ජීවත්වන රටෙහි පරිසර උෂ්ණත්වය එම පුද්ගලයාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකරන බව හෙලිවී තිබේ.
මෙම අධ්‍යයනයේ දී, UCL සහ LSHTM හි පර්යේෂකයන්,දීර්ඝ කාලීන වකුගඩු අකර්මන්‍යතාව සහිත රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම්වලට ඉහළ තාප නිරාවරණයක් බලපාන්නේ කෙසේද යන්න සොයාබැලීම සදහා AstraZeneca ආයතනය විසින් සපයන ලද දීර්ඝකාලීන වකුගඩු අකර්මන්‍යවීම සහිත රෝගීන්ගේ සායනික පරීක්ෂණ දත්ත, තාප දර්ශක දත්ත සමඟ සංසන්දනය කර ඇත. මේ සදහා රටවල් 21 ක පුද්ගලයන් 4,017 ක් යොදාගෙන ඇති අතර,එහිදී රටවල් තෝරාගෙව ඇත්තේ පුළුල් පරාසයක දේශගුණයන් මෙන්ම මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන ජාතීන් මිශ්‍රවන පරිදි වීමද විශේෂත්වයකි.
(මෙම අධ්‍යයනය සදහා යොදාගෙන ඇත්තේ වකුගඩු රෝගී තත්වයක් ඇති රෝගීන් පමණක් වන බැවින් මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් , සාමාන්‍ය වකුගඩු ක්රියාකාරීත්වයක් ඇති පුද්ගලයින්ගේ වකුගඩු වල ක්‍රියාකාරිත්වය කෙරෙහි තාපයේ බලපෑම සම්බනදයෙන් මෙම ප්‍රතිඵල මගින් අවබෝධයක් ලබාගත නොහැකිය.)
ඒ අනුව ගෝලීය උණුසුම ඉහළ යාම මිනිසුන්ට වර්ධනය වන තර්ජනයක් බවට පත්වෙමින් තිබේ. කාර්මික විප්ලවයට පෙර පැවති සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය වඩා මේ වන විට ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.1කින් වැඩිවී ඇති බව වාර්තා වෙයි. විද්යාඥයින්ගෙේ මතයට අනුව ජීවත්වීමට සුදුසු දේශගුණයක් පවත්වා ගැනීමට නම් හා ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර දේශගුණික බලපෑම් මඟහරවා ගැනීමට නම් මෙම උෂ්ණත්ව ඉහළ යාම සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් තබාගත යුතු නමුත් මෙ වන විට ඇති තත්වය අනුව වසර 2100 වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් වැඩි වනු ඇති බවයි.
මේ වන විට ලොවපුරා පවතින දේශගුණික වෙනස්වීම් හේතුවෙන් ඉදිරියේදී පාරිසරික උෂ්ණත්වය ඉහල යාම වකුගඩු රෝගීන්ට බරපතල ගැටළුවක් වන බව නොඅනුමානය.
මූලාශ්‍රය :- https://www.news-medical.net/news/20240405/Hot-climates-worsen-chronic-kidney-disease-outcomes.aspx
.